{"title":"New Arrivals","description":"","products":[{"product_id":"gananath-obesekara-prathyakshapramana-ගණනාත්-ඔබේසේකර-ප්‍රත්‍යක්ෂප්‍රමාණ","title":"Gananath Obesekara Prathyakshapramana - ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ","description":"\u003cp\u003eජාත්යන්තර වශයෙන් මානවවිද්යා හා සමාජවිද්යා ක්ෂේත්රවල න්යායික සහ ක්රමවේදී අභිවර්ධනය කෙරෙහි ඉමහත් බලපෑමක් කළ ඇමරිකා එක්සත් ජනපදයේ ප්රින්ස්ටන් විශ්වවිද්යාලයේ මානවවිද්යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවර්ය ගණනාත් ඔබේසේකරගේ ශාස්ත්රීය සම්ප්රදානය උදෙසා කෘතගුණ දැක්වනු වස් මෙවර විදර්ශන විශේෂ කලාපය වෙන් වේ.\u003c\/p\u003e\n\u003cp\u003eශ්රී ලාංකේය යටත්විජිත උරුමයේ බුද්ධිමය පරමාදර්ශයක් ලෙස නිසැකවම සැලකිය හැකි මහාචාර්ය ඔබේසේකර සත් දශකයකට අධික කාලයක් පුරා කළ ශාස්ත්රීය පර්යේෂණ යටත්විජිත දැනුම් ප්රසම්පාදන ක්රියාවලියේ දේශපාලනය විසංයෝජනය කිරීමට සමත් වූ බව අපි දනිමු. එකී ස්වාධීන බුද්ධිමය ව්යායාමය මානවවිද්යාව, මනෝවිශ්ලේෂණය, ඉතිහාසය සහ සංස්කෘතික අධ්යයන යන විෂය ක්ෂේත්රවල අධිපති න්යායික ස්ථාවර ප්රශ්න කිරීමටත්, ක්රමවේදීය සීමා අතික්රමණය කිරීමටත්, ශාස්ත්රාලීය පර්යේෂණවල අර්ථකථනාත්මක වටිනාකම සහ ආචාරධාර්මික වගකීම අවධාරණය කිරීමටත් සමත් විය.\u003c\/p\u003e\n\u003cp\u003eමහාචාර්ය ඔබේසේකර වර්ධනය කළ එකී ස්වාධීන චින්තනයේ සහ ශාස්ත්රීය සුක්ෂ්මාත්මතාවේ ආභාසය ලැබූ ඔහුගේ ශිෂ්ය ශිෂ්යාවන්, සමකාලීනයන් සහ දෙස් විදෙස් විද්වතුන් විසින් රචිත ලිපි ඇතුළත් මෙවර විදර්ශන විශේෂ කලාපය මහාචාර්ය ඔබේසේකරගේ බුද්ධිමය උරුමයේ ගැඹුර, පසුබිම සහ එහි සමකාලීන අදාළත්වය පිළිබඳව කෙරෙන සාමූහික ප්රත්යවලෝකනයක් ලෙස සැලකිය හැකිය.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47463837663458,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Magazine.jpg?v=1771566639"},{"product_id":"anithyatha-saundaryaya-අනිත්‍යතා-සෞන්දර්‍යය","title":"Anithyatha Saundaryaya - අනිත්‍යතා සෞන්දර්‍යය","description":"\u003cp\u003eඋක්ත භාව කාව්යය නන්දන වීරසිංහ කවියාගේ මහන් සඳු පිනි බිඳෙක නම් කාව්ය කෘතියෙහි එන්නකි. මින් වසර විසිපහකට පෙරාතුව පවා අනන්යතා සෞන්දර්යය පිළිබඳ ව ඔහු තුළ වූ පුක්ෂ්ම නිරීක්ෂණය මෙමඟින් හෙළිවෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eපරඬැල් පත් ඇතිරිලි සේ බිම වැතිර ඇත. මරණ මංචකයේ දී පවා ඒවා ඇතිරිල්ලකි. රටාවකි. කවියා ඒ මෘත රටාව මත ඇවිදින්නේ සෙමෙනි; බැතියෙනි. විඳීමෙන් ම විව්යපන් පරඬැල් පන් දැන් ඉතින් ජීවිතය ගත කර අවසාන ය. ඒ විඳීම ඔවුන් තාරුණ්යයට කැඳවා නොමැත. විඳුම ඒ වෙනුවට ඔවුන් විව්යපත් කර ඇත. පැනසර බවට පත් කර ඇත. ඔවුන් විඳි දුක් තැවුල් මෙන්ම. පුබ ආස්වාදය දා ඔවුන් හට, ඔවුනට ම විශේෂ වූ රමණීයත්වයක් දි ගෙනැවිත් දී ඇත. විඳුමෙන්ම ව්යපත් වීම ට, වන්දනීය බැති පුදා ලැබීමට ප්රමාණවත් ය. ජීවිතය ලබා දෙන තිත්ත පල මෙන් ම ටියුරු පල ද එක සේ ම විඳිය යුතු බව හඬගා කියන මේ කව, අනිත්යතා සෞන්දර්යය හා ගැළැපෙමින්.\u003c\/p\u003e\n\u003cp\u003eමුළු මහත් ජීවිත ප්රවෘත්තියක් මිටින් ගෙන අප වෙත පුද කරන ක්ෂුද්ර කරඬුවක් වන කවෙකැ යි පවසනු කවර වරද දු?\u003cbr\u003e\u003cbr\u003e~ ආචාර්ය ආරියවංශ රණවීර\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47513931514082,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_1.jpg?v=1772637790"},{"product_id":"inikbithi-paminiye-anduru-samayai-ඉණික්බිති-පැමිණියේ-අඳුරු-සමයයි","title":"Inikbithi Paminiye Anduru Samayai - ඉණික්බිති පැමිණියේ අඳුරු සමයයි","description":"\u003cp\u003eආක්රමණික හමුදාවක පැමිණීම හේතුවෙන් පුදුමයට පත් වූ කුඩා, ස්කැන්නේයානු වෙරළබඩ නගරයකි. ඊට දක්වන්නේ සුළු ප්රතිරෝධයක් පමණි. ආක්රමණිකයන් හට එම නගරය වැදගත් වන්නේ එහි විශාල ගල්අඟුරු පතලක් හා ඊට යාබදව වරායක්ද වූ බැවිනි. ආක්රමණික බළඇණියේ ප්රධානියා වන කර්නල් ලාන්සර්, සිය කාර්යමණ්ඩලය සමඟ ප්රජාතන්ත්රවාදීව තේරී පත් වූ සහ ජනයාගේ ආදරය දිනා ගත් නගරාධිපති ඕර්ඩන්ගේ නිවසේ තම මූලස්ථානය ස්ථාපිත කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eජනතාව තවමත් මවිත වී සිටියත්, පරාජය බාරගෙන නොමැත. ඔවුන්ගේ නිදහස සඳහා වූ ආශාව නොබිඳී පවතින අතර, නිහඬ විරෝධය කෙමෙන් ඉහළ යමින් පවතී. ආක්රමණිකයන් අතර සැකය පැතිරෙයි. ජනතාවගේ දෛනික ජීවිතය තීරණය කරන්නේ ඔවුන්ය. අනෙක් අතට, ආක්රමණිකයන්ගේ හමුදාවටත් සිය මෙහෙවර ඒ හා සමානව පැහැදිලි වුවත්, සොල්දාදුවන් ලෙස, ඔවුන් නියෝග පිළිපැදිය යුතුය.