{"title":"Other","description":"","products":[{"product_id":"balzac-cafe-බල්සාක්-කැෆේ","title":"Balzac Cafe - බල්සාක් කැෆේ","description":"\u003cdiv class=\"xdj266r x14z9mp xat24cr x1lziwak x1vvkbs x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eබල්සාක් කැෆේ නමින් එදා පළ වූ තීරුලිපි සංග්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරහය සහෘද පාඨක ඔබට එනමින්ම.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003cspan class=\"html-span xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\"\u003e\u003ca class=\"html-a xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\" tabindex=\"-1\"\u003e\u003c\/a\u003e\u003c\/span\u003eකෙටි කතා, නවකතා, තිරපිටපත් හා කාව්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයකරණයට ඔබ්බෙන්, පුවත්පත් කලාවේ\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමංජුල වෙඩිවර්ධන තැබූ සලකුණ ඔබට මෙයින් කියවා ගත හැකිය.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Vidharshana","offers":[{"title":"Default Title","offer_id":47042371682530,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/BalzacCafe.jpg?v=1766386936"},{"product_id":"chayaroopa-kalawe-nuthanawadayata-erehiwa-ඡායාරූප-කලාවේ-නූතනවාදයට-එරෙහිව","title":"Chayaroopa Kalawe Nuthanawadayata Erehiwa - ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව","description":"\u003cdiv class=\"xdj266r x14z9mp xat24cr x1lziwak x1vvkbs x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eදශකයකට අධික කාලයක් පුරා ලංකාවේ සඟරා\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e, පුවත්පත් ඇතුළු මුද්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරිත අවකාශවල ඡායාරූපකරණය සම්බන්ධයෙන් පළවුණු ලිපි එකතුවකි. \u003cspan class=\"html-span xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\"\u003e\u003ca class=\"html-a xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\" tabindex=\"-1\"\u003e\u003c\/a\u003e\u003c\/span\u003eඡායාරූප කලාව හදාරන අයට මෙන්ම හදාරන්නට ආශා කරන්නන් හට ද ආලෝකයක් සපයන කෘතියකි.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Vidharshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47042410905826,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/13_a130f051-1433-4440-81a6-20d3c2d51be4.jpg?v=1763401134"},{"product_id":"samaja-vidyathmaka-vimarshanayak-සමාජ-විද්‍යාත්මක-විමර්ශනයක්","title":"Émile Durkheim Samaja Vidyathmaka Vimarshanayak - එමිල් ඩුර්කයිම් සමාජ විද්‍යාත්මක විමර්ශනයක්","description":"\u003cdiv class=\"xdj266r x14z9mp xat24cr x1lziwak x1vvkbs x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eසම්භාව්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eය සමාජ විද්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයාත්මක චින්තනයේ ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරබලයෙකු වන එමිල් ඩුර්කයිම් සමාජ විද්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයාවන් බොහොමයකට අදාළ වන පරිද්දෙන් රචනා කර ඇති\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e කෘතියකි. \u003cspan class=\"html-span xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\"\u003e\u003ca class=\"html-a xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\" tabindex=\"-1\"\u003e\u003c\/a\u003e\u003c\/span\u003eවිශේෂයෙන්ම සමාජ විද්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයාත්මක විෂයන් හදාරන්නා වූ විශ්වවිද්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයාල විද්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයාර්ථීන් අධ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයයනය කළ යුතු ම කෘතියකි. මේ තුළ ශ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරම විභජනය\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e, අපරාධ\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e, අධ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයාපනය\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e, සමාජ කරුණු\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e, අනෝමීයත්වය\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e, පර්යේෂණාත්මක ක්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරියාවලිය\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e සහ ආගමික සංකල්ප පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් රචනා කර ඇත.