{"title":"Academics","description":"","products":[{"product_id":"kalawa-kumakatada-කලාව-කුමකටද","title":"Kalawa Kumakatada - කලාව කුමකටද?","description":"\u003cp\u003e\u003cspan\u003eසමාජයකට මානව ශාස්ත්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eර විෂයයන් අවශ්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eය වන්නේ ඇයිද යන්න ගැඹුරින් විමර්ශනට ලක් කෙරෙන කෘතියකි. මූල්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eයමය නොවන මනුෂ්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eය වටිනාකම්හි පැවැත්ම වෙනුවෙන් මානවශාස්ත්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eර අධ්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eයාපනයේ \u003c\/span\u003e\u003cspan class=\"html-span xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\"\u003e\u003ca class=\"html-a xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\" tabindex=\"-1\"\u003e\u003c\/a\u003e\u003c\/span\u003e\u003cspan\u003eවැදගත්කම මේ කෘතියේ අවධාරණය කෙරෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47138044969186,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/29.jpg?v=1763835474"},{"product_id":"පි-බී-මීගස්කුඹුර-ලේඛනාවලි","title":"P B Meegaskumbura Lekhanawali - පි.බී. මීගස්කුඹුර ලේඛනාවලි","description":"\u003cp\u003eමහාචාර්ය මීගස්කුඹුරයන් ලියා ඇති කුඩා ලිපියක් වුවද ඉතා වටිනාකමෙන් යුක්ත බව කියවන්නෝ දනිති. එතුමන් විසින් මුල් කාලයේදී සුසම්පාදිත ඇතැම් වටිනා ලිපි සොයා ගැනීම අද වනවිට සුකර කාර්යයක් නොවේ. ශාස්ත්රීය ලිපි මාර්ගයෙන් මීගස්කුඹුරයන් බෙදා දුන් දැනුම් සම්භාරය විනාශ වී යාම වළකන අටියෙන් හා එතුමාගේ ශාස්ත්රීය සේවයට දක්වන උපහාරයක් වශයෙන් සිංහල හා ඉංග්රිරිසි යන භාෂාද්වයෙන්ම සම්පාදිත ලිපි එක්කොට යළි මුද්රණය කර ඇත.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196435415266,"sku":null,"price":3500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Lekanawali.jpg?v=1767781648"},{"product_id":"ketha-saha-pinketha-කෙත-සහ-පින්කෙත","title":"Ketha Saha Pinketha - කෙත සහ පින්කෙත","description":"\u003cp\u003eමෙම කෘතිය මෙරට බෞද්ධ විහාර පසුබිමේ පැවති ආර්ථිකය එහි ආරම්භක සියවස් පහක කාලය පිළිබඳ අභිලේඛන සහ බහුවිධ මූලාශ්රය පදනම් කොටගත් පුළුල් අධ්යයනයක ප්රතිඵලයකි- වෙහෙර විහාරවල විකාශනය සමග ඒවා, දේපළ හිමි ආයතන බවට පත්වීම, සංඝ සමාජය ඊට අනුගත වීම හා ඒ ඔස්සේ භික්ෂු ජීවන සම්ප්රදායේ විවිධ අංශවල ඇති වූ පරිවර්තන මෙහි ගැඹුරින් සාකච්ඡාවට ලක්කර තිබේ\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196445573346,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KethashaPinketha.jpg?v=1767781464"},{"product_id":"patitha-පඨිත","title":"Patitha - පඨිත","description":"\u003cp\u003e2002 හා 2012 අතර කාලයේ ශ්රී ලංකාවේ සමාජීය විද්යාර්ථීන් අතර ප්රකටව පැවති ලිපි සංග්රහයක් වන පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි, 2020 වසරේ සිට නැවත ප්රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ. \u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196469887202,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Patitha.jpg?v=1767781796"},{"product_id":"romanthika-premaye-lankika-gathikayan-soya-yama-රෝමාන්තික-ප්‍රේමයේ-ලාංකික-ගතිකයන්-සොයා-යාම","title":"Romanthika Premaye Lankika Gathikayan Soya Yama - රෝමාන්තික ප්‍රේමයේ ලාංකික ගතිකයන් සොයා යාම","description":"\u003cp\u003eමෙහිදී කතුවරයන්ගේ විමසුම් ඇස නාභිගත වන ප්රශ්නාර්ථය වන්නේ නූතන රෝමාන්තික ප්රේමයත් ඥාතීත්ව ආදරයත් අතර දෝලනයක්, ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, කරුමක්කාරයෝ, දෙපා නොලද්දෝ, යළි උපන්නෙමි සහ ගන්ධබ්බ අපදානය යන නවකතා හා කෙටිකතා මාලාව විසින් විෂද කරනු ලබයිද යන්නයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196497346786,"sku":null,"price":400.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/RoamnthikaPremaya.jpg?v=1767782479"},{"product_id":"sinhala-bhasha-sammathakaranaya-සිංහල-භාෂා-සම්මතකරණය","title":"Sinhala Bhasha Sammathakaranaya - සිංහල භාෂා සම්මතකරණය","description":"\u003cp\u003e1968 වර්ෂයේ දී සම්මත සිංහල කමිටුවක් පිහිටුවන ලද්දේ එවකට අධ්යාපන හා සංස්කෘතික අමාත්ය අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල විසිනි. එම කමිටුව මගින් සම්පාදනය කරන ලද සම්මත සිංහල කමිටු වාර්තාව, සිංහල භාෂා සම්මතකරණය සම්බන්ධ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. 1969 වර්ෂයේ දී මෙම වාර්තාව සංශෝධන සහිත ව නැවත නිකුත් වන්නේ වාර්තාවෙහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් වාද-විවාද පැන නැගීමත් සමග ය.