\u003c\/p\u003e\n\u003cp\u003eමෙය විස්මය ජනක බලයකින් සහ පොහොසත් මනුෂ්යත්වයකින් යුතුව සිටින පීඩිත ජනතාවගේ ධෛර්යයත්, විරෝධතාවත්, ආතතිය යටතේ ඇති මානව ගරුත්වයත් පිළිබඳ කියැවෙන ශ්රේෂ්ඨ කෙටි නවකතාවකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47513939443938,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_3.jpg?v=1772678472"},{"product_id":"sri-lankeya-baudda-aramika-purawidyawa-ශ්‍රී-ලාංකේය-බෞද්ධ-ආරාමික-පුරාවිද්‍යාව","title":"Sri Lankeya Baudda Aramika Purawidyawa - ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්‍යාව","description":"\u003cp\u003eශ්රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්යාව (ක්රි පූ 03 සියවසේ සිට ක්රිව 05 සියවස දක්වා) නමැති මෙම ග්රන්ථය ශ්රී ලංකාවේ බෞද්ධ ආයතනික වර්ධනය යන තේමාව යටතේ සිදු කරන ලද අභිලේඛන මූලික පර්යේෂණයක ප්රතිපලයකි තේමාව දෙස පමණක් බලන්නෙකුට එය බෙහෙවින් සාම්ප්රදායික වුත් යල් පැනගියා වුත් එකක් සේ පෙනී යාමට ඉඩ තිබේ. එහෙත් පර්යේෂණයක වැදගත්කම තීරණය වනුයේ එය සාකච්ඡා කර ඇති වාර ගණන අනුව නොව ඒ සාකච්ඡා ගොඩනැංවීම පිණිස භාවිත කර ඇති මුලාශ්රයමය පදනමේ ශක්තිමත් බව හා දෘෂ්ටි කෝණයේ නව්යතාව මතයි අභිලේඛන සාක්ෂ්ය මත වැඩි වශයෙන් පදනම් වෙමින් ද, වෙනත් බහුවිධ මූලාශ්රයන්ගේ ආලෝකය ලබා ගනිමින් ද, යාවත්කාලීන වූ දත්ත සමුදායකින් පෝෂිත ව ඉදිරිපත් කර ඇති මේ ශාස්ත්රීය රචනය කියවන්නෙකුට, විචාරශීලී බුද්ධිමය සාකච්ඡාවක් සඳහා නව ප්රවේශ සම්පාදනය වනු ඇති බවට කිසිදු සැකයක් නැත.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47514005897442,"sku":null,"price":2500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_2.jpg?v=1772679146"},{"product_id":"soviet-nuthanathwaya-saha-prathi-cinemawa-සෝවියට්-නූතනත්වය-සහ-ප්‍රති-සිනමාව","title":"Soviet Nuthanathwaya saha Prathi Cinemawa - සෝවියට් නූතනත්වය සහ ප්‍රති සිනමාව","description":"\u003cp\u003eසෝවියට් නූතනත්ව ව්යාපෘතියේ මානවීය. සහ ජීවවාසික පිරිවැයට ගැඹුරු ආචාර ධර්මීය ප්රතිචාරයක් ලෙස මතු වූ සෝවියට් සිනමාවේ ඉතා සුවිශේෂ ප්රවාහයක් මෙම කෘතියේ ගවේෂණයට ලක්වෙයි. 'හිම දියවීමේ' (Thaw) යුගයෙන් ඇරැඹී සෝවියට් සංගමය බිඳ වැටෙන මොහොත දක්වා දිවෙන මේ උත්කෘෂ්ට චිත්රපට ධාරාව 'ප්රති-සිනමාවක්' ලෙස හඳුනා ගන්නා මෙම කෘතිය, සෝවියට් රාමුවට ඔබ්බෙන් යන පොදු නූතනත්ව ආඛ්යානයට පවා අයත් මූලික සංකල්ප - ප්රගතිය, ඓතිහාසික නිශ්චිත භාවය, තාක්ෂණික උන්නතිකාමය, අසීමිත භෞතික වර්ධනය - එය විසින් නිහඬව ප්රශ්න කළ ආකාරය පෙන්වා දෙයි. එනයින් තමා සමග, අනෙකා සමග සහ සොබා දහම සමග වූ මානව වර්ගයාගේ ත්රිත්ව සබඳතා පද්ධතිය කෙරෙහි තීව්ර අවධානයක් පෙන්වන ධාරාවක් ප්රථම වරට ජාත්යන්තර සිනමාවේ මතුවූ අන්දමත් මෙහිදී ඉස්මතු කෙරේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47514043842786,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_4.jpg?v=1772679596"},{"product_id":"ruwal-bindi-giya-naukawaka-රුවල්-බිඳීගිය-නෞකාවක","title":"Ruwal Bindi Giya Oruwaka - රුවල් බිඳීගිය ඔරුවක","description":"\u003cp\u003eරවින්ද්රනාත් තාගෝර් විසින් රචිත The Wreck' (මුල් කෘතිය බෙංගාලි භාෂාවෙන් \"Naukadubi') යනු දෙවයේ සරදම් සහ මානුෂීය සබඳතා වල අස්ථිර බවත් සංකීර්ණත්වයත් නිරූපණය කරන සම්භාව්ය නවකතාවකි. මෙහි සොඛා දහම (විශේෂයෙන් ගංගා නදිය ) චරිත වල හැගීම් සමඟ බද්ධ කරන ආකාරය අතිශය විශිෂ්ටය.\u003c\/p\u003e\n\u003cp\u003eවිවාහ මංගල්ය දෙකකට පසු ගංගා නදියේ ගමන් ගන්නා බෝට්ටු දෙකක් කුණාටුවකට හසු වී විනාශ වීමෙන් නවකතාව ඇරඹේ. මෙහිදී සිදුවන මාරු වීමක් මත, ප්රධාන චරිතය වන රමේෂ් තමා සමඟ සිටින මනාලිය තමාගේම බිරිඳ යැයි වැරදියට වටහා ගනී. මුළු කතාවම ගලා යන්නේ මෙම පටලැවිල්ල (Mistaken Identity) සහ ඉන් පැන නගින සදාචාරාත්මක ගැටලු ඔස්සේය\u003c\/p\u003e\n\u003cp\u003e20 වන සියවසේ මුල් භාගයේ බෙංගාලි සමාජය, කුල ක්රමය, සාම්ප්රදායික විවාහය සහ බටහිර අධ්යාපනය ලක් තරුණ පරපුරේ චින්තනය අතර ගැටුම් මෙම කෘතියේ මනාව විග්රහ කෙරේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47514075005154,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_5.jpg?v=1772680141"},{"product_id":"samawehi-rekhawa-සමවැහි-රේඛාව","title":"Samawehi Rekhawa - සමවැහි රේඛාව","description":"\u003cp\u003eනාට්යය, චිත්රපටය, කවිය, නවකතාව, චිත්රය, ගීතය යනාදී ඕනෑම කලාත්මක හෝ සෞන්දර්යාත්මක විෂයයක් පිළිබඳව මෙන්ම සමාජ යුක්තිය සමානාත්මතාව යුද්ධයේ බියකරු බව, සාමයේ වටිනාකම, අනන්ය ස්ත්රී අයිතීන් සහ පොදුවේ අනූපමේය මනුෂ්යත්වය පිළිබඳව ද එකවර එක තැනකදී කියවීමට ඔබට අවශ්ය නම් ලක්ෂාන්තගේ සම වැහි රේඛාව ලිපි පෙළ එකතු කරගෙන කියවන්න. මගේ සිත් ගත් මෙවන් ලිපි සහෘදයන් වෙත පිටපත් කර යැවීමේ පුරුද්දක් මට ඇත සම වැහි රේඛාවේ ලිපි පොතක් බවට පත් පත්වන්නේ නම් ලිපි මිටියක්ම පොතක් වශයෙන්ම තෑගි දීමට අපට හැකිවනු ඇත. \u003c\/p\u003e\n\u003cp\u003e~ මහින්ද දේශප්රිය\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"font-size: 0.875rem;\"\u003eLakshantha blends the Lankan with the universal and brings the world home. Thanks to his beautiful Sinhala, language becomes no barrier to enjoy world literature. Be it Rene Magrit or Mary Elizabeth Fry, Mahagama Sekara or Neruda, Lakshantha makes literature one beautiful unifying force.