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Vidharshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47047326499042,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Emil.jpg?v=1766387076"},{"product_id":"piduru-ballo-පිදුරු-බල්ලෝ","title":"Piduru Ballo - පිදුරු බල්ලෝ","description":"\u003cp\u003eක්රිස්තියානිය නිසා ඇති වූ මානවකේන්ද්රීය චින්තනයත්, එහිම උරුමයකියි ඔහු දකින ලෞකික මානව වාදයත් ප්රශ්න කරන බව ඇත්තය. එහෙත්, කිසිම සංස්කෘතික සාපේක්ෂතාවාදයකට ඔහු දිරි දෙන්නේ නැත. බටහිර නූතනත්වයට පිළිතුර අප ඇතැයි කියන ජාතිකවාදීහු සෑම රටකම සිටිති. ඔවුන්ට එවන් පිළිතුරක් නැත. මානවකේන්ද්රවාදයට පිළිතුර සේ ඔවුන් වෙත ඇත්තේ මානවකේන්ද්රවාදයටත් වඩා පටු දෘෂ්ටිවාදයකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47139265708258,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/58.jpg?v=1763909753"},{"product_id":"kolamba-mathaka-i-කොළඹ-මතක-i","title":"Kolamba Mathaka I - කොළඹ මතක I","description":"\u003cp\u003eකතුවරිය සිය මතකය රචනා කරන අතරම, කොළඹ කේන්ද්රීය මිනිසුන්ගේ ජීවිත විවිධ විපර්යාසයන්ට බඳුන්\u003cbr\u003eවෙමින් ඉදිරියට ගලා ගිය අන්දමත් පාඨකයා වෙත විවරණය කරයි. පුද්ගලමය ආඛ්යානයක් වුවද, පුද්ගලත්වය\u003cbr\u003eසහිත සමාජ-දේශපාලන කැන්වසය පිළිබඳ පුළුල් වැටහීමක් ලැබෙන කෘතියකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202036711650,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KolombaMathaka-01.jpg?v=1767782778"},{"product_id":"kolamba-mathaka-2-කොළඹ-මතක-2","title":"Kolamba Mathaka 2 - කොළඹ මතක 2","description":"\u003cp\u003eප්රමුඛ වශයෙන්ම 90 දශකයේ හා 21 වන ශතවර්ෂයේ මුල් දශකයේ කොළඹ ආශ්රිත විකල්ප සංස්කෘතික ක්රියාකාරකම් ක්ෂේත්රය මුල් කරගත් කතුවරියගේ අත්දැකීම් ලෝකය නිරූපණය කරන කෘතියකි. මතක සටහන් ඔස්සේ තමාගේ ලෝකය විදාරණය කිරිමට මේ කෘතියෙන් කතුවරිය උත්සාහ දරා ඇත. හුදෙක් එය ඇගේ ජීවිතය පිළිබඳ පමණක් කතාව නොවේ. එක්තරා යුගයක සාමාජීය චිත්රයක් මෙන්ම ඈ වටා හුන් බොහෝ චරිත පිළිබඳ ආඛ්යානයකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202051096802,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KolambaMathaka2.jpg?v=1766387193"},{"product_id":"vidarshana-mid-year-magazine-2025-විදර්ශන-අර්ධ-වාර්ෂික-කලා-සංස්කෘතික-සංග්‍රහය-2025","title":"Vidarshana Mid Year Magazine 2025 - විදර්ශන අර්ධ වාර්ෂික කලා සංස්කෘතික සංග්‍රහය 2025","description":"\u003cp\u003eකලා - සංස්කෘතික - සමාජ - දේශපාලන ක්ෂේත්ර පිළිබඳ විමර්ශනය කෙරෙන සඟරාවකි. මෙවන් සඟරාවක අවශ්යතාවක් කාලයක සිට පැවතිණි. විවිධ අදහස්, මතවාද, දූැනුම් එකිනෙක මුණගස්වමින් පාඨකයාගේ චින්තන පරිධිය පුළුල් කිරීම විදර්ශන සඟරා සංස්කාරකවරුන්ගේ අපේක්ෂාවයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202061058274,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/VidarshanaSangarawa.jpg?v=1767782591"},{"product_id":"hithaka-mathaka-හිතක-මතක","title":"Hithaka Mathaka - හිතක මතක","description":"\u003cp\u003eසුප්රකටයන් තුළ සැඟව සිටින අප්රකටයන් දැකීම කණ කැස්බෑ දැක්මක් වැන්න. ‘හිතක මතක’ පොතේදී ඔබට හමුවන්නේ ඔබ දැන හැඳින සිටි සුප්රකටයින් පිරිසක් තුළ විසූ ඔබ මින් පෙර කිසි දිනෙක නොදැන නොහැඳින සිටි අපූරු අප්රකටයන් පිරිසකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47202080358626,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/HitakaMataka.jpg?v=1767783108"},{"product_id":"obe-daru-sihina-malpala-ganweemata-ඔබේ-දරු-සිහිනය-මල්ඵල-ගැන්වීමට","title":"Obe Daru Sihina Malpala Ganweemata - ඔබේ දරු සිහිනය මල්ඵල ගැන්වීමට","description":"\u003cp\u003eමවක වීමට පෙරුම් පුරන කාන්තාවන්ට මෙන්ම, මවක වීමට නොහැකිව ඒ හා සම්බන්ධ ගැටලු වලට මුහුණ පා සිටින කාන්තාවන්ටද, තම සිහිනය සැබෑ කර ගැනීමට මෙම ග්රන්ථය පිටිවහලක් වන බව නොඅනුමානය. සඳහන් කරුණු සරලව විග්රහ කළ ඇති මෙම ග්රන්ථය පහසුවෙන් පරිශීලනය කළ හැකි වීමද මෙහි විශේෂත්වයකි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223416815842,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/ObeDaruSihinaya.jpg?v=1767782676"},{"product_id":"nirogi-daru-upathak-sandaha-danuwath-wemu-නිරෝගි-දරු-උපතක්-සඳහා-දැනුවත්-වෙමු","title":"Nirogi Daru Upathak Sandaha Danuwath Wemu - නිරෝගි දරු උපතක් සඳහා දැනුවත් වෙමු","description":"\u003cp\u003eමවක වීමට පෙරුම් පුරන කාන්තාවන්ට අද සමාජයේ ඒ හා පවතින ගැටලු හා ව්යාකුල තත්ත්වයන් නිරාකරණය කර එම කාර්තව්යයට පහසුවෙන් මුහුණ දීමට අවශ්ය දැනුම ලබා දීමට මෙම ග්රන්ථය ඉවහල් වනු ඇත. සරලව කරුණු විග්රහ කර ඇති මෙම ග්රන්ථය පහසුවෙන් පරිශීලනය කළ හැකි වීමද මෙහි විශේෂත්වයකි\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223422877922,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/NirogeeDaruUpathak.jpg?v=1767782706"},{"product_id":"sathutu-mawatha-සතුටු-මාවත","title":"Sathutu Mawatha - සතුටු මාවත","description":"\u003cp\u003eපුජා වෛද්ය ක්ෂේත්රයේ න්යායික දැනුම මෙන්ම ප්රායෝගික අත්දැකීම්ද රැසකින් යුතු වෛද්ය යමුනා ගගනි එල්ලාවල විසින් රචිත මෙම කෘතියෙන් වත්මන් සංකීර්ණ සමාජයේ පවතින, එහෙත් තවමත් වැඩි වශයෙන් ආමන්ත්රණය නොකෙරෙන පුද්ගල මානසික සෞඛ්ය පිළිබඳ දැනුම සරලව සහ රසවත්ව පුජාව වෙත සම්ප්රේෂණය කෙරෙයි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223472816354,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SathutuMawataha.jpg?v=1767782729"},{"product_id":"vipuli-suvipul-mathakawali-විපුලි-සුවිපුල්-මතකාවලි","title":"Vipuli Suvipul Mathakawali - විපුලි සුවිපුල් මතකාවලි","description":"\u003cp\u003eඑක්තරා ගැහැනියක් පහනක් අතින් ගෙන සමාජයේ අහුමුලු එළිය කරමින් තනිවම ඇවිදිමින් සිටියාය. ඇය හදිසියේ පහන බිම තබා නික්ම ගියාය. ඒ පහන තවම ඇවිළෙයි. එළිය විහිදුවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඒ ගැහැනියගේ නම විපුලිය.