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196541124834,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SinhalaBashaSammathakaranaya.jpg?v=1767782386"},{"product_id":"uwa-rangakala-sampradaya-ඌව-රංග-කලා-සම්ප්‍රදාය","title":"Uwa Rangakala Sampradaya - ඌව රංග කලා සම්ප්‍රදාය","description":"\u003cp\u003eඌවේ රංග සම්ප්රදාය හුදු ශාන්තිකර්ම අබිබවා නාට්ය කලාවක් බවට වර්ධනය වී තිබුණු බවට ගවේෂණාත්මක විමර්ශනයක යෙදෙන ශ්රාස්ත්රීය ග්රන්ථයකි. විශේෂයෙන් රජගල පුරාවිද්යා පරිශ්රයෙන් හමුව ඇති සෙල්ලිපි ආශ්රිතව කතුවරයා මේ මතය සහේතුකව පෝෂණය කරයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196542796002,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/UwaRangaKalaSampradaya.jpg?v=1767782443"},{"product_id":"gee-madu-puranaya-ගී-මඬු-පුරාණය","title":"Gee Madu Puranaya - ගී මඬු පුරාණය","description":"\u003cp\u003eගී මඩු පුරාණය නම් මෙම ග්රන්ථය නර්තනය සහ සාහිත්ය යන මාධ්ය දෙක එක් කෙරුණු අධ්යයනයක ප්රථිඵලයකි. දේශීය නර්තන සංස්කෘතියට ලැබුණු භාරතීය ආභාසය මෙහි මැනවින් සංවාදයට ලක්ව ඇත. මෙය රංගකලාව සහ සාහිත්යය සම්බන්ධ උනන්දුව ඇති විද්යාර්ථින්ට, උපාධි අපේක්ෂක-අපේක්ෂිකාවන්ට ඉතාම වැදගත් ග්රන්ථයක\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196543942882,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/GeeMaduPuranaya.jpg?v=1767781370"},{"product_id":"awyajathwaye-deshapalanika-alankariya-අව්‍යාජත්වයේ-දේශපාලනය-සහ-ආලංකාරිකය","title":"Awyajathwaye Deshapalanika Alankariya - අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය","description":"\u003cp\u003eඕනෑම රටක ජනවාර්ගික ජාතිකවාදයෙහි එක් අංගයක් වන්නේ ඒ ජනවර්ගයට අදාළ වූ ‘පවිත්ර’ ‘නුමුහුන්’, ‘සැබෑ’ හෝ ‘අමිශ්ර’ හෙවත් අව්යාජ ස්වරූපයක් ඇත යන අදහසය. සිංහල ජාතිකවාදය ඇසුරින් මෙහි පෙන්වා දෙන්නේ එවැනි ‘පරම අව්යාජත්වය’ යැයි කියා දෙයක් නොපවතින බවයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196546826466,"sku":null,"price":1400.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/AwyajathawayeDeshapalanatah.jpg?v=1767781152"},{"product_id":"tharuna-nawakathakaruweku-wetha-තරුණ-නවකතාකරුවෙකු-වෙත","title":"Tharuna Nawakathakaruweku Wetha - තරුණ නවකතාකරුවෙකු වෙත","description":"\u003cp\u003eජර්මානු කිවි රේන මරියා රිල්කගේ ‘තරුණ කවියකු වෙත ලියුම්’ කෘතිය ආදර්ශයට ගෙන කාල්පනික තරුණ නවකතාකරුවෙකු වෙත ලියන ලියුම් මාලාවක් සේ මෙම කෘතිය සංග්රහය කරන මරියෝ වර්ගාස් යෝසා නොබෙල් ත්යාගලාභී ලේඛකයෙකි. ඔහු මෙම ලියුම්වලදී මෙකල ලෝකයෙහි භාවිත වන සියලු නවකතා\u003cbr\u003eරචන ප්රයෝග පායේ ආවරණය කරයි. පැහැදිලි, මුදු බසින් ආධුනික රචකයා අමතයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196569141474,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/TharunaNawakathakaruwakuwetha.jpg?v=1767782418"},{"product_id":"liyana-kalawa-saha-rachana-widi-krama-ලියන-කලාව-සහ-රචනා-විධි-ක්‍රම","title":"Liyana Kalawa Saha Rachana Widi Krama - ලියන කලාව සහ රචනා විධි ක්‍රම","description":"\u003cp\u003eලියන කලාව සහ රචනා විධික්රම යනු විශ්වවිද්යාලය ඇතුළු උසස් අධ්යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත්රීය ලේඛනය පිළිබඳ සන්නිදර්ශනාත්මක අත්පොතකි. එවැන්නක් පිළිබඳ දිගු කලක සිට පැවති අඩුවක් මේ පොතෙන් සපිරේ. මානව ශාස්ත්ර සමාජීය විද්යා විෂය ක්ෂේත්රයෙහි ශිෂ්ය ශිෂ්යාවන්ට පමණක් නොව\u003cbr\u003eආචාර්යවරුන්ටද මේ පොත බෙහෙවින් ප්රයෝජනවත් වනු ඇත.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196569403618,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/LiyanaKalawa.jpg?v=1766380929"},{"product_id":"kalawa-saha-minisa-කලාව-සහ-මිනිසා","title":"Kalawa Saha Minisa - කලාව සහ මිනිසා","description":"\u003cp\u003eකලාවෙහි ස්වභාවය, රසවිඳින හැටි, එහි දාර්ශනික පසුබිම ආදිය ගැන, කවිය, සංගීතය, චිත්ර සහ මූර්ති කලාව ගැන නිර්මාණ අගය කරන සැටි හඳුන්වා දෙමින් ලියන ලද සරල වූ ද ව්යක්ත වූ ද හැඳින්වීමකි. කලාවට හිතැති පොදු පාඨකයන්, විශ්වවිද්යාල ආචාර්යවරුන්, පාසල් ගුරුවරුන්, කලා විචාරකයින් සහ නිර්මාණකරණයෙහි යෙදෙන අය නැවත-නැවත කියවිය යුතු පොතක් බව කතුවරයා සඳහන් කරයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196571566306,"sku":null,"price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KalawashaMinisa.jpg?v=1767781414"},{"product_id":"jeewawasika-wicharaya-ජීවවාසික-විචාරය","title":"Jeewawasika Wicharaya - ජීවවාසික විචාරය","description":"\u003cp\u003e21 වන සියවසේ මුල සිට ලොව පුරා නැගී එන අභිනව සාහිත්ය - කලා විචාර ව්යාපාරයක් ප්රථම වරට මෙම කෘතියෙන් සිංහල පාඨකයාට හඳුන්වා දෙයි. ෑජදජරසඑසජසිප යනුවෙන් එය ඉංග්රිසි බසින් නාමකරණය වෙයි. සියල්ල අන්තර් සම්බන්ධිතද එකිනෙකා කෙරෙහිද වූ පැවැත්මක් විෂයෙහි මෙම විචාර සංකල්පය සාවධාන වෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196598337762,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/JeewawasikaWicharaya.jpg?v=1766386080"},{"product_id":"desum-dahayak-දෙසුම්-දහයක්","title":"Desum Dahayak - දෙසුම් දහයක්","description":"\u003cp\u003eකතුවරයා විසින් දශක තුනකට වැඩි කාලයක් තුළ විවිධ මහජන හා ශාස්ත්රීය අවකාශවල පවත්වන ලද දෙසුම් අතරින් තෝරාගන්නා ලද දේශන දහයක් ඇතුළත් කෘතියකි. ඒවා තෝරාගෙන ඇත්තේ ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් හා සමාජ ක්රියාකාරීත්වයට අදාළ භූමියේ හරස්කඩක් නියෝජනය වන ආකාරයටය. එකී දෙසුම්වල අන්තර්ගතය ලාංකේය සමාජයේ දිශානතිය කෙරෙහි විග්රහාත්මක වීමත් ඒ පිළිබඳ යෝජනාත්මක වීමත් යන දෙඅංශයෙන්ම සුසැඳුණකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196616556770,"sku":null,"price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/desumdahayak.jpg?v=1766387019"},{"product_id":"karl-marxs-pragdhanaya-කාල්-මාක්ස්ගේ-ප්‍රාග්ධනය","title":"Karl Marx's Pragdhanaya - කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය","description":"\u003cp\u003eකාල් මාක්ස්ගේ දේශපාලන ආර්ථික විද්යාව පිළිබඳ සිංහලෙන් පැහැදිලි කෙරෙන සංක්ෂිප්ත ග්රන්ථයකි. විශේෂයෙන්ම මාක්ස්ගේ සංකල්ප පිළිබඳ ඇති අනවබෝධය දුරලමින් ඒවා පිළිබඳ අවබෝධයබ පුළුල් කිරීම මෙම කෘතියේ අරමුණයි. කතුවරයාම පවසන පරිදි ‘මේ පොත ලියවෙන්නේ මාක්ස්ගේ සියලු ආර්ථික\u003cbr\u003eවිද්යා ලියවීමට කාලය මිඩංගු කළ නොහැකි වැඩ බහුල ජනයාටය’.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202020655330,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KarlMax.jpg?v=1767781440"},{"product_id":"prathimanana-nandana-weerasinghe-tribute-edition-ප්‍රතිමානන-නන්දන-වීරසිංහ-උපහාර-කලාපය","title":"Prathimanana (Nandana Weerasinghe Tribute Edition)  - ප්‍රතිමානන (නන්දන වීරසිංහ උපහාර කලාපය)","description":"\u003cp\u003eප්රකට සිංහල කවියෙකු වන නන්දන වීරසිංහ ගත් කාව්ය මග පිළිබඳ විචාරක්ෂියෙන් ලියැවුණු ශාස්ත්රීය සහ උපහාර ලිපි සමුච්චයකි. විචාරකයින්, ලේඛකයින් සහ විද්වතුන් ලෙස කීර්යක් උසුලන සහෘද පිරිසක් විසින් ලියැවී ඇති මේ අනගි ලේඛනාවලිය නන්දන කවිමග පිළ තවත් පරපුරකට පහදා දීමක්ද වෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202058633442,"sku":null,"price":3000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Prathimanana.jpg?v=1767782326"},{"product_id":"april-nagiteem-gana-april-satahan-අප්‍රේල්-නැගිටීම්-ගැන-අප්‍රේල්-සටහන්","title":"April Nagiteem Gana April Satahan - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්","description":"\u003cp\u003eඅනාගත දේශපාලන සංවිධානය වීමකදීද ලාංකික දේශපාලන ව්යාපාරයක් මුහුණ දීමට නියමිත අනිවාර්ය දේශපාලන ගැටලු තේමා කරගනිමින් 2022 අප්රේල් නැගිටීම් පිළිබඳ දේශපාලන කියැවීමක යෙදෙන්නට මේ පොතෙන් උත්සාහ කරයි. මෙය අප්රේල් සිදුවීම් සිදුවන අතරේ දැරූ සජීවි විශ්ලේෂණ උත්සාහයක ප්රථිඵලයක් ලෙස ද හැඳින්විය හැකිය.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202085568738,"sku":null,"price":500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/AprilNegiteema.jpg?v=1767780942"},{"product_id":"l-v-a-de-mal-dakunu-asiyathika-puravidyawe-maha-kaneemkaruwa-ඇල්-වී-ඒ-ද-මැල්-දකුණු-ආසියාතික-පුරාවිද්‍යාවේ-මහා-කැනීම්කරුවා","title":"L V A de Mal: Dakunu Asiyathika Puravidyawe Maha Kaneemkaruwa - ඇල්.වී.ඒ. ද මැල් දකුණු ආසියාතික පුරාවිද්‍යාවේ මහා කැනීම්කරුවා","description":"\u003cp\u003eඇල් වී ද මැල් පුරාවිද්යා නිලධාරි තනතුරට පත් විදග්ධයෙකි ස්තරවිද්යාව පිළිබඳ ප්රශස්ත දැනුමක් මහපොළොව හා ගතකිරීමෙන් ලද්දෙකි. ඔහුගේ දැනුම හා අත්දැකීම් පිළිබඳ අවධානයෙන් රචනාවූ කෘතියකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202087272674,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/LVADeMel.jpg?v=1767781718"},{"product_id":"wimasumaka-asiriya-විමසුමක-අසිරිය","title":"Wimasumaka Asiriya - විමසුමක අසිරිය","description":"\u003cp\u003eභෞතික විද්යාවේ විවිධ කලාපයන් ඇසුරු කරගත් මෙම කෘතිය ඔබ වෙත ගෙන එන්නේ ඉතිහාසය පුරා ලෝකයේ විවිධ තැන්වල විසූ මිනිසුන් පිරිසකගේ එම තාර්කික විමර්ශනයේ කතාවයි. එසේම එය, කාලයේ සහ අවකාශයේ විවිධ තැන්හි බිහිවූ විද්යාත්මක සංකල්ප, ඊට පදනම් වූ චින්තන රාමු සහ යුගයෙන් යුගයට එම\u003cbr\u003eසංකල්ප තව දුරටත් වැඩි දියුණු වූ ආකාරය පිළිබඳ කතාවක්ද වෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202088485090,"sku":null,"price":2500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/VimasumakaAsiriya.jpg?v=1767861742"},{"product_id":"bharathaye-bauddha-urumaya-nawatha-soya-ganeema-භාරතයේ-බෞද්ධ-උරුමය-නැවත-සොයා-ගැනීම","title":"Bharathaye Bauddha Urumaya Nawatha Soya Ganeema - භාරතයේ බෞද්ධ උරුමය නැවත සොයා ගැනීම","description":"\u003cp\u003eයටත්විජිත පාලන සමයේදී සිවිල් සහ පරිපාලන නිලධාරීන් මෙන්ම ඉක්බිතිව වෘත්තීමය පුරාවිද්යාඥයන් විසින් භාරතීය පුරාවිද්යා ඉතිහාසය විධිමත්ව අධ්යයනය කිරීම සඳහා අධිෂ්ඨානශීලී හා ධෛර්යසම්පන්න කැපකිරීම් මඟින් මූලික පදනම ඇති කළ අයුරු ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් විසින් මෙම ශාස්ත්රීය ග්රන්ථය මඟින් පැහැදිලි කර ඇත. යටපත්ව තිබූ බෞද්ධාගම භාරතයේ යළි ස්ථාපිත වීම පිළිබඳ ඉතිහාසය තුළ එන අප්රකට තොරතුරු ගෙනෙන මෙය පුරාවිද්යා ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් දක්වන ශාස්ත්රීය උගතුන්ට සේම පාඨක ජනතාවට බෙහෙවින් ප්රයෝජනවත් කෘතියකි..