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e~ Priyangwada Perera\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47514092077282,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_6.jpg?v=1772680567"},{"product_id":"viprawasa-විප්‍රවාස","title":"Viprawasa - විප්‍රවාස","description":"\u003cp\u003eතීරුලිපියක් යනු, පුවත්පත් ලිවීම් අතර අපූර්වතම ලියැවිල්ලකි. මේ ලියන්නා පුවත්පතට පිටතින් පිට ලියන්නෙකු වුවත් ඇතුළේ සේවයේ යෙදෙන්නෙකු වුවත් පුවත්පතක සෙසු ලියන්නන්ට වඩා ඔහුට නිදහසක් ලැබෙයි. එහෙන් මේ නිදහස අර්ථවත් ලෙස භුක්ති විඳින්නට තිරුකරුවාට ලැබෙන්නේ ඔහුගේ භාෂාවේ සහ ඥාන මණ්ඩලයේ ධාරිතාව අනුවය. එහෙයින් ඔහු නිරන්තරව තම වටපිටාව කෙරෙහි අවධානයෙන් සිටිනවාට අමතරව, වටපිටාවේ සිටින්නන්ගේ හොඳ නරක සහ ඕනෑ එපාකම් පිළිබඳව ද අවදි සිහියෙන් සිටිය යුතුය.\u003c\/p\u003e\n\u003cp\u003eවිප්රවාසි බව තිරුකරුවෙකුට අමතර වාසියකි. බැඳීම් සහ ඇලීම් යනු ලියන අතකට සහ පිතකට වැටෙන අමතර විලංගුය. විලංගුවෙන් මීදෙන්නට විප්රවාසි වෙමු.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47514121928930,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_7.jpg?v=1772680985"},{"product_id":"seba-manawa-hithawadiyekuge-kathawak-s-p-punchihewa-biography-සැබෑ-මානවවාදියෙකුගේ-කතාවක්-නීතීඥ-එස්-පී-පුංචිහේවා-දිවිපෙවෙත","title":"Seba Manawa Hithawadiyekuge Kathawak | සැබෑ මානවවාදියෙකුගේ කතාවක් - නීතීඥ එස්.පී. පුංචිහේවා දිවිපෙවෙත","description":"\u003cp\u003eරුසියාවට තොල්ස්තෝයි කෙනෙකු සිටින අතරේ, මැක්සිම් ගෝර්කි කෙනෙක්ද සිටියේය. චීනයට බා පින් කෙනෙකු සිටින අතරේ, ලු ශුන් කෙනෙක්ද සිටියේය. එහෙත්, ලංකාවට මාර්ටින් වික්රමසිංහ කෙනෙකු සිටියද ගෝර්කි හෝ ලු ශුන් හෝ පන්නයේ ලේඛකයකු නම් කරගන්නට අපි මෙතෙක් උත්සුක නොවූයෙමු.\u003c\/p\u003e\n\u003cp\u003eදෙනගම සිරිවර්ධනයන් විසින් රචිත මේ කෘතිය අපට කියාපානුයේ කවර ජගතකුටවත් බිය වද්දා නිහඬ කළ නොහැකි, ගෝර්කි - ලූ ශුන් පරපුරේම, ඉන්ද්රඛිලයක් වන ලේඛකයකු අප දේශයද සතු බවය; පන්හිඳ ලෙළවා ඔහු පාන වදන් පෙළහර හමුවේ සකල පීඩකයන් තැති ගන්නායූරු හා නිර්පාක්ෂික නාම පුවරුවලට මුවා වී සිටින ඊනියා පඬිවරුන් මුහුණු සඟවාගන්නා අයුරුය; අව්යාජ අභිලාෂයකින් සන්නද්ධ වූ මානව වාදියකුට වාසිය රැඳුණු මාවතේ වෙනුවට යුක්තිය රැදුණු මාවතේ සෙවීම අසීරු නොවන සැටීය.\u003c\/p\u003e\n\u003cp\u003eහී තුඩු පරයන තියුණු බස් වහරකටත්, සමාජ හා සංස්කෘතික යථාර්ථය විනිවිද දකින ඉසියුම් දේශපාලන දෘෂ්ටියකයටත් හිමිකම් කියන වස්.ජී. අපේ යුගයේ පෙරළිකාරී ලේඛකයන් අතළොස්ස අතර ප්රමුඛයා ලෙස හැඳින්වීමට මම කිසි සේත් මැළි නොවෙමි.\u003c\/p\u003e\n\u003cp\u003eමානව සමාජය වඩාත් සුපුෂ්පිත කිරීමෙහි ලා වූ දැඩි කැප වීමකින් හා අදිටනකින් පන්හිඳ දරන වස්. ජී. පුංචිහේවා සහෘදයාට චිර ජීවනය පතමි.\u003c\/p\u003e\n\u003cp\u003eකමල් පෙරේරා\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47573399699682,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-16at11.33.02AM.jpg?v=1773642086"},{"product_id":"gasa-saha-lamaya-ගස-සහ-ළමයා","title":"Gasa Saha Lamaya - ගස සහ ළමයා","description":"\u003cp\u003eකුඩා කල සිට ඔවුනොවුන් දැන හඳුනන ඇපල් ගසක් සහ පිරිමි ළමයකු සිය මහලු අවධිය දක්වා එකිනෙකාට සම්බන්ධව ජීවිතය ගෙවමින් යන ආකාරය පිළිබඳ අපූරු කතාන්දරයකි. දිනෙන් දින ජීවිතයේ වෙහෙසට පත් වන දරුවා, අවසානය දක්වා අත නොහරින ත්යාගශීලි තෙත් හදැති ඇපල් ගසේ කතාව කතන්දරප්රිය සැමට විස්මිත කතාන්දර අත්දැකීමකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47659824054498,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/GasaSahaLamaya_1.jpg?v=1775623190"},{"product_id":"kanda-aranee-කඳඅරනී","title":"Kanda-aranee - කඳඅරනී","description":"\u003cp\u003eඅහිමි වු ආදරයේ තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ මංසලකුණු සොයා ගන්නට නෑ යකුන් නොරිදා නැගි ගුරුලෙකු පිට අතීතයට පියඹන ගිලිහුණු වැදි වංශයේ පබළු එකිනෙක අමුණන මී පැණි සුවඳින් පිරුණ ඒ පැණියේ පැහැ තැවරුණ වැදි යුවතියකගේ අරුමැසි කතන්දරය වෙයි කඳඅරනී\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47677183983842,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kandaarani.jpg?v=1775806402"},{"product_id":"thena-aththe-thenin-thena-තැන-ඇත්තේ-තැනින්-තැන","title":"Thena Aththe Thenin Thena - තැන ඇත්තේ තැනින් තැන","description":"\u003cp\u003eහලාවතදී උපන් නජිලා අධිකාරි පාසල් අවධියේ සිටම නිර්මාණ කරණයෙහි ඇලුම් පෑ කිවිඳියකි. පුවත්පත් කවි පිටු ආදිය ඇසුරෙහි අභ්යාස සමය ගත කළ ඇය 2024 වසරේදී අචිරවතියෙන් මිදුණු සිතිවිලි' නමින් සිය ප්රථම කාව්ය සංග්රහය ප්රකාශයට පත් කරන්නේ ගොඩගේ අත්පිටපත් තරගයෙන් නිර්දේශ වූ කෘතියක් ලෙසිනි. එම කෘතිය 2025 වසරේ රජතපුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සඳහාද නිර්දේශිත විය.