\u003c\/p\u003e\n\u003cp\u003eජයතිලක කම්මැල්ලවීර~\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47294545658082,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Vipuli.jpg?v=1767937361"},{"product_id":"max-weber-samaja-vidyathma-vimarshanayak-සමාජ-විද්‍යාත්මක-විමර්ශනයක්","title":"Max Weber Samaja Vidyathma Vimarshanayak - මැක්ස් වෙබර් සමාජ විද්‍යාත්මක විමර්ශනයක්","description":"\u003cp\u003eසම්භාව්ය සමාජ විද්යාඥයෙකු වන මැක්ස් වෙබර් 1880 දශකයේ සිට 1920 දක්වා පුරා දශක තුනක පමණ කාලයක් තුළ රචිත ලිපි, දේශන හා ග්රන්ථ මගින් ඔහු සමාජ විද්යාවේ ප්රවර්ධනයට කළ අනභිභවනීය දායකත්වය සුවිශේෂය. මෙම කෘතිය මැක්ස් වෙබර්ගේ දාර්ශනික සහ සමාජ විද්යාත්මක චින්තනය පිළිබද පුළුල් ගවේෂණයක් ඉදිරිපත් කරන්නකි. තවද මෙමගින් නූතන සමාජය පිළිබඳ ඔහුගේ අවබෝධය හැඩගස්වා ගත් සෑම ප්රධාන දෘෂ්ටිකෝණයක්ම පාහේ පරීක්ෂාවට භාජන කර ඇත. සමකාලීනව නූතනත්වය කරා විකාශනය වෙමින් පැවති සමාජ ඇසුරින් ඔහු විසින් සිදු කරන ලද විග්රහ පුළුල් පරාසයක සමාජ ප්රපංච, සංසිද්ධි සහ ආයතනික ව්යුහ ආශ්රයෙන් ගොඩනැගුණකි. මෙහිදී ආර්ථිකය, සමාජ ස්තරායනය, රාජ්ය තන්ත්රය, අධිකාරි බලය, දේශපාලනය, ආගම, විද්යාව, ආචාරධර්ම, සදාචාරය, අගනාකම්, තාර්කිකත්වය, නීතිය, සමාජ ක්රියාව ආදිය දැඩි පරීක්ෂාවට ලක් විය.\u003c\/p\u003e\n\u003cp\u003eවෙබර්ගේ ප්රධාන සංකල්ප සමග ගැඹුරින් සම්බන්ධ වීමෙන් මෙම කෘතිය වෙබර් නූතනත්වයේ චින්තකයෙකු ලෙස ඉදිරිපත් කර තිබේ. ඔහුගේ තීක්ෂණ බුද්ධිය සමකාලීන සමාජ යථාර්ථය ආලෝකවත් කර ඇත. 21 වන සියවසේ විවිධ සමාජවල කැපී පෙනෙන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ විද්යාත්මක සංසිද්ධි ගවේෂණය කිරීම සඳහා අනුගමනය කළ යුතු මාර්ග මෙම කෘතියෙන් ඉදිරිපත් කර තිබීම අගය කළ යුතු කරුණකි. එමෙන්ම අදහස්, ආයතන සහ මානව ක්රියා සංකීර්ණ ලෙස සම්බන්ධ වී ඇති නූතන සමාජය තේරුම් ගැනීමට දායක වන වෙබර්ගේ දැක්ම හෙළි කරන මෙම කෘතිය මගින් ඒ සඳහා මහඟු ආලෝකයක් ලබාගත හැකි වේ.\u003c\/p\u003e\n\u003cp\u003e~ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ\u003c\/p\u003e","brand":"Vidarshana","offers":[{"title":"Default Title","offer_id":47383897178338,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/MaxWebber.jpg?v=1769686512"},{"product_id":"americanu-musalmanuwa-ඇමරිකානු-මුසල්මානුවා","title":"Americanu Musalmanuwa - ඇමරිකානු මුසල්මානුවා","description":"\u003cp\u003e*සර්. ඔබ හුඟක් ආදරය කරපු කෙනෙක් චක්ක තිබුණු සම්බන්ධයක් කවද හරි කඩා වැටිලා තියෙනව ද?\u003c\/p\u003e\n\u003cp\u003eඔබට එහෙම වෙලා තියෙනව නම් ඔබට මං විඳපු අත්දැකීම සමහර විට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේ තත්වයන් වලදී සාමාන්යයෙන් ඇති වෙන හැඟීම් පාලනය කර ගන්න හරිම අමාරුයි. ඒ වෙලාවට එන ආවේගය හිතා ගන්නවත් බෑ.\u003c\/p\u003e\n\u003cp\u003eඊට පස්සෙ එන්නෙ ප්රමෝදයේ හැඟීමක්. අන්තිමට මහා නිදහසක් ලැබුණා වගේ දැනෙනවා. ඒ ලෝකය හරිම නැවුම්. පළවෙනි වගාවට දැකපු එකක් වගේ ඊට පස්සෙ සැකයේ නොවැලැක්විස නැයි කාල පරිච්ඡේදයක් වනවා ඒක බොහොම දරුණු වගේ ම විනාශකාරී 'ජසු බැලීමේ ආපසු ගමනක්. තමන් * පහුකරන් ආ ගමන දිහා අපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙන්නෙ මේ.99 නැගීමබර ගතිය අඩු වුණාම විතරයි. \"\u003c\/p\u003e","brand":"Nine","offers":[{"title":"Default Title","offer_id":47423214616802,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/AmericanuMusalmanuwa.jpg?v=1773290811"},{"product_id":"slavoj-zizek-ස්ලැවෝජ්-ජිජැක්","title":"Slavoj Zizek - ස්ලැවෝජ් ජිජැක්","description":"\u003cp\u003eවිෂය යනු කුමක්ද?\u003c\/p\u003e\n\u003cp\u003eපශ්චානූතන අවදානම් සමාජය\u003c\/p\u003e\n\u003cp\u003eදෘෂ්ටිවාදයෙන් යථාර්ථය වෙන්කිරීම සාවද්ය විඥානය සහ නරුමවාදය\u003c\/p\u003e\n\u003cp\u003eලිංගික කරණයේ සූත්රය\u003c\/p\u003e\n\u003cp\u003eවර්ගවාදය හැම විටම ෆැන්ටසියක් වීම\u003c\/p\u003e","brand":"Nine","offers":[{"title":"Default Title","offer_id":47423288803554,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Slavoj.jpg?v=1773295026"},{"product_id":"dhanawadaya-saha-ashawa-ධනවාදය-සහ-ආශාව","title":"Dhanawadaya Saha Ashawa - ධනවාදය සහ ආශාව","description":"\u003cp\u003e\u003cspan\u003eආශාවේ විෂය සහ ධනවාදයේ විෂය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපෞද්ගලික අවකාශයේ මානසික අඩංගුව\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅනෙකාගේ බැල්මෙන් අපගේ දෑස් ආවරණය කිරීම \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකල් ඉකුත් වීමෙන් පසු කැප කිරීමේ අඛණ්ඩ පැවතීම \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅපට විශ්වාස කළ හැකි දෙවියෙක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවඩාත් ඉවසා සිටිය හැකි