\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202104115426,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/BaratheeyaBauddaUrumaya.jpg?v=1767781293"},{"product_id":"puravidya-rachana-පුරාවිද්යා-රචනා","title":"Puravidya Rachana - පුරාවිද්යා රචනා","description":"\u003cp\u003eපුරාවිද්යා ගවේෂණ සහ ඒ ඔස්සේ හෙළිකරගත් හා වෙනසට බඳුන් වූ මතිමතාන්තර පිළිබඳ මෙන්ම ඉතිහාස කරුණු විවරණය වන ලිපි පෙළකි. මෙහි විශේෂත්වයක් නම් කතුවරයා අධිපතිවාදී මතවාද සමග වහල් භාවයකින් නොයුතුව, විචාරාත්මකව මෙම ලියවිලි රචනා කොට තිබීමයි. මෙය පුරාවිද්යා විෂය හදාරන්නන්ගේ මෙන්ම ඉතිහාසය පිළිබඳ ඇල්ම ඇති අයගේ සහ එහි නිරතවන්නන්ගේද දැනුම පුළුල් කරන කෘතියකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202105622754,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/PuravidayaRacahana.jpg?v=1767782513"},{"product_id":"vishwavidyalaya-yanu-kumakda-විශ්වවිද්‍යාලය-යනු-කුමක්ද","title":"Vishwavidyalaya Yanu Kumakda? - විශ්වවිද්‍යාලය යනු කුමක්ද?","description":"\u003cp\u003eවිශ්ව විද්යාලය යනු කුමක් විද්යා කුමක්ද කුමක් විය යුතුද යන ප්රශ්න මේ පොතත් අසනු ලබන්නේ උසස් අධ්යාපනය පිළිබඳ ලෝක පරිමාණ කතිකාවක් තුළට ලංකාවේ විශ්ව විද්යාල අධ්යාපනය ඇතුළත් කරමිනි. තියුණු විචාරාත්මක ස්වරයකින් මෙන්ම කුළුපග සහෝදරත්වයේ උණුසුමකින් පාඨකයා අමතන මෙම කෘතිය උසස් අධ්යාපනයෙහි එක එකින්ද්රිය. ගුණයක් විය යුතු නිදහස සාධනය සම්බන්ධයෙන් විශ්ව විද්යාල අධ්යාපයෙහි කාර්යභාරය හඳුන්වා දෙයි. ලංකාවට තරමක් අලුත් නිදහස්කාරක අධ්යාපන සංකල්ප පිළිබඳ සනිදර්ශනාත්මක සාකච්ඡාවක් පොත පුරා දිවෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202336669922,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WiswaVidyalayakYanuKumada.jpg?v=1767782567"},{"product_id":"balaya-kewal-kireema-බලය-කේවල්-කිරීම","title":"Balaya Kewal Kireema - බලය කේවල් කිරීම","description":"\u003cp\u003eබලය කේවල් කිරීම සහ ජාතිය ගොඩනැඟීම ් යන මෙම කෘතිය ශ්රී ලාංකේය ඉංජිනේරු ක්ෂේත්රය ශ්රී ලංකාවේ ජාතිකවාදය හා සම්බන්ධ කොට සාකච්ඡා කෙරෙන පළමු පුළුල්ම ව්යායාමයයි. එකිනෙකට බොහෝ සේ වෙනස් ඉංජිනේරු වැඩබිම් තුනක් තෝරාගන්නා මෙම කෘතිය 'ඉංජිනේරු ක්ෂේත්රය’ යන්නෙහි අර්ථය ප්රසාරණය කරන අතර \"ඉංජිනියරින් අපගේ ලේවල ඇත” යන සිංහල ජනයා අතර ජනප්රිය ප්රකාශය යළි සලකා බලමින් මෙම අදහස කාලයත් සමඟ ගොඩනැඟුණේ, වෙනස් වූයේ, සහ සංශෝධනය වූයේ කෙසේද සහ ඇයිද යන්න පෙන්වා දෙයි. තාක්ෂණය පිළිබඳ ගැඹුරු ගවේෂණයක් සහ පසුගිය සියවසට අයත් ශ්රී ලංකාව පිළිබඳව තියුණු සමාජ-දේශපාලනික විමර්ශනයක් ඔස්සේ කතුවරයා වර්ධනය වෙමින් පවතින අධ්යයන ක්ෂේත්රයකට අලුත් අවබෝධයක් ගෙන එයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202339455202,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/BalayaKewalKireema.jpg?v=1767781197"},{"product_id":"gauthama-budun-wahanse-ගෞතම-බුදුන්වහන්සේ","title":"Gauthama Budun Wahanse - ගෞතම බුදුන්වහන්සේ","description":"\u003cp\u003eබුදුන් වහන්සේ වැඩ වාසය කළ කාලයෙහිදී ඉන්දියාවේ පැවති සොළොස්මහා ජනපද පමණක් නොව බුද්ධ චරිතය සමඟ ඉතා සමීපව බැඳී තිබුණු ස්ථාන අතිවිශාල සංඛ්යාවක්ද මේ වන විට ඉතා නිවැරදිව හදුනා ගෙන තිබේ. පසු අවධීත්හිදී වෙනත් රටවල සිටි බෞද්ධයින් එවැනි ස්ථාන දැක බලා ගැනීම පිණිස ඉන්දියාවට පැමිණි එම තැන්වල පැවති ඓතිහාසික වැදගත්කම පිළිබදව පමණක් නොව ඒවායෙහිදී ඔවුන් සියැසින් දැක ඇති දෑ ගැනද තම වාර්තාවන්හි හොදින් කරුණු විස්තර කොට තිබෙනු දක්නට ලැබේ.\u003c\/p\u003e\n\u003cp\u003eඑවැනි රටවලදී රචනා කොට තිබෙන බෞද්ධ ග්රන්ථ සමූහයයෙත් මේ හා සම්බන්ධ තවත් තොරතුරු රැසක් ඉදිරිපත් කොට ඇති බව පෙනේ.  බුදුන් වහන්සේගේ ඓතිහාසිකත්වයන් උන්වහන්සේගේ ඉන්දියානු සම්බන්ධයත් හොඳින් පැහැදිලි කොට ඊට එරෙහිව ඉදිරිපත් කොට ඇති දුර්මිත ඓතිහාසික සහ පුරාවිද්යාත්මක කරුණු ඇසුරින් සිසිදු පදනමකින් තොර නිසැකවම සාවද්ය ඒවා වන බව පෙන්වා දීම සඳහාම මෙම ග්රන්ථය රචනා කොට තිබේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202344173794,"sku":null,"price":1800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/GauthamaBudunwanahase.jpg?v=1767781346"},{"product_id":"darshanaya-nuthana-lokaya-seemakaleena-lokaya-දර්ශනය-නූතන-ලෝකය-කහ-සීමකාලීන-ලෝකය","title":"Darshanaya : Nuthana Lokaya Seemakaleena Lokaya - දර්ශනය:  නූතන ලෝකය කහ සීමකාලීන ලෝකය","description":"\u003cp\u003eදර්ශනය වැනි විෂයක අන්තර්ගත සංකීර්ණතාව සහ දුරවබෝධ බව එය පොදු සමාජයෙන් බොහෝ දුරස්ථව පැවතීමට ප්රධාන වශයෙන් බලපා තිබේ. මෙම කෘතියෙහි අරමුණ වන්නේ එකී දුරස්ථ බව අවම කිරීම වේ. ඒ අනුව, මෙහිදී නූතන ලෝකය (ක්රි.