\u003c\/p\u003e\n\u003cp\u003eතැන ඇත්තේ තැනින් තැන නජිලා අධිකාරිගේ දෙවන කවි එකතුවයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47756463767778,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/ThanaAththeThaninThana.jpg?v=1777539366"},{"product_id":"kimbula-කිඹුලා","title":"Kimbula - කිඹුලා","description":"\u003cp\u003eපූර්ව විප්ලව යුගයේ රුසියානු සාහිත්යයේ සදාතනික වටිනාකම අගයමින්, ජෝර්ජ් ස්ටයිනර් සඳහන් කළේ එය බටහිර සාහිත්යයේ ප්රධානතම අවස්ථා තුනෙන් එකක් ලෙසට ය. අනෙත් අවස්ථා දෙක වන්නේ ග්රීක සාහිත්යය මල් පල දැරූ යුගය හා එංගලන්තයේ ශේක්ස්පියර් නාට්ය ලියූ යුගය යි. රුසියානු නව තථාව මිනිස් ජීවිතයේ අදෘශ්යමාන අභ්යන්තරයේ රැඳී ඇති දෑ. කෙතරම් සියුම් ලෙස චිත්රණය කොට ඇත් ද යන්න ප්රකට කරුණකි. එහෙත් රුසියානු කෙටි කථා තුළ පවතින අතිප්රබල මානුෂීය ලක්ෂණ, තවමත් සිංහල පාඨක ලෝකයේ පුළුල් අවධානයට ලක් වූයේ ද යන පැනය මතු වන අතර එයට පිළිතුරක් ලෙස මේ රුසියානු කෙටි කථා සංග්රහය දැක්විය හැකි ය. ඩොස් ටොයෙව්ස්කිගේ Crocodile (කිඹුලා) කෙටි කථාව රුසියානු රාජ්ය නිලධාරීන් ගේ ආකල්ප හා මනෝභාව උපහාසයට ලක් කරන අතර ලියොනීඩ් ඇන්ඩ්රියේව් හා සේකෝ වු ගේ කථා තුනෙන් ද එළිදරව් වන්නේ, මිනිස් සිතඅරක් ගත් ප්රබල චිත්තාවේගවල ස්වභාවය යි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47756481102050,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kimbula.jpg?v=1777540267"},{"product_id":"sinhala-wakkoshaya-ashritha-nuthana-prawanatha-saha-nawa-parimitha-swaroopa-සිංහල-වාක්කෝෂය-ආශ්‍රිත-නූතන-ප්‍රවණතා-සහ-නව-පරිමිත-ස්වරූප","title":"Sinhala Wakkoshaya Ashritha Nuthana Prawanatha Saha Nawa Parimitha Swaroopa - සිංහල වාක්කෝෂය ආශ්‍රිත නූතන ප්‍රවණතා සහ නව පරිමිත ස්වරූප","description":"\u003cp\u003eසමාජ ප්රවණතා සමග භාෂාවෙහි සිදු වන වෙනස් වීම්, භාෂා අධ්යයනයෙහි නියැලෙන්නන්ගේ අවධානයට ලක් විය යුතු ය. සිංහල භාෂාධ්යයන විෂයයෙහි ලාද මෙම යාවත්කාලීන වීම වැදගත් ය. කෙවිඩ් වසංගතය සහ අතථ්ය මුදල් ක්ෂේත්රය ආශ්රිත අදහස් සිංහල භාෂාවෙන් සන්නිවේදනයත් සමග ඒ සඳහා අවශ්ය වාක්කෝෂ ක්රමයෙන් විකාසය වූ ආකාරය. ඒ ඇසුරෙන් හඳුනා ගත හැකි භාෂා ලක්ෂණ වැනි කරුණු මෙන් ම කොවිඩ් වසංගතය සහ අතථ්ය මුදල් ක්ෂේත්රය පාදක කර ගනිමින් සිංහලයෙහි නව පරිමිත ස්වරූප හඳුනා ගැනීම වෙත ද මෙහි ලා අවධානය යොමු කෙරේ.\u003c\/p\u003e\n\u003cp\u003eසිංහල භාෂා අධ්යයනයෙහි නියැලෙන්නන්, සමාජ ප්රවණතා සමග වාක්කෝෂයෙහි ඇති වන ප්රවණතා නොවැදගත් යැයි නොසලකා ඒ සම්බන්ධයෙන් සාවධාන වීම වැදගත් ය. ප්රධාන අංශ දෙකට අමතර ව එවැනි ප්රවණතා කිහිපයක් පිළිබඳ සැකෙවින් ගෙන හැර දැක්වීම ද මෙහි දී සිදු වෙයි. කාලානුරූපී ව සිංහල වාක්කෝෂයෙහි ඇති වන ප්රවණතා විමර්ශනයත් ඒ ඔස්සේ නව පමිත ස්වරූප හඳුනා ගත හැකි ද යන කාරණය පිළිබඳ අවධානය යොමු කිරීමත් සඳහා මෙම කෘතියෙන් ඇයුම් කෙරේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47756487655650,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Vagkoshaya.jpg?v=1777540894"},{"product_id":"lakdiva-kaurawa-janaya-ලක්දිව-කෞරව-ජනයා","title":"Lakdiva Kaurawa Janaya - ලක්දිව කෞරව ජනයා","description":"\u003cp\u003eසිංහල සමාජ ක්රමයේ ප්රධාන අංගයක් පිළිබඳව සිදු කළ ප්රථම පූර්ණ අධ්යයනය වන එම්. ඩී. රාඝවන් ගේ මෙම නිබන්ධනය, ලංකාවේ  මානව විද්යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි. නූතන ලංකාව ගොඩනැගීම සඳහා විවිධ මූලිකාංගයන් දායක වී ඇති අතර, ඉන් එකක් වන කරාව කුලය පිළිබඳව පැහැදිලි කිරීමෙන්, සමස්තයක් ලෙස ලංකා සමාජය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට කතුවරයා අත්යවශ්ය පියවරක් තබා ඇත. එහි ප්රතිඵලය කරාව ප්රජාවට පමණක් නොව සමස්ත ලංකාවටම වැදගත් වන අතර, මානව විද්යාත්මක අධ්යයනයන්හි පුළුල් අරමුණු සඳහා ද ඉවහල් වේ. කතුවරයා මීට පෙර ‘ලංකාවේ ජනවාර්ගික සමීක්ෂණ’ (Ethnological Survey of Ceylon) මාලාව යටතේ පළ කළ අධ්යයනයන්ට ආවේණික වූ සූක්ෂම ශාස්ත්රීයභාවය සහ ගැඹුරු අවබෝධය මෙම ග්රන්ථෙයන් ද මැනවින් නිරූපණය වේ. මෙය වේගයෙන් වෙනස් වන සමාජයක් පිළිබඳ කාලීන විස්තරයකි. මධ්යකාලීන යුගයේ සිට නූතන යුගය දක්වා ලංකා ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ ජනකොටසක ගමන් මග හඹා යන මෙම ග්රන්ථය, සාම්ප්රදායික හා ඓතිහාසික පසුබිම හමුවේ කරාව සංස්කෘතිය නිවැරදිව තේරුම් ගැනීමට මෙන්ම ලංකා සමාජයේ අවම වශයෙන් වටහාගෙන ඇති අංගය වන ‘කුලය’ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද දායක වේ. මෙම කෘතියෙන්, කුලය පිළිබඳ අධ්යයනය නව දෘෂ්ටිකෝණයකින් ප්රවේශ වී ඇත. එනම් කුලය යනු සමස්ත ඉන්දියානු උපමහාද්වීපයටම පොදු සංසිද්ධියක් ලෙසත්, එය විශේෂිත ප්රාදේශීය ස්වභාවයකට අනුකූලව යොදාගත හැකි ආකාරයත් මෙහිදී ඒකාබද්ධ කර ඇත.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47812635099362,"sku":null,"price":1750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KauravaVanshaya.jpg?v=1779109711"},{"product_id":"sathuta-sadana-pasalakata-සතුට-සදන-පාසලකට","title":"Sathuta Sadana Pasalakata - සතුට සදන පාසලකට","description":"\u003cp\u003eප්රාථමික පන්ති කාමරය තුළ ප්රීතිය, නිර්මාණශීලිත්වය, විචාරාත්මක චින්තනය හා ආචාරධාර්මිකත්වය ඇති කරන අතරම ශිෂ්ය ශිෂ්යාවන්ගේත් ගුරුවරුන්ගේත් සන්තෘප්තිය ඇති කරන සතුටු සපිරි පාසලක් ඇති කරගන්නේ කෙසේද?