{"title":"Ganga Niroshini Suduwalikanda","description":null,"products":[{"product_id":"wurkayange-adawiya-වෘකයන්ගේ-අඩවිය-white-fang","title":"Wurkayange Adawiya - වෘකයන්ගේ අඩවිය (White Fang)","description":"\u003cp\u003eවයඹදිග කැනඩාවේ, සීතලෙන් මිදුණු වනාන්තරයක උපත ලද වයිට් ෆෑන්ග් ශක්තිවන්තයන්ට පමණක් රැඳී සිටිය හැකි දුෂ්කර ජීවිතයක් දෛවයෙන් උරුම කරගෙන ආවෙකි. රංචුවේ රෞද්රතම පැටවා ලෙස ඔහු සිය සහෝදර සහෝදරියන්ගේ පණ නල සඟවාගෙන ගිය සීතලට සහ කුසගින්නට මුහුණ දෙමින් ජීවත් වූයේය. ඔහු මුළු ජීවිත කාලය පුරාම විඳි අති දුෂ්කර වූ සෑම අත්දැකීමක්ම ඔහුගේ දැස තුළින් අත්විඳින්නට අපට ද හැකියාව ලැබේ. ඔහුගේ ප්රථම ජයග්රාහී ඝාතනය, ඔහු මනුෂ්ය වර්ගයා සොයාගත් අයුරු, හිම යානා අදින බල්ලෙකු ලෙස ඔහු ගෙවූ දුෂ්කර කාල පරිච්ඡේදය, කෲරතර දාසභාවයෙන් ඔහු දිවි ගලවාගත් අයුරුත් අප තුළ මවිතය මුසු පහන් හැඟීමක් ඇති කරවීමට සමත් වෙයි.   අනන්ත අප්රමාණ කටුකත්වය තුළ අති දරුණු අත්දැකීම්වලට මුහුණ දෙමින් සිය ජීවිතයේ ස්වාධීනත්වය පතා නිරන්තර අරගලයක යෙදුණු සත්ත්වයකු අලලා 1905 දී ජැක් ලන්ඩන් විසින් ලියන ලද මේ නවකතාව ඔහු විසින් ලියන ලද විශිෂ්ටතම හා වඩාත් ජනප්රියම නවකතාව වේ.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611689517282,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG_20261008_0018.jpg?v=1791442862"},{"product_id":"muthu-karabuwa-paladi-yuwathiya-මුතු-කරාබුව-පැලඳි-යුවතිය-girl-with-a-pearl-earring","title":"Muthu Karabuwa Paladi Yuwathiya - මුතු කරාබුව පැලඳි යුවතිය (Girl With A Pearl Earring)","description":"\u003cp\u003eදහහත්වැනි සියවස මැද භාගයේ, නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප්රසිද්ධ චිත්ර ශිල්පී යොහැන්නස් වර්මීර්ගේ (1632 ඔක්තෝමබර් 31 - 1675 දෙසැම්බර් 15) චරිතය ඇසුරු කර ගනිමින් ලියැවුණු අතිශය මනරම් වූත්, ගුප්ත වූත්, විටෙක දරා ගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුතු ප්රබන්ධ කතාවකි. වර්මීර් විසින් නිර්මාණය කරන ලද මහාඟු සිතුවම් අතර ඇති මුතු කරාබුවක් පැලඳ සිටින යුවතියගේ සිතුවම මේ නවකතාවට පාදක වෙයි.   සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පවුලට තිබූ එකම ආදායම් මාර්ගය අහිමි වීම නිසා දහසය හැවිරිදි ග්රීටිට, වර්මීර්ගේ නිවෙසේ සේවයට යන්නට සිදු වෙයි. කලාත්මක දෑසක් හිමි ග්රීට් අහම්බයෙන් ඔහුගේ අත් උදව්කාරිය බවට පත් වන අතර, ඇය වර්ණ සහ ආලෝකය පිරුණු වර්මීර්ගේ ලෝකයට වඩාත් සමීප වෙයි. ටී. ෂෙවලියර් විසින් ලියන ලද, අතිශයින් ජනප්රියත්වයට පත් මේ නවකතාව ඇසුරින් 2004 වර්ෂයේ දී එම නමින්ම නිර්මාණය වූ චිත්රපටය ද ඉමහත් පාඨක විචාරක සම්මානයට පාත්ර විය.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67612008317154,"sku":null,"price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG_20261008_0023.jpg?v=1791444848"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/ganga-niroshini-suduwalikanda.oembed","provider":"Vidarshana ","version":"1.0","type":"link"}