ව. 1900-1950) සහ සමකාලීන ලෝකය (ක්රි.ව. 1950 සිට වර්තමානය) නියෝජනය කරන දාර්ශනිකයන් පනස් දෙදෙනෙකු විසින් ලොව හමුවේ තබන ලද ගැඹුරු සංකල්ප පාඨකයන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට සරලව ඉදිරිපත් කෙරේ.\u003c\/p\u003e","brand":"Nine","offers":[{"title":"Default Title","offer_id":47291421229282,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Darshanaya.jpg?v=1767862046"},{"product_id":"sandas-kedapatha-සඳස්-කැඩපත","title":"Sandas Kedapatha - සඳස් කැඩපත","description":"\u003cp\u003eපද්යකරණයේ දී ආකෘතික රම්යත්වය දියුණු කර ගැනීම සඳහා අනුශාසනා සපයත එලු සඳස් ලකුණ ඇතුළු කෘති කිහිපයක් සිංහල සාහිත්ය ඉතිහාසයේ හමු වේ. මේ මූලික ග්රන්ථ පාදක කර ගනිමින් සෙසු ශාස්ත්රීය ලිපි රාශියක් ද ප්රකාශිතය. පද්යකරණයේ දී එහි ශාස්ත්රීය බව තීව්ර වන්නේ සාම්ප්රදායික ඥානය ප්රගුණ කිරීමෙනි. ඡන්දස් හා වෘත්ත භාවිතයේ ඇති තර්කානුකූල පසුබිම මේ කෘතියෙහි ශාස්ත්රීය විග්රහයකට ලක් කෙරේ. එහි මූළික සංකල්ප පිළිබඳ අර්ථාන්විත ව කෙරෙන විග්රහය ප්රශස්ත ය. ඡන්දස් ශාස්ත්රයේ භාවිත වන ඡන්දසික ලක්ෂණ, භාෂාත්රයෙන් ලියැවුණු ඡන්දස් කෘතිවල විවිධතා සමග තුලනය කරමින්, ඒ පිළිබඳව ඉදිරිපත් වූ මතවාද එකිනෙක සංසන්දනය කරමින්, න්යායාත්මක ව විග්රහ කොට තිබීම විද්යාර්ථින්ට මෙන් ම පර්යේෂකයන්ට ද අත්වැලකි. සිංහල ඡන්දස් ශාස්ත්රය විමර්ශනය කිරීමේ දී අනුරාධපුර යුගයේ පටන් සම්පාතීතය දක්වා ලියැවුණු දුර්ලභ ප්රාමාණික මුලාශ්රය රැසක් යොදා ගෙන ඇත. කතුවරයාගේ අවසන් තර්කය වනුයේ ඡන්දස හා වෘත්තය යනු පද්යයේ මූලිකාංග බවත්, එය අර්ථාන්විත ව යොද ගැනීමෙන් පද්යයෙහි විශිෂ්ටත්වය මතු කර ගත හැකි බවත් ය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eතරුණ කාලයේ දී ම ශාස්ත්රීය ලිපි හා පර්යේෂණ පත්රිකා රාශියක් ප්රකාශයට පත් කර ඇති කතු හිමි නූතන පද්ය නිර්මාණයෙහි ලා ද විශිෂ්ට කුසලතා දක්වයි. ශ්රී ලංකා රජරට විශ්ව විද්යාලයේ භාෂා අධ්යයනාංශයේ සහාකාර කථිකාචාර්යවරයකු ලෙස වර්තමානයේ සේවය කරන කිඹියේ අනුරුද්ධසිරි හිම්ගේ අභිනව ශාස්ත්රීය සම්ප්රදානය වන 'සඳස් කැඩපත' කෘතිය ශාස්ත්ර වන්තයන්ගේ අභිවාදනයට ලක් විය යුත්තකි.\u003c\/p\u003e\n\u003cp\u003eමහාචාර්ය පූජ්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි, \u003cbr\u003eඅංශාධිපති, භාෂා අධ්යයනාංශය, \u003cbr\u003eශ්රී ලංකා රජරට විශ්ව විද්යාලය.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47294625513698,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SandesKedapataha.jpg?v=1767937604"},{"product_id":"manawa-sambadatha-naha-me-welawe-මානව-සබඳතා-නැහැ-මේ-වෙලාවේ","title":"Manawa Sambadatha Naha Me Welawe - මානව සබඳතා නැහැ මේ වෙලාවේ","description":"\u003cp\u003eමහත්වරුනි, නිරපේක්ශ නිදහසක් ගැන නුඹලා කරන කතා අමූලික කුහකකමක්. ධනයේ බලය මත පදනම් වූ සමාජයක වැඩ කරන ජනතාවගේ බහුතරය දුගී භාවයේ ගිලී සිටින අතර අතලොස්සක් වූ ධනපතියන් පරපෝශිතයන් ලෙස ජීවත්වන සමාජයක යථාර්ථවාදී සහ සැබෑ නිදහසක් තිබිය නොහැක.\u003c\/p\u003e\n\u003cp\u003eදේශපාලනයේදී මිනිසුන් හැමදාමත් මුග්ධ ලෙස රැවටිල්ලට ගොදුරු වෙනවා. සියලු සදාචාර, ආගමික, දේශපාලන හා සමාජ න්යායන්, ප්රකාශන හා පොරොන්දු පිටුපස තිබෙන කිසියම් එක් හෝ අනික් පංති අවශ්යතා සොයා තේරුම් ගැනීමට මිනිසුන් ඉගෙනගන්නා තෙක්ම ඔවුන් තවදුරටත් එසේ රැවටීමට බඳුන් වෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003e(ලෙනින්)\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":47348848296162,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/COMINGSOON_1.png?v=1768554239"},{"product_id":"sinhala-jathiye-wanshakathawa-sansararanyaya-saha-simon-nawagattegama-සිංහල-ජාතියේ-වංශකතාව-සංසාරාරණ්‍යය-සහ-සයිමන්-නවගත්තේගම","title":"Sinhala Jathiye Wanshakathawa - Sansararanyaya Saha Simon Nawagattegama | සිංහල ජාතියේ වංශකතාව - සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම","description":"\u003cp\u003e'...තවමත් මෙරට ශාස්ත්රාලයීය අධ්යාපනය තුළ ඉහළම අදියරේදී වුවත් සාහිත්ය කෘතියක් කියවන්නේ චරිත නිරූපනය, සන්දර්භය වැනි අංග මතුපිටින් හඳුනා ගැනීමෙන් පමණි. එහෙත් සමන් ඉන් ඔබ්බට ගමන් කරමින් රෝලන්ඩ් බාත්, ෆූකෝ වැනි නූතනවාදයෙන් ඔබ්බට ගමන් කළ විචාරකයින් සහ ෆ්රොයිඩ්, කාල් යුං වැනි මනෝ විද්යාඥයන්ගේ න්යායයන් උපයෝගී කොට ගැනීම අගය කළ යුතු තත්වයකි. ගනනාථ ඔබේසේකර වැනි විශිෂ්ට පර්යේෂකයන්ගේ ලියවිලි වලින් මෙහිදී සමන් ආලෝකයක් ලබාගන්නා බව පෙනේ.