\u003c\/p\u003e\n\u003cp\u003eමේ පොතෙහි ඒ ප්රශ්නයට පිළිතුරු තිස්තුනක් අඩංගු වේ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ පිළිතුරු තිස්තුන ප්රාථමික පාසල් අධ්යාපනය කුමක් සඳහාද යන ප්රශ්නයට පිළිතුරක් ලෙසද සැළකිය හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003eආනන්දජනක පාසල් අනාපනයක් ඇති කිරීමෙහි ලා මේ හි විස්තර කෙරෙන උපතු අපට වේණික ආකාර වළින් අප් පාසල්වල දැනටමත් ක්රියාත්මක වන්නේ විය හැකිය. ඇතැම් උපසුම අප් පාසල් වලට අලුත් විය හැකිය. ඒ යෙසේ වෙතත් අභිමානවත් පාසල් ගුරු ජිවිතයක් ගෙවනු කැමැති සියලු දෙනාට පොතඅපරිමිත ආනුභාවයක් සපයයි.\u003c\/p\u003e\n\u003cp\u003eතම දරුවන්ගේ පාසල් අධ්යාපනය වෙතින් අපේක්ෂා කළ යුත්තේ මොනවාද යන්න වටහා ගැනීමෙහි හා මේ පොත දෙමාපියන්ටද අත්පොතකි. අධිකය පිළිබඳ අත රට පවත්නා මහජන සංවාදයට මෙමගින් උත්තේජනයක් ලැබේ. එසේම, මෙය ෆින්ලන්තයේ පාසල් අධ්යාපනය පිළිබඳ හොඳ අව්යධයක්ද අපට ලබා දෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47908865802466,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SathutaSadana.jpg?v=1782188283"},{"product_id":"yathrika-යාත්‍රිකා","title":"Yathrika - යාත්‍රිකා","description":"\u003cp\u003eමායාමය සුන්දරත්වයකින් අනූන, කල්පිත 'චයෝරා' දිවයිනෙහි නිස්කලංක මිනිස් දිවිසැරීය පසුබිම් කරගනිමින් ලියැවෙන මේ නවකතාව භූමිය සමග එහි මුල් පදිංචිකරුවන්ගේ ඇති ආත්මීය සබඳතාව බිඳ දමන පැරණි යටත්විජිතවාදයේම නව දිගුවක් වන 'හරිත යටත්විජිතවාදයේ' ආගමනය සහ ඊට එරෙහි ප්රතිරෝධය තේමා කරගනිමින් ලියැවුණකි. බටහිර අධිරාජ්යවාදය සහ පීඩක රාජ්යයන් විසින් මුල් සිඳලන ලද, ලෝකය පුරා ස්වදේශික ජනයාගේ නිජබිම් උරුමය, ජීවත් වීමේ අයිතිය සහ ඔවුන්ට හිමි විය යුතු යුක්තිය පිළිබඳ සංවාදයක් මෙම ප්රබන්ධය මගින් විවර කරන අතර අප දන්නා ඉතිහාසය යටත්විජිතහරණ ආඛ්යානයන් ඔස්සේ යළි කියැවීමෙහි වැදගත්කම අවධාරණය කරයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47942081806562,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/yathrika.jpg?v=1782899127"},{"product_id":"dharani-ධරණි","title":"Dharani - ධරණි","description":"\u003cp\u003eමායාව සහ යථා ලෝකය අතර දෝලනය වෙන තරුණියකගේ සංකීර්ණ මනෝ ව්යාධියක් පසුබිම් කරගෙන ගෙතෙන ධරණි, දකුණේ සහ උතුරේ දේශපාලන අරගලවලට මැදි වූ මිනිසුන්ගේ ජීවිත යාකරන වියමනකි. 80 දශකයේ සිට යුද්ධය අවසන් වීමෙන් පසු ගත වූ දශකය දක්වා කාල පරාසයක් තුළ ගොඩනැගෙන දේශපාලන සිද්ධි දාමයක් හරහා  ඇවිද යන කතා නායිකාව දකුණට නොපෙනෙන උතුරේ ජීවිතවල ඛේදනීය යතාර්ථයට සම්මුඛ වෙයි. සිය මනෝරාජික ලෝකයේ මිතුරිය වන උතුරේ අරගලකාරිය සමග ගොඩනගා ගන්නා \u003cbr\u003eසංකීර්ණ මානසික ගැටුම තුළින් ඈ ප්රේමය සහ ජීවිතය පිළිබඳ ගැඹුරු සංවාදයකට පිවිසෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47948132581602,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/dharani_1.jpg?v=1782899219"},{"product_id":"nili-wessa-නිලි-වැස්ස","title":"Nili Wessa - නිලි වැස්ස","description":"\u003cp\u003e17 වැනි සියවසේ උඩරට රාජධානිය සහ සතර කෝරළය පසුබිම් කරගනිමින් ලියැවුණු ප්රබන්ධ නවකතාවක් වන ‘නිලි වැස්ස’ ප්රකට ඓතිහාසික ආඛ්යානවලින් බැහැර වෙමින් ලියැවුණකි. සතර කෝරළයේ ජනප්රවාදවලින් සහ අප්රකට ඓතිහාසික තොරතුරුවලින් පෝෂණය වෙමින් ගොඩනැගෙන මෙම ප්රබන්ධ නවකතාව ලන්දේසි සෙනෙවියකු හා පෙමින් බැඳෙන උඩරට රජුගේ රහසිගත යකඩදෝලියක වටා ගෙතෙන වික්රමාන්විත ආදර අන්දරයකි. 17 වැනි සියවසේ උඩරට රාජධානියේ දේශපාලනික පසුබිමද වස්තුවිෂය කරගනිමින් ලියැවී ඇති මෙය ප්රේමය, ලිංගිකත්වය සහ සංකීර්ණ ස්ත්රී පුරුෂ මානවීය බැඳීම්වල ගැඹුරු මානයක් ස්පර්ශ කරයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47948148310242,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/niliwessa.jpg?v=1782899576"},{"product_id":"wannadasi-වණ්ණදාසි","title":"Wannadasi - වණ්ණදාසි","description":"\u003cp\u003eලාංකේය පහළ මධ්යම පාන්තික ජීවිතවල ඛේදනීය යථාර්ථයක් හෙළි කරන ‘වණ්ණදාසි’,  \u003cbr\u003eලිංගික ශ්රමිකත්වය ජීවිකාව කොට ගත් ගැහැනියක සහ ඇගේ දියණිය වටා ගෙතෙන අනුවේදනීය නවකතාවකි. අමා රණ්බන්ඩාර නම් ප්රකට විලාසිතා නිර්මාණ ශිල්පිනියගේත් ඇගේ මව වන නීලමනීගේත් ජීවන අරගලය ඔස්සේ දිග හැරෙන්නේ දශක කිහිපයක් තිස්සේ ජරාජීර්ණ වෙමින් තිබෙන සමාජයක නිරුවතයි. රාජ්ය බලය, ධනපති පන්තිය සහ ජනමාධ්ය මතින් ගොඩනැගෙන බල සම්බන්ධය පීඩිත ස්ත්රී ජීවිත සූරාකෑමට ලක් කරන ආකාරය නිරූපණය කරන මෙම ප්රබන්ධය සාධාරණ සමාජයක් සඳහා \u003cbr\u003eඅරගල කිරීමේ අපේක්ෂාව දල්වයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47948191564002,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/wannadasi.jpg?v=1782900804"},{"product_id":"bana-kusum-බාණ-කුසුම්","title":"Bana Kusum - බාණ කුසුම්","description":"\u003cp\u003e18 වැනි සියවසේ සිට මේ දක්වා ලාංකේය සිංහල සමාජයේ සමාජ-සංස්කෘතික පරිණාමයත් ඉංග්රීසි යටත් විජිත යුගයට පෙර සහ පසු ස්ත්රී නිදහස සහ ලිංගිකත්වයත් තේමා කරගනිමින් ලියැවුණු ‘බාණ කුසුම්’, \u003cbr\u003eඋඩරට සිත්තර පරම්පරාවකට අයත් තරුණියක සහ ඇගේ මී මිනිපිරියක සිය ආත්මීය බැඳීම් ඔස්සේ ස්ත්රී ආශාවේ සැඟවුණු ඉසව් සොයා යාමේ චාරිකාව කේන්ද්ර කරගනිමින් ලියැවුණකි. එහිදී විකල්ප කලා ඉතිහාස ආඛ්යාන ඔස්සේ උඩරට විහාර බිතු සිතුවම් කලාව යළි කියවීමේ වැදගත්කම අවධාරණය කරන මේ ප්රබන්ධ නවකතාව  ගතානුගතික සදාචාර කඩතුරාවලින් වසා ඇති සුළුතර ලිංගික දිශානති පිළිබඳ සාකච්ඡාවක්ද රැගෙන එයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47948251889890,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/BNKusum.jpg?v=1782901753"},{"product_id":"sayuruthera-pahantemba-සයුරුතෙර-පහන්ටැඹ","title":"Sayuruthera Pahantemba - සයුරුතෙර පහන්ටැඹ","description":"\u003cp\u003eතුර්කි - ග්රීක සමුද්ර දේශසීමාව අසල හුදෙකළා ප්රදීපාගාරයක වාසය කරන කුඩා දරුවකුගේ මතක ආවර්ජනා ඇසුරෙන් ගොඩනැගෙන මෙම නවකතාව තුර්කි ජන රජය බිහිවීම, දෙවැනි ලෝක යුද්ධය සහ එරට හමුදා පාලනයකට නතු වීම යනාදී ඓතිහාසික සිද්ධි සමූහයක් පසුබිම් කරගත් ළගන්නාසුලු කතාන්තරයකි. කෙනෙකුගේ ළමාවිය ඒ තැනැත්තා මත කෙතරම් තීව්ර බලපෑමක් ඇති කරන්නේද යන්න මොනවට පැහැදිලි කර දෙන මෙම කෙටි නවකතාව, සහෝදර ප්රේමය, දාරක ප්රේමය, ආදරය, වෛරය මෙන්ම දේශානුරාගය ආදී මානුෂීය හැගීම් සහ මිනිස් සන්තානය විසිතුරු ලෙස විවරණය කරන අපූර්ව නිර්මාණයකි. මෙය තුර්කි ලේඛක ෆරත් සුනෙගේ නවකතාවක් සිංහල බසට පරිවර්තනය වන පළමුවැනි අවස්ථාවයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48090819035362,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/sayurutheracover.jpg?v=1784953131"},{"product_id":"piyasara-gedara-පියසර-ගෙදර","title":"Piyasara Gedara - පියසර ගෙදර","description":"\u003cp\u003eපරම්පරා දෙකකට අයත් පුත්තු සහ දූවරු අවකාශය ඔස්සේ යෙදෙන තථ්ය ගමනක අතරමැද තථ්ය, සංකේතමය, සංස්කෘතික හා රූපකමය පියවරුන් සොයා කාලය වෙතද, මතකය වෙතද යති. අවකාශය හා කාලය කරා යන ඒ ගමන් විචිත්ර ලංකා සමාජයක් ප්රාණ ගන්වන ඓන්ද්රීය චරිත සමූහයක් රසිකයා හමුවට ගෙන එයි; පියවරුන්ගේ ස්වර, සාරය මෙන්ම හී සරද කතාවේ චිත්රණය වේ. කතාවක් කීමෙන් මෙන්ම, ඒ කතාව කියන ආකාරයෙන්ද රසාර්ථ උද්දීපනය කිරීමේ අමරකීර්තිගේ ශිල්පීය නැඹුරුව මේ කෘතියෙන්ද පෙනේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48090820215010,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/piyasaragedara.jpg?v=1784953766"},{"product_id":"kola-hulanga-කොළ-හුළඟ","title":"Kola Hulanga - කොළ හුළඟ","description":"\u003cp\u003eගබඩා, විනෝදශාලා සහ මුඩුක්කු වලින් නිර්මිතමහා සුළිසුළඟක් මකොන්දෝ නමැති කුඩා නගරය මතපතිත වූ කල. ඒ සමග පැමිණි දුර්ගන්ධය කරණ කොට ගෙන එහි වැසියන්ට තවදුරටත් ස්වකීය නිවහන හඳුනාගන්නට පුළුවන් වන්නේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003eකෙසෙල් සමාගම පැමිණ. ඒ ආ වේගයෙන්ම ආපසු යන්නට ගිය විට ඔවුන් හට ඉතිරි වන්නේ කුණු වී යන රික්තකයක් පමණි. මේ ගොහොරුවේ ජීවත්වන අවසාන ගෞරවාන්විත මිනිසා වන කර්නල්වරයා, මුළු නගරයේම පිළිකුලට බඳුන් වූ වෛද්යවරයා මියගිය කල, ඔහුගේ අවසන් කටයුතු කරන බවට බොහෝ කලකට පෙර ඔහුට දුන් පොරොන්දුව ඉටු කිරීම පිණිස මුළු නගරයටම එරෙහි විය යුතුය.\u003c\/p\u003e\n\u003cp\u003eමිනිස් සන්තානයේ ගැඹුරුම තැන් ඉසියුම් ලෙස ස්පර්ශ කොට විවරණය කරන මෙම කෙටි නවකතාව, නොබෙල් සාහිත්ය ත්යාගලාභී ගබේරියෙල් ගාර්ෂියා මාර්කේක්ස්ගේ පළමුවැනි නවකතාවයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48090821656802,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/kolahulanga.jpg?v=1784954132"},{"product_id":"akalhi-marutha-අකල්හි-මාරුත","title":"Akalhi Marutha - අකල්හි මාරුත","description":"\u003cp\u003eකඳුකරයේදී ඔබ ඇස ගැටෙන හුදෙකලා ගොඩැල්ලක් යට සැමරුම් විරහිතව සදාකාලික නින්දට එළැඹ සිටින්නේ ඔවුන´ තරින් කිසිවෙකු වන්නට පුළුවන. අනුකම්පා විරහිතව තමන්ගේ හදබිමෙන් පලවා හරින ලද ඒ ගැහැනුන්ගේද මිනිසුන්ගේද කතාව ඉතිහාසයේ අඳුරු මුල්ලක සඟවා වසං කරනු ලැබ ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eඋදුරා ගත් බිම් අස්වද්දන්නට රැගෙන ආ අර්ධ වහලුන් සේ සැලකුම් ලද්දවුන්ද ඒ මුල් උරුමකරුවන් හා සරීවම නොසලකා හැර ඇත්තේ සියක් වසකට පසුවත් රැවටිලි සහගතප්රලාප වල ගොදුරක්ව සිටිති.\u003c\/p\u003e\n\u003cp\u003eඉතිහාසයේ කම්පා සහගත කුණාටු අතරින් ඇවිදිමින් ඒ කඳුකර මිනිසුන්ගේ ඇත්ත කතාව කියවමු.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48125970743522,"sku":null,"price":1800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/AkalhiMarutha.jpg?v=1785568294"},{"product_id":"nagadanthi-නාගදන්ති","title":"Nagadanthi - නාගදන්ති","description":"\u003cp\u003eමරණය කියන්නෙ අවසානයක් නෙවෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eතවදුරටත් රිදවිය නොහැකි තැනකට ආත්මය රැගෙන යාමක් විතරයි.\u003c\/p\u003e\n\u003cp\u003eස්නේහා මට කියල දුන්නේ අන්න ඒක.\u003c\/p\u003e\n\u003cp\u003eස්නේහා කියලා කියන්නේ මං දන්නා තරමින් ආදරේට මැරීගෙන ආදරේ කෙරුව ස්නේහවන්තියක්.