අපරිමිතත්වයක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eධනවාදයේ නිෂ්ටාවන්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅනුරාගී ප්රේමය වෙනුවෙන් ආදරය හුවමාරු කිරීම බහුලත්වය සහ හිඟකම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවෙළඳපොළෙහි අර්චනකාමී උත්කෘෂ්ටත්වය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිනෝද වනු, එක් රැස් නොකරනු\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Nine","offers":[{"title":"Default Title","offer_id":47423344115938,"sku":null,"price":1600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/DhanavadayaSahaAshava.jpg?v=1773291080"},{"product_id":"hudakalawe-bibalaya-හුදකලාවේ-බයිබලය","title":"Hudakalawe Bibalaya - හුදකලාවේ බයිබලය","description":"\u003cp\u003eඋදාරය කොතාත්මකය තියුණුය. ශිෂ්පන්නය.. ගාවෝගේ කෘතිය චීන දේශපාලන කැළඹුම් කැඳ හැළියේ එබී ගිලී ගොස්ය. කාලයද ස්ථානද අතික්රමණය කිරීම ඔහුගේ අභිප්රායයි. ඔහු තැත් දරන්නේ සාහිත්ය අරභයාම වූ භාවාත්මක ලිවීමක් සඳහාය. ඒ තුළින් සිය හදවතේ ක්රෝධය පුරවාගත්, කෲර මෙන්ම උදාරවත් මානවයා නම් වූ සත්වයා හෙළිදරව් කිරීමට ඔහු තැත්දරයි.\u003c\/p\u003e\n\u003cp\u003eනිව්යෝර්ක් ටයිමිස්\u003c\/p\u003e\n\u003cp\u003eචීනයේ දශක ගණනාවක මාවෝවාදී භීෂණය පිළිබඳව සිත් කළඹවන ඓතිහාසික කලඑළි දැක්මකි. ගෘවෝගේ නවකතාව ඔහුගේ පූර්වගාමීන් අභිබවා යන අතිශය පුද්ගලික සේම දේශපාලනමය රචනයකි.\u003c\/p\u003e\n\u003cp\u003eලන්ඩන් ටයිම්ස්\u003c\/p\u003e\n\u003cp\u003eනවකතාවක සියලු රසගුණ කැටි කොට ඇත.. සෑම උසස් ලේඛකයෙක් සේම ගාවෝ ගොඩනගන ලෝකයද හුදු බිත්ති සැරසිල්ලකින් ඔබ්බට ඇදී යයි. ප්රධාන චරිතය වධ වේදනා විඳින අතරම තවත් විටෙක තුටින් පසුවන නවකතාවකි.\u003c\/p\u003e\n\u003cp\u003eලීටරරි රිව්\u003c\/p\u003e","brand":"Nine","offers":[{"title":"Default Title","offer_id":47423353684194,"sku":null,"price":1800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/COMINGSOON_1.png?v=1768554239"},{"product_id":"desha-deshantharayehi-දේශ-දේශාන්තරයෙහි","title":"Desha Deshantharayehi - දේශ දේශාන්තරයෙහි","description":"\u003cp\u003eසිංහල සාහිත්ය ක්ෂේත්රයෙහි නිර්මාණාත්මකතාව, විචාරාත්මකතාව සාර්වල්යතාව සහ නව්යතාව යන ලේඛකයකු සතු විය යුතු සිව් මහා ගුණාංගයන්ගෙන් පෝෂිතඅග්රගණ්ය ලේඛකයෙකු වන, අධිනීතිඥ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ නවතම කෘතිය වන දේශ දේශාන්තරයෙහි ඔහු ලියූ. තුන්සියය ඉක්මවන කෘතීන් අතරට එක්ව තිබීම, පාඨක ජනයාගේ අමන්දානන්දයට හේතු වනු නොඅනුමානය.\u003c\/p\u003e\n\u003cp\u003e\" විශිෂ්ටයන්ගේ ආශ්රය තවත් විශිෂ්ටයකු බිහි වීමට හේතු වෙතැ\" යි, වරෙක භාරතීය ජනාධිපතිව සිටි සර්වපල්ලි රාධක්රිෂ්ණතුමන් කළ ප්රකාශය මේ කෘතිය කියවීමේදී එක් වරම මගේ සිහියට නැගුණි.\u003c\/p\u003e\n\u003cp\u003e\"දේශ දේශාන්තරයෙහි \" විශිෂ්ටයන් එක්තැන් වුණු ජාත්යන්තර සාහිත්ය සම්මේලනයන් හිදී තමන් ලත් අත්දැකීම් විවරණය කරමිනුත්, ඒ ඒ තන්හිදී තම සහභාගිත්වය කෙබඳු වී දැයි පළ කරමිනුත්, ලියා ඇති මෙම කෘතිය 'චාරිකා සටහන්' ස්වරූපය ගන්නේ වී නමුදු, අප මෙතෙක් කියවා ඇති නොයෙක් චාරිකා සටහන් අබ්බවමින් පාඨක ජනයාට බොහෝ අත්දැකීම්, දැනුම් හා වින්දනයන් ලබා දෙන බව විශේෂත්වයක් වෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eආචාර්ය අබේසිංහයන් මෙතෙක් සාහිත්යය විෂයයෙහි ලත් සම්මාන, බුහුමන්, ප්රශංසා තව තවත් ඔපවත් කෙරෙන කෘතියක් ලෙස මෙය හඳුන්වනු කැමැත්තෙමි.\u003c\/p\u003e\n\u003cp\u003eසිරිසේන විතානගේ\u003c\/p\u003e","brand":"Rusiyawa Publishers","offers":[{"title":"Default Title","offer_id":47427462201570,"sku":null,"price":1600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/DeshaDeshantharayehi_W.A.Abeysinghe_Vidarshana_Rusiyava.jpg?v=1777090587"},{"product_id":"yugayaka-arambuma-යුගයක-ඇරඹුම","title":"Yugayaka Arambuma - යුගයක ඇරඹුම","description":"\u003cp\u003eෆීලික්ස් පුනාන්දු සෝවියට් දේශයේ මොස්කව් හුවර පිහිටි පැරිස් ලුමුම්බා අනුස්මරණීය ජනතා මිත්රත්ත්ව සරසවියේ උපාධිධාරියෙකි.\u003c\/p\u003e\n\u003cp\u003e\"මගේ වසන්තය\" නම් වූ මුල් කෘතියට. ඔහු විසින් සෝවියට් දේශයේ දි ලියූ දිනපොත් ඇසුරු කර ගැනීමට දැරූ උත්සහය ඉතා ප්රශංසනීය වේ. එමගින් සෝවියට් දේශයේ සිසු දිවිය ඉතා සූක්ෂමව හා තාත්විකට විග්රහ කිරීමට ගත් උත්සහය සාර්ථක යැයි හොපැකිලිව සඳහන් කරමි.\u003c\/p\u003e\n\u003cp\u003e\"යුගයක ඇරඹුම” මුල් කෘතියේ දිගුවක් ලෙස සෝවියට් දිවියේ සුන්දර මතක සටහන්. රුසියානුවන්ගේ පනගශීලී ජීවන රටාව. පෙර නොවූ අන්දමින් මෙම කෘතියෙන් ද සාර්ථකව ඉදිරිපත් කර ඇත. සෝවියට් දේශයේ අධ්යාපනය ලැබූවෙකුට සේම. කිසිදිනෙක රුසියාවට නොගිය අයෙකු තුළ වුව ද චිත්ත රූප මැවීමට සමත් වදන් ශෛලියක් කතුවරයා සතු වීම හා එය මනාව හැසිරවීම කතුවරයාටම අහත්ය වූ දක්ෂතාවයකි. ආදරය. දේශපාලනය. සිසු ගුරු සම්බන්ධතාවය, ජ්යෙෂ්ඨ හා කණිෂ්ඨ සිසු සම්බන්ධතාවය, මිතුරු ඇසුර යන සංසිද්ධීන්, කතුවරයා ඉදිරිපත් කරමින් කෘතියට එකතු කරන සමබරතාවය ප්රසංශණීයයි.