{"title":"Adventure","description":null,"products":[{"product_id":"wurkayange-adawiya-වෘකයන්ගේ-අඩවිය-white-fang","title":"Wurkayange Adawiya - වෘකයන්ගේ අඩවිය (White Fang)","description":"\u003cp\u003eවයඹදිග කැනඩාවේ, සීතලෙන් මිදුණු වනාන්තරයක උපත ලද වයිට් ෆෑන්ග් ශක්තිවන්තයන්ට පමණක් රැඳී සිටිය හැකි දුෂ්කර ජීවිතයක් දෛවයෙන් උරුම කරගෙන ආවෙකි. රංචුවේ රෞද්රතම පැටවා ලෙස ඔහු සිය සහෝදර සහෝදරියන්ගේ පණ නල සඟවාගෙන ගිය සීතලට සහ කුසගින්නට මුහුණ දෙමින් ජීවත් වූයේය. ඔහු මුළු ජීවිත කාලය පුරාම විඳි අති දුෂ්කර වූ සෑම අත්දැකීමක්ම ඔහුගේ දැස තුළින් අත්විඳින්නට අපට ද හැකියාව ලැබේ. ඔහුගේ ප්රථම ජයග්රාහී ඝාතනය, ඔහු මනුෂ්ය වර්ගයා සොයාගත් අයුරු, හිම යානා අදින බල්ලෙකු ලෙස ඔහු ගෙවූ දුෂ්කර කාල පරිච්ඡේදය, කෲරතර දාසභාවයෙන් ඔහු දිවි ගලවාගත් අයුරුත් අප තුළ මවිතය මුසු පහන් හැඟීමක් ඇති කරවීමට සමත් වෙයි.   අනන්ත අප්රමාණ කටුකත්වය තුළ අති දරුණු අත්දැකීම්වලට මුහුණ දෙමින් සිය ජීවිතයේ ස්වාධීනත්වය පතා නිරන්තර අරගලයක යෙදුණු සත්ත්වයකු අලලා 1905 දී ජැක් ලන්ඩන් විසින් ලියන ලද මේ නවකතාව ඔහු විසින් ලියන ලද විශිෂ්ටතම හා වඩාත් ජනප්රියම නවකතාව වේ.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611689517282,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG_20261008_0018.jpg?v=1791442862"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/adventure.oembed","provider":"Vidarshana ","version":"1.0","type":"link"}