\u003c\/p\u003e\n\u003cp\u003eඑයා තරම් මේ ලෝකෙ කිසිම කෙනෙක් අහිමි වෙච්ච ආදරයක් වෙනුවෙන් මුළු ජීවිතේම විනාශ කරගනීවි කියලා මං නම් හිතන්නේ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eදෙවියන්වහන්සේ ලුසිෆර් දේව දූතයාව සාතන් යක්ෂයා බවට පත්කෙරුවා නම්, මේ දේවදූතියත් යක්ෂණියක් බවට පත්වෙච්ච එක මට දැන් අරුමයක් නෙවෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eස්නේහා මියගියත්, මේ කතාව ඇතුළේ ඒ ස්නේහය, 'වැන්ගෝ' වගේ සදාකාලිකවම ජීවත්වන බව මං දන්නවා.\u003c\/p\u003e\n\u003cp\u003eඒ නිසයි මං මේ ස්නේහයේ කතාව එළිදක්වන්න තීරණය කෙරුවේ.\u003c\/p\u003e\n\u003cp\u003eමොරටුවේ ඒ කහ පාට බිත්ති අතර සිරවෙලා තිබ්බ රහස් සේරම දැන් මේ පොතේ පිටු අතර නිදහස් වෙලා යාවේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48129797423330,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG-20260803-WA0003.jpg?v=1785740157"},{"product_id":"sathsara-viplawawadiya-සත්සර-විප්ලවවාදියා","title":"Sathsara Viplawawadiya - සත්සර විප්ලවවාදියා","description":"\u003cp\u003e\"බොහෝ ලෝක ප්රසිද්ධ තරු දෙස බලන විට, ඔවුන් එකල පැවැති සමාජය වැලඳගත් නව ප්රවණතාවන්වල එල්ලී ඒ තුළින් ඉහළට ආ බවක් පෙන්නුම් කරයි. එහෙත් රොබර්ට් නෙස්ටා මාර්ලි හෙවත් බොබ් මාර්ලි මීට හාත්පසින් වෙනස් වෙයි. ඔහු ජැමෙයිකාව තුළවත් එතරම් ජනප්රිය නොවූ රෙගී සංගීතය නව ප්රවණතාවක් කර එයින් ඉහළට ආවෙකි. එනම් ඔහු 'ට්රෙන්ඩ්’ එකක් සාදා සුපිරී තරුවක් වූවෙකි. බොබ් රෙගී රජු වන්නේ ඒ නිසයි. අදටත් ඔහුගේ රෙගී කිරුළ කිසිවෙකුටත් ලබාගත නොහැක්කේද එහෙයිනි. මිය ගියත් නොමියෙන මිනිසෙකු වූ බොබ්ගේ හිස මත වූ රෙගී කිරුළ හැමදාම රාජමානව තිබේවි. සත්තකින්ම ඔහු නොමියුණු මිනිසෙකි.\u003c\/p\u003e\n\u003cp\u003eසැබෑ ජනතාවාදී ගායකයෝ මිය නොයති.\u003c\/p\u003e\n\u003cp\u003eඊට හොඳම උදාහරණය බොබ් මාර්ලි ය.”\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48244305821922,"sku":null,"price":2500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SathsaraWiplawawadiya.jpg?v=1787131137"},{"product_id":"kumari-ennna-ennama-loku-una-sunil-enna-ennama-punchi-una-කුමාරි-එන්න-එන්නම-ලොකු-වුණා-සුනිල්-එන්න-එන්නම-පුංචි-වුණා","title":"Kumari Ennna Ennama Loku Una Sunil Enna Ennama Punchi Una කුමාරි එන්න එන්නම ලොකු වුණා සුනිල් එන්න එන්නම පුංචි වුණා","description":"\u003cp\u003eනවකතාව නොහොත් චරිතාභිමුඛ්ය ප්රබන්ධ සාහිත්යයේ අතිශය වැදගත් සෙලවීමකි. නැවුම්කරණය නැවුම්කරණය නොරඳන නිපැයුම්කරණයක, අනන්යතාව ගිලිහී යනු පිණිස පවතින විභවය වැඩිය. කුමුදු කුමාරසිංහගේ කෙටිකතා කලාව තුළ නොපවතින්නේ මෙකී විභවයයි.   කෙසේ වෙතත් තථ්ය ප්රබන්ධය මුළුමණින්ම හිස් අවකාශයකින් පැන නැගුනු නොවේ. පවතින සම්ප්රදායන් මෙන්ම තාක්ෂණවේදයන් නව්යකාරක ආවේගයකින් එසැණබලකරණය කිරීම ඔස්සේ ම බිහි වන්නේ වෙයි. කුමුදුගේ මංගල කෙටිකතා සමුච්චය වූ 'ආච්චිලා මිහිදරිලා සහ තවත් ගෑනු' මෙන්ම අභිනව කෘතිය වන 'කුමාරි එන්න එන්නම ලොකු වුණා, සුනිල් එන්න එන්නම පුංචි වුණා' මේවන් ලකුණු රඳනු තහවුරු සමතික්රමණයකි.   නවකතාව යනු කිසිදා ඇස නැති කතාවස්තු සංඥාවකට අභිමුඛ වීම පමණක් ම නොවේ. අභිගම්ය අන්යය වූ කතුවර කථනය, දාර්ශනිකාංශ සහ ආඛ්යානවේදය ඔස්සේ ගොඩ නැගෙන සම්පූර්ණ අඩංගුවය. එසේම, නවකතාව යනු බලහත්කාරී හද ගැස්ම මේජ්වල් කරගත් සින්තටික ගොඩනැංවීමක් නොවේ. ප්රබන්ධ කෘතියක අභ්යන්තරය, නාට්යබව නැතහොත් යථානුභූතතාව ආත්මීයත්වයේ ගොඩනැංවීමකි.   කුමුදු කුමාරසිංහ නමින් දැන සිටි ස්ත්රී රූප පෞරුෂය, පූර්ණත්වයට පත්වීමට නියමිතව ඇත්තේ ලිවීම නම් සංස්කෘතික ක්රියාවලිය ඔස්සේය. එය දැනටමත් සිද්ධ වෙමින් පවතින්නක් බව සභාඳ ඔබට අවධාරණය කරමි. කුමුදු කුමාරසිංහ යනු දකුණු ආසියාතික හින්දූන් අතරමැදි ලතින් ඇමෙරිකානු සිහිනයක් දකිනා බලු ප්රමාණකාර ස්ත්රී පෞරුෂයකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942138622178,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kumari.jpg?v=1790155642"},{"product_id":"sudu-kalu-සුදු-කළු-translation-of-to-kill-a-mocking-bird-by-harper-lee","title":"Sudu Kalu - සුදු කළු Translation of To Kill a Mocking Bird by Harper Lee","description":"\u003cp\u003e\"පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල්වලට වෙඩි තිබ්බට කමක් නෑ. මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය. ඒත් බටිටිච්චන් නම් වෙඩි තියන්න එපා පුතා. උන් මරණ එක පවක්.\"   දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව. මං ඒ ගැන මෝඩී මිස්ගෙන් ඇහුවා.   \"ඔයාගෙ තාත්තා හරි. බට්ටිච්චො කරන්නෙ අපිව සතුටු කරන්න සින්දු කියන එක විතරයි. වළවල්, පලතුරු විනාස කරන්නෙ නෑ. ඒ හින්දා උන්ව මරන එක පවි.