\u003c\/p\u003e","brand":"Rusiyawa Publishers","offers":[{"title":"Default Title","offer_id":47427463446754,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/COMINGSOON_1.png?v=1768554239"},{"product_id":"lulumba-sarasawiye-dasawasak-ලුමුම්බා-කරකව්යේ-දසවසක්","title":"Lulumba Sarasawiye Dasawasak - ලුමුම්බා සරසවියේ දසවසක්","description":"\u003cp\u003eලුමුම්බා සරසවියේ දසවසක් මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් පුරා වසරක කාලයක් ලක්බිම ඉරිදා සංග්රහයට ලියන ලද ලිපි පෙළක එකතුවකි. මෙම ග්රන්ථය, දශක හතක් තිස්සේ සෝවියට් සමූහාණ්ඩු සංගමයේ ක්රියාත්මක වූ දේශපාලන හා සමාජාර්ථික රටාව 1 පිළිබඳව කෙරෙනා ගැඹුරු විශ්ලේෂණයක් නොව, කතුවරයා පැට්රිස් ලුමුම්බා මිත්රත්ව විශ්ව විද්යාලයේ ගතකළ කාලය තුළ දකින්නට, අසන්නට, කියවන්නට ලැබුණු දෑ ලාංකික පාඨක භවතුන් සමග බෙදා ගැනීමට දරන වෑයමක් වෙයි. \u003c\/p\u003e\n\u003cp\u003eමොස්කව් නුවර පැට්රිස් ලුමුම්බා ජනතා මිත්රත්ව විශ්ව විද්යාලයෙන් රසායන විද්යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ ජයන්ත ලාල් රත්නසේකර දැනට ශ්රී ලංකා රජරට විශ්ව විද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ රසායන විද්යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. හෙතෙම 2017 සිට, ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ උපකුලපතිවරයා ලෙසද කටයුතු කරයි\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47427464102114,"sku":null,"price":880.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/LulumbaSarasaviyeDasawasak_JayanthaLalRathnasekara_Vidarshana_Rusiyava.jpg?v=1777092010"},{"product_id":"himalaye-paradeesaya-හිමාලයේ-පාරාදීසය","title":"Himalaye Paradeesaya - හිමාලයේ පාරාදීසය","description":"\u003cp\u003eමෙම කෘතියේ අන්තර්ගතය කතුවර්ය සංචාරයෙන් ලද ආස්වාදය සහ වින්දනයට පමණක් සීමා කර නැත. මෙහි නූතන සහ පුරාණ භාරතයේ සමාජ ආර්ථීක. දේශපාලන හා ඓතිහාසික තොරතුරු ද විශ්ලේෂණය කර ඇත්තේ ඇය විසින් යෙදෙන ලද විදෙස් සංචාර අත්දැකීම් මෙන්ම රාජ්ය සේවයේ උසස් තනතුරුවල දීර්ඝ කාලයක් සේවය කර ලබා ගත් පරිචය ද උපයෝගී කර ගනිමිනි. යුග කිහිපයක ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය. සභ්යත්වය සහ ආගම් පිළිබඳව ද කරුණ සම්පිණ්ඩනය කර තිබෙන ආකාරය සිත් ගන්නා සුළුය. පාඨකයාගේ රසාලිප්ත හැඟීම් පුබුදුවන පරිදි විචිත්ර ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට හැකි රසඥතාවයත් කුසලතාවන් කතුවරිය සතුව තිබෙන බව මින් පැහැදිලි වේ.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47427464233186,"sku":null,"price":700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/HimalayeParadesaya_KanthiWijethunga_Vidarshana_Rusiyava.jpg?v=1777091922"},{"product_id":"doshabhiyogaya-දෝෂාභියෝගය","title":"Doshabhiyogaya - දෝෂාභියෝගය","description":"\u003cp\u003eසංකල්පය තුළ \"සියලු මනුෂ්යයන් දේශපාලන සත්ත්වයෝය\" යන දේශපාලනයෙන් පරිභාහිර ජීවිතයක් අපි කිසිවෙකුටත් නැත. ව. අ. සරත් ලාල් කුමාර වසර තිහකට අධික කාලයක් මෙරට දේශපාලන ක්ෂේත්රයේ ක්රියාකාරී වූවෙකු ලෙස මාධ්ය ක්ෂේත්රයේ ද සජිච්ච රැඳී සිටි පුද්ගලයෙකි. ජ්යේෂ්ඨ මාධ්යවේදියෙක් ලෙස, මාධ්ය ලේකම්වරයෙකු හා මාධ්ය අධ්යක්ෂවරයෙකු ලෙස ඔහු ලැබූ අත්දැකීම් අගේ කළ යුතු වේ.\u003c\/p\u003e\n\u003cp\u003eවසර විසි පහකට පෙර ලියා පල කරන ලද \"දෝෂාභියෝගය\" කෘතිය අදටත් ඒ ආකාරයෙන්ම වලංගු බව කිවයුතුමය. ලාල් කුමාර තම සාහිත්ය ජීවිතයේ බොහෝ අවස්ථාවල දේශපාලනය මුල් කොට ගෙන සිය නිර්මාණ එළි දක්වා ඇත. මා කියවූ ඔහුගේ \"කළු ජිවිතත් වටී” කෘතිය පුරෝගාමී නිර්මාණයකි. ඒ අයුරින්ම මෙවර නව සංස්කරණයකින් ප්රකාශයට පත් කරන \"දෝෂාභියෝගය” කෘතිය ද ඔහු දේශපාලන හා මාධ්ය තුළින් ලැබූ පන්නරය කියාපාන විශේෂිත අවස්ථාවකි.\u003c\/p\u003e\n\u003cp\u003eකොළඹ රුසියානු මධ්යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ප්රකාශයට පත් කරන \"රුසියාව ත්රෛයිමාසික සඟරාවේ භා ශ්රී ලංකා චීන ජන මාධ්යවේදීන්ගේ සංසදය ප්රකාශයට පත් කරන \"මහජන චීනය¨ ද්වි මාසික සඟරාවේ ප්රධාන සංස්කාරකවරයා වන සරත් ලොල් කුමාර ප්රකාශන ක්ෂේත්රයේ ද ක්රියාධරයෙකි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු විසින් රචිත චෙකොෆ් ගේ ලංකා ගමන, පුටින්, කොරෝනා කාලය, කළු ජීවිතත් වටී හා 71 කැරැල්ලට පණහයි කෘති මෙරට බොහෝ පාඨක පිරිස් හි නොමඳ අගය කිරීම වලට ලක් වී තිබේ.\u003c\/p\u003e\n\u003cp\u003eමහාචාර්ය ටියුඩර් වීරසිංහ\u003c\/p\u003e","brand":"Rusiyawa Publishers","offers":[{"title":"Default Title","offer_id":47438200602850,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Doshabhiyogaya_SarathLalKumara_Vidarshana_Rusiyava.jpg?v=1777090656"},{"product_id":"gananath-obesekara-prathyakshapramana-ගණනාත්-ඔබේසේකර-ප්‍රත්‍යක්ෂප්‍රමාණ","title":"Gananath Obesekara Prathyakshapramana - ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ","description":"\u003cp\u003eජාත්යන්තර වශයෙන් මානවවිද්යා හා සමාජවිද්යා ක්ෂේත්රවල න්යායික සහ ක්රමවේදී අභිවර්ධනය කෙරෙහි ඉමහත් බලපෑමක් කළ ඇමරිකා එක්සත් ජනපදයේ ප්රින්ස්ටන් විශ්වවිද්යාලයේ මානවවිද්යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවර්ය ගණනාත් ඔබේසේකරගේ ශාස්ත්රීය සම්ප්රදානය උදෙසා කෘතගුණ දැක්වනු වස් මෙවර විදර්ශන විශේෂ කලාපය වෙන් වේ.