\u003c\/p\u003e\n\u003cp\u003e...ප්රාග් ඓතිහාසික ගවේෂණ පිළිබඳ දැරණියගලගේ මතය වෙත යාම, වන්නි ප්රදේශයේ නවගත්තේගම අනුභූතික දත්ත ලබා ගැනීමට ප්රාදේශීය ලේකම් චන්ද්ර සිරි බංඩාර සමග එක්ව කටයුතු කිරීම තම න්යායාත්මක දේ ක්ෂේත්රයේ දකින්නට උත්සාහ කළ පර්යේෂකයකුගේ ගුණාත්මක බව කියාපායි...'\u003c\/p\u003e\n\u003cp\u003eචින්තක රණසිංහ, සිංහල අංශය - කැළණිය විශ්ව විද්යාලය\u003c\/p\u003e","brand":"Nine","offers":[{"title":"Default Title","offer_id":47423184437474,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SinhalaJathiyeWanshakathava.jpg?v=1773294992"},{"product_id":"sri-lankeya-baudda-aramika-purawidyawa-ශ්‍රී-ලාංකේය-බෞද්ධ-ආරාමික-පුරාවිද්‍යාව","title":"Sri Lankeya Baudda Aramika Purawidyawa - ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්‍යාව","description":"\u003cp\u003eශ්රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්යාව (ක්රි පූ 03 සියවසේ සිට ක්රිව 05 සියවස දක්වා) නමැති මෙම ග්රන්ථය ශ්රී ලංකාවේ බෞද්ධ ආයතනික වර්ධනය යන තේමාව යටතේ සිදු කරන ලද අභිලේඛන මූලික පර්යේෂණයක ප්රතිපලයකි තේමාව දෙස පමණක් බලන්නෙකුට එය බෙහෙවින් සාම්ප්රදායික වුත් යල් පැනගියා වුත් එකක් සේ පෙනී යාමට ඉඩ තිබේ. එහෙත් පර්යේෂණයක වැදගත්කම තීරණය වනුයේ එය සාකච්ඡා කර ඇති වාර ගණන අනුව නොව ඒ සාකච්ඡා ගොඩනැංවීම පිණිස භාවිත කර ඇති මුලාශ්රයමය පදනමේ ශක්තිමත් බව හා දෘෂ්ටි කෝණයේ නව්යතාව මතයි අභිලේඛන සාක්ෂ්ය මත වැඩි වශයෙන් පදනම් වෙමින් ද, වෙනත් බහුවිධ මූලාශ්රයන්ගේ ආලෝකය ලබා ගනිමින් ද, යාවත්කාලීන වූ දත්ත සමුදායකින් පෝෂිත ව ඉදිරිපත් කර ඇති මේ ශාස්ත්රීය රචනය කියවන්නෙකුට, විචාරශීලී බුද්ධිමය සාකච්ඡාවක් සඳහා නව ප්රවේශ සම්පාදනය වනු ඇති බවට කිසිදු සැකයක් නැත.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47514005897442,"sku":null,"price":2500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_2.jpg?v=1772679146"},{"product_id":"sinhala-wakkoshaya-ashritha-nuthana-prawanatha-saha-nawa-parimitha-swaroopa-සිංහල-වාක්කෝෂය-ආශ්‍රිත-නූතන-ප්‍රවණතා-සහ-නව-පරිමිත-ස්වරූප","title":"Sinhala Wakkoshaya Ashritha Nuthana Prawanatha Saha Nawa Parimitha Swaroopa - සිංහල වාක්කෝෂය ආශ්‍රිත නූතන ප්‍රවණතා සහ නව පරිමිත ස්වරූප","description":"\u003cp\u003eසමාජ ප්රවණතා සමග භාෂාවෙහි සිදු වන වෙනස් වීම්, භාෂා අධ්යයනයෙහි නියැලෙන්නන්ගේ අවධානයට ලක් විය යුතු ය. සිංහල භාෂාධ්යයන විෂයයෙහි ලාද මෙම යාවත්කාලීන වීම වැදගත් ය. කෙවිඩ් වසංගතය සහ අතථ්ය මුදල් ක්ෂේත්රය ආශ්රිත අදහස් සිංහල භාෂාවෙන් සන්නිවේදනයත් සමග ඒ සඳහා අවශ්ය වාක්කෝෂ ක්රමයෙන් විකාසය වූ ආකාරය. ඒ ඇසුරෙන් හඳුනා ගත හැකි භාෂා ලක්ෂණ වැනි කරුණු මෙන් ම කොවිඩ් වසංගතය සහ අතථ්ය මුදල් ක්ෂේත්රය පාදක කර ගනිමින් සිංහලයෙහි නව පරිමිත ස්වරූප හඳුනා ගැනීම වෙත ද මෙහි ලා අවධානය යොමු කෙරේ.\u003c\/p\u003e\n\u003cp\u003eසිංහල භාෂා අධ්යයනයෙහි නියැලෙන්නන්, සමාජ ප්රවණතා සමග වාක්කෝෂයෙහි ඇති වන ප්රවණතා නොවැදගත් යැයි නොසලකා ඒ සම්බන්ධයෙන් සාවධාන වීම වැදගත් ය. ප්රධාන අංශ දෙකට අමතර ව එවැනි ප්රවණතා කිහිපයක් පිළිබඳ සැකෙවින් ගෙන හැර දැක්වීම ද මෙහි දී සිදු වෙයි. කාලානුරූපී ව සිංහල වාක්කෝෂයෙහි ඇති වන ප්රවණතා විමර්ශනයත් ඒ ඔස්සේ නව පමිත ස්වරූප හඳුනා ගත හැකි ද යන කාරණය පිළිබඳ අවධානය යොමු කිරීමත් සඳහා මෙම කෘතියෙන් ඇයුම් කෙරේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47756487655650,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Vagkoshaya.jpg?v=1777540894"},{"product_id":"parapuraka-jeewaka-පුරපුරක-ජීවක","title":"Parapuraka Jeewaka - පුරපුරක ජීවක","description":"\u003cp\u003eමෙම නවකතාව සඳහා බුදුන් වහන්සේටත් වෙදකම් කළ ජීවතකෝමාරභච්ච වෙදැදුරුතුමා ප්රස්තුන කරගත්තේ වම් චර්තය තුළින් විද්යමාන වන ආයුර්වේද වෙදකමේ මුශ්රිත සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවර්ෂනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද්ය ක්රමයට ලසබන පූජනීය බවත් නිසාය. මහා ඉතිහාසයක් ඇති ඇයුර්වේදය තුළ ජීවක යනු යුග ගණනාවක් එකට යා කරන සමත් පුරුකක් යැයි මට සිතේ.\u003c\/p\u003e\n\u003cp\u003eසියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම් අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙස ය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප්රතිකාර ක්රම, වර්තමානයේ දී සලකනුයේ මෙම ශ්රේෂ්ඨ වෛද්යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි. තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ පිවක කෝමාර භච්චයින් තායි සම්බාහනයේ පියා ලෙස සලකති. චීන ජාතිකයන් ඔහුව සල්කනු ලබන්නේ සියලු පුරාණ වෛද්යවරුන් අතරින් ශ්රේෂ්ඨතමයා ලෙස ය. සංස්කෘත සහ බෙට් අනුවාදය හට අනුව, ජීවක විසින් සිදු කළ වෛද්ය ප්රාතිහාර්යයන් හේතුවෙන් ඔහුව\" වෛද්ය රජු ලෙස තුන් වතාවක් වටකට රාජසභාව විසින් පිළිගෙන නම් කර තිබේ. එ බැවින්, \" තෙවරක් ඔටුනු පැළදි වෛද්යවරයා ලෙස ද ඔහුව හැඳින් වේ.