\"   සත්ය වශයෙන්ම බට්ටිච්චෙකු වන් අහිංසක කළු මිනිසෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ අපවාදයටද, වෛරයටද පාත්ර වන නීතිවේදී පියෙකුගේ නව හැවිරිදි දියණිය වන ස්කවුට්ගේ දැකීම් තුළින් ගොඩනැගෙන මේ අපූරු නවකතාව කලාතුරකින් කියවන්නට ලැබෙන රසවත් කෘතියකි. \u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942211858658,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/sudukalu_jpg.jpg?v=1790223425"},{"product_id":"surekha-samarasena-මෙතන-රෝස-මල","title":"Methana Rosa Mala - මෙතන රෝස මල","description":"\u003cp\u003eමම ලියන්න වාඩිවෙන හැම වෙලාවකමකොහෙන් හෝ අඳුරු කාමරයකින්ගෑනියෙක් එනවා.   සමහරවිට ඇය මගේ මතකයක් වෙන්න පුළුවන්;මගේ කෝපයක්;මට අහිමි වූ ආදරයක්.   මම ඇයට නමක් දෙනවා;ගෙයක් දෙනවා;සමහරවිට දරුවෙක්;සමහරවිට මිනිහෙක්;සමහරවිට කිසිවෙක් නැහැ.   ඊට පස්සෙ ඇයත් මමත් කතන්දරය ලියනවා.එහෙම ලියපු කතන්දර දහයක්මේ පොතෙත් තියෙනවා.   වඩා වැදගත්ම දේ මේකයි.මේ කතන්දර අස්සෙ ඔයත් ඉන්නවා.කතන්දර අස්සට ගිහින්ඔයාව හඳුනාගන්න උත්සහ කරන්න\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942235746530,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Rosamala.jpg?v=1790155367"},{"product_id":"karu-saha-puthraya-කරු-සහ-පුත්‍රයා","title":"Karu Saha Puthraya - කරු සහ පුත්‍රයා","description":"\u003cp id=\"p-rc_c8e52445187f5cb4-92\"\u003e\u003cspan\u003eකරුණාරත්න අබේසේකරයන් ගැන නොදන්නා කිසිවෙකු සිංහල පාඨක ලෝකයේ නැතැයි සැලකෙන පමණට ඔහු නම කාටත් හුරුය\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. ළපැටි පාසල් වියේ පටන්ම සරසවිවරම ලබා දහස් ගණන් කවි ලියා ඇති ඔහුට සිරිමතියගේ බැල්ම අතුනව ලැබී ඇති බව පලවන්නේ ඔහුගේ යස ඉසුරෙන් නොවේ\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. නොමසුරුව කවදත් ඔහුගේ මුව පුරා බැබලෙන ප්රසාදවත් සිනා රැල්ලෙනි\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e.\u003c\/span\u003e \u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/p\u003e\n\u003cp id=\"p-rc_c8e52445187f5cb4-93\"\u003e\u003cspan\u003eකලක් තිස්සේ ලංකා ගුවන් විදුලියෙන් ශ්රාවකයන් රසවත් කිරීමෙහි යෙදුණු ඔහුගේ මට සිළිටි කට හඬ අදත් ඒ මගින්ම නිතර ඇසෙන්නේ තම ව්යාපාරයන් පිළිබඳව කිවයුතු දේ රසබරව ඔහුගේ මුවින් පවසා ගැනීමට ව්යාපාරිකයන් දරණ තරඟයේ ජය සංකේතයක් විලසය\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. සිංහල චිත්රපට ගීත අංගයෙහි ප්රමුඛ ගීත නිබන්ධකයා වශයෙන් ජයන්ති පිහිටුවා ඇති කරුණාරත්න අබේසේකරයන් රසවත් ප්රවෘත්තියක් ඉතා සැකෙවින් රසබරව දැක්වීම අතින් මේ පොත් පිංචෙන්ද විසුරුවා ඇත්තේ ඔහුගේ කවි, ගී වලින් කර ඇති පරිද්දෙන්ම කතා රුවන් කැට සමූහයක් විසුරුවා හැරීමකි\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. ඒ රුවන් කැට කරුණාරත්න චින්තා රත්නයන් වශයෙන් පාඨක ලෝකයෙහි බැබලෙනු ඇත\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942288535778,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/karu.jpg?v=1790156002"},{"product_id":"no-name-cafe-නෝ-නේම්-කැෆේ","title":"No Name Cafe - නෝ නේම් කැෆේ","description":"\u003cp\u003eප්රබන්ධකරණය නම් ගැඹුරුතර ක්රියාවලිය, නිරායාසකර ලීලාවෙන්, මා බ්රහ්මචර්යාවෙහි රඳවයි. ජීවිතයේ කේන්ද්රීය ධාරණාව ලෛංගික සන්තෘප්තිය නොහොත් හැමිණිල්ල යැයි සිතා සිටින ජීවන අවධිය අවසන් වන්නේ මෙකී ආශාව කෙළවර වීමෙන් නොවේ.   ඒ වනාහි ජමෙට සන්තෘප්ත නොවන සංවේදනාවක් ලෙස අවබෝධප්රාප්ත වීමෙනි. අප මේ පසු කරමින් සිටින්නේ ලෛංගික සබඳකම් කියා දෙයක් අතිනිශ්චය නොවන, ආශාව මිය යමින්, වේදනාව ම ලඟ දෙන අවධිය යි. භෞතික අභිමුඛවීම් මහා ප්රාතිහාර්යයන් නොවන බැවින් මා සිතන්නේ මගේ ජීවිතයේ සමකාලීන මොහොත, කවරාකාර හෝ ස්ත්රී මායාවකින් දෙදරා නොයන බව යි. ඉතින් මා ස්ථිර වශයෙන් ම මේ කරමින් සිටින්නේ ජීවන වාර්තාකරණයකැයි විශ්වාස ගන්නට සභාඳ ඔබට බාධාවක් නැති. සිද්ධ වෙමින් පවතින්නේ මා ද ඇතුළත් අධි නිවුනතාවකින් තොර සංසිද්ධි සමුච්චයකි \u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942330249442,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/NoNamecafet.jpg?v=1790156686"},{"product_id":"jam-pera-kolla-ජෑම්-පේර-කොල්ලා","title":"Jam Pera Kolla - ජෑම් පේර කොල්ලා","description":"","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942348108002,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Jampera.jpg?v=1790157064"},{"product_id":"kumara-yugaya-කුමාර-යුගය","title":"Kumara Yugaya -  කුමාර යුගය","description":"","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942355185890,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KumaraYugaya_3c6f1ebe-95ce-4918-8424-1eec040800a8.jpg?v=1790157359"},{"product_id":"adhiraju-sathapenu-pinisa-අධිරජු-සැතපෙණු-පිණිස","title":"Adhiraju Sathapenu Pinisa - අධිරජු සැතපෙණු පිණිස","description":"","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":67561634234594,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/adhiraju.jpg?v=1790675963"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/new-comings.oembed?page=2","provider":"Vidarshana ","version":"1.0","type":"link"}