\u003c\/p\u003e\n\u003cp\u003eශ්රී ලාංකේය යටත්විජිත උරුමයේ බුද්ධිමය පරමාදර්ශයක් ලෙස නිසැකවම සැලකිය හැකි මහාචාර්ය ඔබේසේකර සත් දශකයකට අධික කාලයක් පුරා කළ ශාස්ත්රීය පර්යේෂණ යටත්විජිත දැනුම් ප්රසම්පාදන ක්රියාවලියේ දේශපාලනය විසංයෝජනය කිරීමට සමත් වූ බව අපි දනිමු. එකී ස්වාධීන බුද්ධිමය ව්යායාමය මානවවිද්යාව, මනෝවිශ්ලේෂණය, ඉතිහාසය සහ සංස්කෘතික අධ්යයන යන විෂය ක්ෂේත්රවල අධිපති න්යායික ස්ථාවර ප්රශ්න කිරීමටත්, ක්රමවේදීය සීමා අතික්රමණය කිරීමටත්, ශාස්ත්රාලීය පර්යේෂණවල අර්ථකථනාත්මක වටිනාකම සහ ආචාරධාර්මික වගකීම අවධාරණය කිරීමටත් සමත් විය.\u003c\/p\u003e\n\u003cp\u003eමහාචාර්ය ඔබේසේකර වර්ධනය කළ එකී ස්වාධීන චින්තනයේ සහ ශාස්ත්රීය සුක්ෂ්මාත්මතාවේ ආභාසය ලැබූ ඔහුගේ ශිෂ්ය ශිෂ්යාවන්, සමකාලීනයන් සහ දෙස් විදෙස් විද්වතුන් විසින් රචිත ලිපි ඇතුළත් මෙවර විදර්ශන විශේෂ කලාපය මහාචාර්ය ඔබේසේකරගේ බුද්ධිමය උරුමයේ ගැඹුර, පසුබිම සහ එහි සමකාලීන අදාළත්වය පිළිබඳව කෙරෙන සාමූහික ප්රත්යවලෝකනයක් ලෙස සැලකිය හැකිය.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47463837663458,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Magazine.jpg?v=1771566639"},{"product_id":"lakdiwa-andara-ලක්දිව-අන්දර","title":"Lakdiwa Andara - ලක්දිව අන්දර","description":"\u003cp\u003eමෙම ග්රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත Pictures From The East නම් වූ කෘතියේ සිංහල පරිවර්තනය යි. ජෝන් කොපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදි. එකල සමහර යුරෝපිය ජාතිකයන් ස්වදේශිකයන් සමඟ එදිනෙදා ගැවසී, ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වැයම් කරන ලදී. ජෝන් කාපර් කළේත් එය ම යි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය ජීවිතේ වඩාත් ම කැමති මෙන් ම, වඩාත් මතකයේ රැඳි තිබූ සිදුවීම්, පසුව කුඩා ග්රන්ථයක් තුළ ගොනු කර ඇත. මේ නිසා ම රචනා කර ඇති කතා තුළින්, ආස්වාදනීය ගැඹුරු මානුෂිය සම්බන්ධකම්, අපට හඳුනා ගත හැකි ය. තවද ඔහු ඉතා ඉහළ භාෂා හැඩයකින් රචනා කර ඇති මේ කතා මාලාව, ඉතා අපූරු එකකි.\u003c\/p\u003e","brand":"Keheli","offers":[{"title":"Default Title","offer_id":47472105521378,"sku":null,"price":500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/photoshopcover-Recovered-Recoveredu.jpg?v=1777091963"},{"product_id":"sri-lankawe-sanksiptha-ithihasaya-ශ්‍රී-ලංකාවෙ-සංක්ෂිප්ත-ඉතිහාසය","title":"Sri Lankawe Sanksiptha Ithihasaya - ශ්‍රී ලංකාවෙ සංක්ෂිප්ත ඉතිහාසය","description":"\u003cp\u003eබෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂා ද්වය ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්රකෘති භාෂා පිළිබඳ ද හැදෑරූ හම්පි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයෙකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම්, ලේඛන, වාර්තා සහ දේශ ගවේෂකයන්ගේ වාර්තා ද සසඳමින් වංශ කතා අපට නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eයුරෝපීය ආක්රමණිකයන් ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය හැකිව තිබේ දැයි ඔහු විමසන ප්රශ්නය ඉතා වැදගත් ය. ඔහුම එම ප්රශ්නයට ලබා දෙන පිළිතුර බොහෝ දුරට ඔබ අනුමාන කරන්නක් නොව විමතිය දනවන්නක් විය හැකිය. කෙසේ වෙතත් මෙහි ලියැවී ඇත්තේ දිවයිනේ ඉතිහාසයේ පුළුල් වැටි සටහන් ය.\u003c\/p\u003e","brand":"Keheli","offers":[{"title":"Default Title","offer_id":47472108929250,"sku":null,"price":1400.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SriLankaweSankshipthaIthihasaya_KumaraSiriwardhana_Keheli.jpg?v=1777092365"},{"product_id":"heladiwehi-wasara-ekolahak-හෙළදිවෙහි-වසර-11ක්","title":"Heladiwehi Wasara Ekolahak - හෙළදිවෙහි වසර 11ක්","description":"\u003cp\u003eමෙම කෘතිය තුළින් මේජර් ෆෝම්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තරර කිරීමයි එනිසා ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත එය අතරේ ඔහු අලි දඩයමට දඩයමට ද එක්ව තිබේ. මේ කෘතිය ඉවසිල්ලෙන් කියවෙන පාඨකයෙකුට පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන්ම මෙන් මෙන්ම සතුටක්ද ලැබෙනු ඇත\u003c\/p\u003e","brand":"Keheli","offers":[{"title":"Default Title","offer_id":47474939822306,"sku":null,"price":1700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/COMINGSOON_1_a6752303-3064-450e-9680-d802c35eacb2.png?v=1768557858"},{"product_id":"lakdiwa-cocoa-andaraya-ලක්දිව-කොකෝවා-අන්දරය","title":"Lakdiwa Cocoa Andaraya - ලක්දිව කොකෝවා අන්දරය","description":"\u003cp\u003e1904 දී ලංකාවට පැමිණි මේරි ඊ. ස්ටුවට් මැතිණිය මාස දාහතරක කෙටි කාලයක් ලංකාවේ දුම්බර මිටියාවතේ ගත කළාය. මෙම කෘතිය ඇය නිරීක්ෂණය කළ දෑ සටහන් කළ දිනපොතයි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙය සුවිශේෂ කෘතියකි. සැබවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන් ම ඇය සැබෑ යථාර්ථය තුළ කි දෙමින්, මිනිසා දරා සිටින්නා වූ බොහෝ ඇදහිළි, චාත්ර වාරිත්ර සහ සම්ප්රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජයේ සුභවාදී ලක්ෂණද විදහා දැක්වීමට විශාල ප්රයත්නයක් දරයි. මෙසේ ඇයගේ රචනාව තුළ යහපත් සාමාජයක් පිළිබඳ ප්රාර්ථනාවේ අංශු රැඳී ඇත. එහෙයින් මෙම කෘතිය කියවන ඕනෑ ම පාඨකයෙකු මහත් ප්රබෝධයට පත්වනු නො අනුමාන ය.