\u003c\/p\u003e\n\u003cp\u003eජීවක දිවි පෙවත තුළ අති දක්ෂ වෙදැදුරෙක් මෙන්ම දැහැමි බොදු උපාසකයෙක් ද සිටී. වෙදැදුරු තුළ සැඟවුණු ආධ්යාත්මික ශක්තිය එම උපාසකයා වීම අවිවාදිත ය. භාග්යවතුන් වහන්සේටත් වෙදකම් කිරීම එක පසෙකි. නිරෝගීකම උදෙසා ශාසනයට උචිත ඇවතුම් පැවතුම් නිර්දේශ කිරීමට තරම් භාග්යවතුන් වහන්සේට සමීප උපාසකයෙක් වීම තවත් පසෙකි. තම භව දුක් නිරෝධය සඳහා ආර්යගාමී වීම මේ සියල්ලටම වඩා උතුම් ගුණයකි.\u003c\/p\u003e","brand":"Rusiyawa Publishers","offers":[{"title":"Default Title","offer_id":47776971391202,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Parapurakajeewaka_1.jpg?v=1778127660"},{"product_id":"lakdiva-kaurawa-janaya-ලක්දිව-කෞරව-ජනයා","title":"Lakdiva Kaurawa Janaya - ලක්දිව කෞරව ජනයා","description":"\u003cp\u003eසිංහල සමාජ ක්රමයේ ප්රධාන අංගයක් පිළිබඳව සිදු කළ ප්රථම පූර්ණ අධ්යයනය වන එම්. ඩී. රාඝවන් ගේ මෙම නිබන්ධනය, ලංකාවේ  මානව විද්යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි. නූතන ලංකාව ගොඩනැගීම සඳහා විවිධ මූලිකාංගයන් දායක වී ඇති අතර, ඉන් එකක් වන කරාව කුලය පිළිබඳව පැහැදිලි කිරීමෙන්, සමස්තයක් ලෙස ලංකා සමාජය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට කතුවරයා අත්යවශ්ය පියවරක් තබා ඇත. එහි ප්රතිඵලය කරාව ප්රජාවට පමණක් නොව සමස්ත ලංකාවටම වැදගත් වන අතර, මානව විද්යාත්මක අධ්යයනයන්හි පුළුල් අරමුණු සඳහා ද ඉවහල් වේ. කතුවරයා මීට පෙර ‘ලංකාවේ ජනවාර්ගික සමීක්ෂණ’ (Ethnological Survey of Ceylon) මාලාව යටතේ පළ කළ අධ්යයනයන්ට ආවේණික වූ සූක්ෂම ශාස්ත්රීයභාවය සහ ගැඹුරු අවබෝධය මෙම ග්රන්ථෙයන් ද මැනවින් නිරූපණය වේ. මෙය වේගයෙන් වෙනස් වන සමාජයක් පිළිබඳ කාලීන විස්තරයකි. මධ්යකාලීන යුගයේ සිට නූතන යුගය දක්වා ලංකා ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ ජනකොටසක ගමන් මග හඹා යන මෙම ග්රන්ථය, සාම්ප්රදායික හා ඓතිහාසික පසුබිම හමුවේ කරාව සංස්කෘතිය නිවැරදිව තේරුම් ගැනීමට මෙන්ම ලංකා සමාජයේ අවම වශයෙන් වටහාගෙන ඇති අංගය වන ‘කුලය’ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද දායක වේ. මෙම කෘතියෙන්, කුලය පිළිබඳ අධ්යයනය නව දෘෂ්ටිකෝණයකින් ප්රවේශ වී ඇත. එනම් කුලය යනු සමස්ත ඉන්දියානු උපමහාද්වීපයටම පොදු සංසිද්ධියක් ලෙසත්, එය විශේෂිත ප්රාදේශීය ස්වභාවයකට අනුකූලව යොදාගත හැකි ආකාරයත් මෙහිදී ඒකාබද්ධ කර ඇත.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47812635099362,"sku":null,"price":1750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KauravaVanshaya.jpg?v=1779109711"},{"product_id":"nawakathawak-pamanak-nowana-nawakathawak-නවකතාවක්-පමණක්-නොවන-නවකතාවක්","title":"Nawakathawak Pamanak Nowana Nawakathawak - නවකතාවක් පමණක් නොවන නවකතාවක්","description":"\u003cp\u003eමෙම කෘතිය, විසිවන ශත වර්ෂයේ ලංකාවේ ජීවත් වූ වඩාත්ම බලපෑම් සහගත සංස්කෘතික බුද්ධිමතා ලෙස සැලකිය හැකි මාර්ටින් වික්රමසිංහයන්ගේ බෙහෙවින් ආන්දෝලනයට තුඩු දුන් කෘතිය වූ බව තරණය නවකතාව ගැන අතිශය තියුණු විග්රහයක් ඉදිරිපත් කරයි. මහාචාර්ය උයන්ගොඩ මේ කෘතිය තුළ සාකච්ඡා කරන ආකාරයට වික්රමසිංහ මෙම නවකතාව මගින් බුද්ධ චරිතය යථාර්ථවාදී මගක යමින් ප්රබන්ධ කරණය කර තිබෙන අතරම බුදු සමයේ අඩංගුවී ඇති සමාජ විමුක්තිවාදී දැක්ම ද පාඨකයා වෙත අභිමුඛ කරවයි. බව තරණය කෘතිය ප්රකාශයට පත්වීම ලංකාවේ නූතන බුද්ධිමය ඉතිහාසය තුළ අතිශයින් වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම කෘතිය සම්බන්ධයෙන් ඇති වූ මහජන කතිකාව ලංකාවේ සංස්කෘතික - දේශපාලනයේ ඉතිහාසය තේරුම් ගැනීම සම්බන්ධයෙන් ද අතිශයින් වැදගත් වේ. මහාචාර්ය උයන්ගොඩ එක අතකින් බුද්ධ චරිතය සම්බන්ධ චිත්රමසිංහගේ යථාර්ථවාදී අර්ථ කථනය කෙරේ ලෝක මට්ටමේ සාහිත්යමය සම්ප්රදායන්හී බලපෑම තක්සේරු කරන අතරම, ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද නූතන බුද්ධිමය කතිකාවන්හි බුදු දහමේ අඩංගු සමාජ විමුක්තිවාදී දැක්මත් විචාරාත්මක පරීක්ෂාවට ලක්කරමින් බව තරණය නවකතාව පාඨනය කිරීමට පුළුල් සංදර්භයක් යෝජනා කරයි.\u003c\/p\u003e","brand":"Sarasa","offers":[{"title":"Default Title","offer_id":47854978859234,"sku":null,"price":700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/nawakathawaknowana.jpg?v=1780470804"},{"product_id":"maranaya-ha-ramanaya-මරණය-හා-රමණය","title":"Maranaya Ha Ramanaya -  මරණය හා රමණය","description":"\u003cp\u003e‘රමණය' යන්නෙන් ' සතුටු වීම, විනෝද වීම, සමීප ව සේවනය කිරීම, ප්රියමනාප ව දැකීම' වැනි අර්ථ ඉස්මතු කරගත හැකි ය. ඒ අනුව 'වරණය හා රමණය' යන්නෙන් අදහස් කරන ලද්දේ \"මරණය සමග සමීප වීම, මිතුරෙකු ලෙස මරණය ගැන සිතීම, මරණයෙන් සතුටු වීම, එයින් නැති නොගැනීම, තෘප්තිමත් වීම' යනාදිය යි.