\u003c\/p\u003e","brand":"Keheli","offers":[{"title":"Default Title","offer_id":47482765902050,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Lakdiwa-Kokowa-Andaraya_Vidarshana_Keheli.jpg?v=1777090699"},{"product_id":"lankawe-wana-prawahaya-ලංකාවේ-වන-ප්‍රවාහය","title":"Lankawe Wana Prawahaya - ලංකාවේ වන ප්‍රවාහය","description":"\u003cp\u003eවනාන්තරය හා මානවයා අතර සටන සදාකාලික වූවකි. කොතරම් පසුපසට තල්ලු කළද වනාන්තරය ඉන් අඟලක් හෝ එපිටට පසුබසින්නෙ නැත. මානව ශිෂ්ටාචාර පිරිහී යද්දී වනාන්තරය යළි සිය ආක්රමණය අරඹයි. සිංහල රාජධානි යටපත් කරගෙන වනාන්තර වැවිණි.\u003c\/p\u003e\n\u003cp\u003eතේ හා කෝපි වගාවන් සඳහා එම වනාන්තර කපා දැමිණි. එහෙත් අදටත් වනාන්තර වල ඉතිරිව ඇති වසර සිය ගණන් පැරැණි වෘක්ෂ බොහෝ අතීත කතා පවසයි.\u003c\/p\u003e\n\u003cp\u003eකඳුකර වනාන්තර, වියළි කලාපයේ ඉපැරැණි රාජධානි වසා පැතිරුණු වනාන්තර, ඒවායේ සැඟව ගිය වැව්, වන සතුන්, නටබුන්ව ගිය නගර, පැරණි දඩ මං ආදී බොහෝ දේ ගැන ජෝන් ස්ටීල් මෙම කෘතියෙන් කතා කරයි.\u003c\/p\u003e","brand":"Keheli","offers":[{"title":"Default Title","offer_id":47482776617186,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/COMINGSOON_1_a6752303-3064-450e-9680-d802c35eacb2.png?v=1768557858"},{"product_id":"anithyatha-saundaryaya-අනිත්‍යතා-සෞන්දර්‍යය","title":"Anithyatha Saundaryaya - අනිත්‍යතා සෞන්දර්‍යය","description":"\u003cp\u003eඋක්ත භාව කාව්යය නන්දන වීරසිංහ කවියාගේ මහන් සඳු පිනි බිඳෙක නම් කාව්ය කෘතියෙහි එන්නකි. මින් වසර විසිපහකට පෙරාතුව පවා අනන්යතා සෞන්දර්යය පිළිබඳ ව ඔහු තුළ වූ පුක්ෂ්ම නිරීක්ෂණය මෙමඟින් හෙළිවෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eපරඬැල් පත් ඇතිරිලි සේ බිම වැතිර ඇත. මරණ මංචකයේ දී පවා ඒවා ඇතිරිල්ලකි. රටාවකි. කවියා ඒ මෘත රටාව මත ඇවිදින්නේ සෙමෙනි; බැතියෙනි. විඳීමෙන් ම විව්යපන් පරඬැල් පන් දැන් ඉතින් ජීවිතය ගත කර අවසාන ය. ඒ විඳීම ඔවුන් තාරුණ්යයට කැඳවා නොමැත. විඳුම ඒ වෙනුවට ඔවුන් විව්යපත් කර ඇත. පැනසර බවට පත් කර ඇත. ඔවුන් විඳි දුක් තැවුල් මෙන්ම. පුබ ආස්වාදය දා ඔවුන් හට, ඔවුනට ම විශේෂ වූ රමණීයත්වයක් දි ගෙනැවිත් දී ඇත. විඳුමෙන්ම ව්යපත් වීම ට, වන්දනීය බැති පුදා ලැබීමට ප්රමාණවත් ය. ජීවිතය ලබා දෙන තිත්ත පල මෙන් ම ටියුරු පල ද එක සේ ම විඳිය යුතු බව හඬගා කියන මේ කව, අනිත්යතා සෞන්දර්යය හා ගැළැපෙමින්.\u003c\/p\u003e\n\u003cp\u003eමුළු මහත් ජීවිත ප්රවෘත්තියක් මිටින් ගෙන අප වෙත පුද කරන ක්ෂුද්ර කරඬුවක් වන කවෙකැ යි පවසනු කවර වරද දු?\u003cbr\u003e\u003cbr\u003e~ ආචාර්ය ආරියවංශ රණවීර\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47513931514082,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_1.jpg?v=1772637790"},{"product_id":"nomiyena-kapuge-gee-lowa-viplawawadiya-නොමියෙන-කපුගේ-ගී-ලොව-විප්ලවවාදියා","title":"Nomiyena Kapuge Gee Lowa Viplawawadiya - නොමියෙන කපුගේ  ගී ලොව විප්ලවවාදියා","description":"\u003cp\u003eගරු ගුරු සභාවේ දිසාපාමොක් චරිත වන තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලින් පුෂ්පකුමාර සාහිත්ය කලා විෂයන් කෙරෙහි විශේෂ ලැදියා දක්වන සංවේදී පුරුෂයන්ය. ඇසූ පිරූ තැන් ඇති බහුශ්රැතයන් ය. දෙවියන් බුදුන් පවා අමතක වී යන කාලයක විශාරද ගුණදාස කපුගේ නම්වූ සංගීතඥයා, ගායකයා සහ මානව හිතවාදියා පිළිබඳ අගනා වටිනා කරුණු කාරණා ගොනුකොට උගතුන්ගේ වියතුන්ගේ සම්මාදමින් එළිදක්වන්නට වූ, නොමියෙන කපුගේ.\u003c\/p\u003e\n\u003cp\u003eනම් ග්රන්ථයෙහි වටිනාකම මිල කළ නොහැකි තරම්ය. තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලින් පුෂ්ප කුමාරගේ ගේ මෙම සාහිත්ය ව්යායාමයට අපගේ නොමද ස්තුතිය පුද කරන්නේ හදපිරි ආදරයෙනි.\u003c\/p\u003e","brand":"Vidarshana ","offers":[{"title":"Default Title","offer_id":47732207681762,"sku":null,"price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kapuge.jpg?v=1777100619"},{"product_id":"vidyodaya-dharma-shasthriya-sangrahaya-විද්‍යොදය-ධර්ම-ශාස්ත්‍රීය-සංග්‍රහය","title":"Vidyodaya Dharma Shasthriya Sangrahaya - විද්‍යොදය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය","description":"\u003cp\u003e18,19 සියවස්වල නොයෙක් ලෙසින් පිරිහීමට පත් මෙරට ශාස්ත්රාගම නැවතත් පරිපාකයට පත් කිරීම සඳහා ජාතික අධ්යාපන ආයතනයක අවශ්යතාව බොහෝ සෙයින් ඇති වී වී තිබුණි.\u003c\/p\u003e\n\u003cp\u003eසර්වඥ ශාසනයේත් ශාස්ත්රාදියෙත් අභිවෘද්ධිය පිණිස ව්යාපෘත වූ බොධිසත්ව ගුණොපෙතහික්කඩුවේ ශ්රී සුමංගල මාහිමිපානන් වහන්සේ විසින් 1873 දී 'විද්යාධාර' නම් බෞද්ධ සභාවේ ආරාධනයෙන් ධර්ම ශාස්ත්ර දුහුනන්ට ප්රතිෂ්ඨා පිණිස 'විද්යොදය පිරිවෙණ ' ආරම්භ කරණ ලද්දේ මෙවන් පරිසරයක දී ය. එතැන් පටන් අද දක්වාත් දෙස් - විදෙස් බොහෝ ශිෂ්ය පිරිසක් මේ ප්රාචීන ශාස්ත්රාලයට ධර්ම - විනය, සව්යාකරණ පාලි - සංස්කෘත - සිංහල - ප්රාකෘත - ඉංග්රීසි ආදි භාෂා ද, ඡන්දස් - ජ්යොතිෂ - ගණිත - අලංකාරාදි ශාස්ත්රයන් ද හැදෑරීමට පැමිණෙති. ත්රිපිටක වාගීශ්වරාචාර්යය බෝධිසත්ත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමිපානන් වහන්සේගේ ප්රමුඛත්වයෙන් ඇරැඹි විද්යොදය පිරිවෙණ 2023 වර්ෂය පසු කරන්නේ එහි එකසිය පණස් වැනි සංවත්සරය සමරමිනි. එහි ආදි ශිෂ්ය සංගමය විසින් වාර්ෂිකව ප්රකාශයට පත් කෙරෙණ විද්යොදය ධර්ම ශාස්ත්රීය සංග්රහය මෙවර විද්යොදය පිරිවෙණ 150 වන සංවත්සර විශේෂ කලාපය' යන සිරසින් පළ කරන්නට ලැබීම බොහෝ දෙනෙකුගේ චිත්තාරාධනයට හේතු වේ.