\u003c\/p\u003e\n\u003cp\u003eමහා පරිනිබ්බාන සූත්රය. කියවන විට බුදුරජාණන් වහන්සේ මරණය කොතරමි සමීප ව ඇසුරු කර ඇති සේක් දැයි දැක ගත හැකි ය. උන්වහන්සේ මරණය අබියස දී කරන ලද ප්රකාශන සිදවත් ය; තෙදවත් ය. ජවබල සම්පන්න ය. එමෙන් ම ථෙර ථේරී ගාථා අධ්යයනය කරන විට ද පෙනී යන්නේ උන්වහන්සේලා ද මරණය දෙස බලා ඇති සේක් ඒ බඳු ආස්වාදනීය, ප්රියමනාප ඇසකින් බව යි.\u003c\/p\u003e\n\u003cp\u003eඑමෙන් ම ලොව පහළ වූ ඇතැම් කලා කරුවෝ ද එබඳු ම ප්රිය මනාප බැල්මකින් මරණය ගැන කළ නිරීක්ෂණ සිය නිර්මාණ තුළ ගැබ් කර ඇත්තෝ ය. මේ කෘතියෙන් උත්සාහ ගනු ලැබුවේ එසේ රහතන් වහන්සේලා ද විවිධ සාහිත්ය කලා නිර්මාණ කරුවන් ද මරණය සමග පෙමින් බැඳී ඇති අයුරු, මරණය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අයුරු, කොටින් ම මරණය හා රමණය කළ අයුරු විමසා බැලීමට ය.\u003c\/p\u003e","brand":"Veemansa","offers":[{"title":"Default Title","offer_id":47875875864802,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/ramanayasahamaranaya.jpg?v=1780998689"},{"product_id":"soviet-rusiyanu-sahithyaya-sri-lankawe-prachalitha-weema-සෝවියට්-රුසියානු-සාහිත්‍යය-ශ්‍රී-ලංකාවෙ-ප්‍රචලිත-වීම","title":"Soviet Rusiyanu Sahithyaya Sri Lankawe Prachalitha Weema - සෝවියට් රුසියානු සාහිත්‍යය ශ්‍රී ලංකාවෙ ප්‍රචලිත වීම","description":"\u003cp\u003eලෝක සාහිත්යයේදී සෝව්යට් රුසියානු සාහිත්යයට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. ඒ නිසාම රුසියානු සාහිත්යය සම්භාවනාවට පාත්ර වී ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eශ්රී ලංකාවේ සෝවියට් රුසියානු සාහිත්යය ප්රචලිත වී මේ වන විට වසර 60ක් පමණ ගතවී තිබේ.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම කෘතිය නිර්මාණය කළ අනුරාධ සේනාධිර මහතා මෙරට ප්රකාශිත සෝවියට් රුසියානු සාහිත්යය කෘති මුළුමුනින්ම පාහේ පරිශීලනය කර ඇති සාහිත්යය ලෝලියෙකි.\u003c\/p\u003e\n\u003cp\u003eසිංහල, ඉංග්රීසි හා හින්දි විෂයක් ලෙස ප්රගුණ කර ඇති සේනාධිර තමා ලද ආශ්වාදය මෙරට පාඨකයින් වෙත ලබාදීමේ බලාපොරොත්තුවෙන් මෙම කෘතිය නිර්මාණය කිරීම අගය කළ යුතු වේ.\u003c\/p\u003e\n\u003cp\u003eකුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ පරීක්ෂකවරයෙකුව සිට විශ්රාම ගැනීමත් සමග ඔහුගේ ප්රථම සාහිත්යය කෘතිය මෙවැනි ගුණාත්මක එකක් ලෙස පළ කිරීමට කළ පෙළඹවීම ඔහුගේ සාහිත්යය හිතකාමීත්වය ප්රකට කරන්නකි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු කියවා ඇති සියලුම කෘතිවල සාරාංශ සටහනක් ඇතුලත් කර සෝවියට් රුසියානු සාහිත්යයට රුචිකත්වයක් දක්වන පාඨක පිරිස් සඳහා නව උද්දීපනයක් ඇති කරීමට මෙම කෘතිය තුළින් උත්සාහ ගෙන තිබේ. සේනාධිරයන්ගේ පළමු උත්සාහය අගය කළ යුතු වන්නේ එහෙයිනි.\u003c\/p\u003e","brand":"Rusiyawa Publishers","offers":[{"title":"Default Title","offer_id":47901209198818,"sku":null,"price":2200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/rusiyanusahithyaya.jpg?v=1781690167"},{"product_id":"piyen-piyawara-nagen-mudunata-පියෙන්-පියවර-නැගෙන්-මුදුනට","title":"Piyen Piyawara Nagen Mudunata - පියෙන් පියවර නැගෙන් මුදුනට","description":"\u003cp\u003e\u003cspan\u003eසුප්රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47906188525794,"sku":null,"price":1100.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/piyawarenpiyawara.jpg?v=1781848380"},{"product_id":"sathuta-sadana-pasalakata-සතුට-සදන-පාසලකට","title":"Sathuta Sadana Pasalakata - සතුට සදන පාසලකට","description":"\u003cp\u003eප්රාථමික පන්ති කාමරය තුළ ප්රීතිය, නිර්මාණශීලිත්වය, විචාරාත්මක චින්තනය හා ආචාරධාර්මිකත්වය ඇති කරන අතරම ශිෂ්ය ශිෂ්යාවන්ගේත් ගුරුවරුන්ගේත් සන්තෘප්තිය ඇති කරන සතුටු සපිරි පාසලක් ඇති කරගන්නේ කෙසේද?\u003c\/p\u003e\n\u003cp\u003eමේ පොතෙහි ඒ ප්රශ්නයට පිළිතුරු තිස්තුනක් අඩංගු වේ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ පිළිතුරු තිස්තුන ප්රාථමික පාසල් අධ්යාපනය කුමක් සඳහාද යන ප්රශ්නයට පිළිතුරක් ලෙසද සැළකිය හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003eආනන්දජනක පාසල් අනාපනයක් ඇති කිරීමෙහි ලා මේ හි විස්තර කෙරෙන උපතු අපට වේණික ආකාර වළින් අප් පාසල්වල දැනටමත් ක්රියාත්මක වන්නේ විය හැකිය. ඇතැම් උපසුම අප් පාසල් වලට අලුත් විය හැකිය. ඒ යෙසේ වෙතත් අභිමානවත් පාසල් ගුරු ජිවිතයක් ගෙවනු කැමැති සියලු දෙනාට පොතඅපරිමිත ආනුභාවයක් සපයයි.\u003c\/p\u003e\n\u003cp\u003eතම දරුවන්ගේ පාසල් අධ්යාපනය වෙතින් අපේක්ෂා කළ යුත්තේ මොනවාද යන්න වටහා ගැනීමෙහි හා මේ පොත දෙමාපියන්ටද අත්පොතකි. අධිකය පිළිබඳ අත රට පවත්නා මහජන සංවාදයට මෙමගින් උත්තේජනයක් ලැබේ. එසේම, මෙය ෆින්ලන්තයේ පාසල් අධ්යාපනය පිළිබඳ හොඳ අව්යධයක්ද අපට ලබා දෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47908865802466,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SathutaSadana.jpg?v=1782188283"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/academics.oembed?page=2","provider":"Vidarshana ","version":"1.0","type":"link"}