\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Vidarshana ","offers":[{"title":"Default Title","offer_id":47734041805026,"sku":null,"price":3000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Viyodaya.jpg?v=1777101202"},{"product_id":"buddhas-physician","title":"Buddha's Physician","description":"\u003cp\u003eI chose to focus on the physician Jivaka Komarabhacca, who treated even the Lord Buddha, for this novel because it's crucial to adapt the fundamental principles of Ayurvedic medicine that he exemplified to the present day. Furthermore, Jivaka's contributions lend a sense of sacredness to the Ayurvedic system. I believe Jivaka serves as a vital link connecting various eras of Ayurveda, which has a rich and extensive history.\u003c\/p\u003e\n\u003cp\u003eJivaka's legacy endures to this day as a remarkable figure in medicine. Treatment methods unknown to Indians at his time, such as acupuncture, are now attributed to this exceptional physician. Massage therapists in Thailand regard Jivaka as the founder of Thai massage, while the Chinese consider him the greatest of all ancient physicians. According to Sanskrit and Tibetan accounts, Jivaka was honored by the royal court three times for his medical miracles, earning him the title of \"Physician King\"\u003c\/p\u003e\n\u003cp\u003eIn Jivaka's life, we see both a talented physician and a devoted Buddhist layperson. It is undeniable that the spiritual power hidden within the physician is that of the devotee. Providing treatments to the Blessed One is only one aspect of his life. Being a close devotee of the Blessed One and capable of recommending appropriate health practices for the Sangha is another. Above all, his pursuit of the Arya path for the cessation of his own. suffering from the cycle of birth is his most admirable quality.\u003c\/p\u003e\n\u003cp\u003eAjantha Seneviratne\u003c\/p\u003e","brand":"Rusiyawa Publishers","offers":[{"title":"Default Title","offer_id":47779843834082,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Bhudhas_1.jpg?v=1778127686"},{"product_id":"ninda-nogia-dawaswala-satahan-නින්ද-නොගිය-දවස්වල-සටහන්","title":"Ninda Nogia Dawaswala Satahan - නින්ද නොගිය දවස්වල සටහන්","description":"\u003cp\u003eසංස්කෘතිය සමාජය දේශ පාලනය සිට ලිංගිකත්වය සහ කලාව ආදිය දක්වා වෙනස් මානයකින් හිතන්නට පොළඹවන සමහර විට විවාදාත්මක, ධනංජය කරුණාරත්න විසින් ෆෙස්බුක්හි පළකරපු විශේෂයෙන් තෝරා ගත් ලිපි සහ සටහන් එකතුවක් මෙහි ඇත. බිරිඳ සහ ගණිකාව සමාන වන තැන, ගැහැනියකුගේ ලිංගික නිදහසට සීමාවක් ඇත් ද, සාමාන්යකරණය වූ ආගමික සහ දේශපාලනික වංචා තේරුම් ගන්නේ කෙසේ ද, කලාව වාරණය කරන්න පුළුවන් ද, සම්මත විදියට ජිවත් වෙන මිනිසාගේ අර්බුදය, ජීවිතේ අර්ථශූන්ය භාවය පුරවන්නේ කෙසේ ද, කසාදය තුළ සාර්ථක ආදරයක් හොයන්නේ කොහොමද? මෙවැනි විෂයන් රැසකගෙන් මේ ලිපි එකතුව සැකසී ඇත. සාමාන්ය පොදු පාඨකයාට සරලව සහ රසවත්ව කියවීමට ආස හිතන පරිදි ලියා ඇති මේ සටහන් කෙනෙකුට කියවීමේ රුචිය ඇති කරමින් අලුතින්ම සිතන්නට පොළඹවයි. නිර්මාණාත්මක ආකාරයට සමහර අවස්ථා වල හාස්යයෙන් ද සංවේදී ලෙස ද අතිශයින් කම්පනය වන ලෙස ද විවිධ ආකෘති වලින් ලියා ඇති මේ සටහන් ඔබට විශේෂ කියවීමේ අත්ත්දැකීමක් ලබා දෙන බවට සැකයක් නැත.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":47790710882530,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Nindanogiya.jpg?v=1778661407"},{"product_id":"sanhindiyawa-kara-piyawarak-සංහිඳියාව-කරා-පියවරක්","title":"Sanhindiyawa Kara Piyawarak - සංහිඳියාව කරා පියවරක්","description":"\u003cp\u003eඅප වඩා වගකිව යුතු ආකාරයකට ජීවත් වන්නට පටන් ගනිද්දී, අප අපගේ දේශපාලන නායකයන් හට ද, එම මග ම ගන්නා ලෙස කිව යුතු වන්නේ ය. අපගේ පරිසරය සහ අපගේ විඥානය දූෂණය කිරීම නතර කිරීම සඳහා අප ඔවුන් ධෛර්යමත් කළ යුතු වන්නේ ය. සාමය සම්බන්ධ අප දරන අදහස්, මතිමතාන්තර සහිත උපදේශකයන් පත් කරනු සඳහා අප ඔවුන් හට උපකාරී විය යුතු වන්නේ ය. විශේෂයෙන් ම දේශපාලන නායකයන් නිළතල සඳහා සටන් වැදි සිටින බැවින් ඔවුන් හට උපකාරී වීම උදෙසා අප තුළ යම් ආකාරයක මනා අවබෝධයක් තිබිය යුතු වන්නේ ය. රූපවාහිනිය බලමින් ලස්සන දේශපාලකයන් තෝරාගනු වෙනුවට, අනතුරුව ඔවුන්ගේ කටයුතු බලමින් අධෛර්ය වනු වෙනුවට අප කළ යුත්තේ ඔවුන්ට වැදගත් දේ කියාදීම ය.\u003c\/p\u003e","brand":"Seri","offers":[{"title":"Default Title","offer_id":47817311846626,"sku":null,"price":575.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Sanhindiyawa.jpg?v=1779256877"},{"product_id":"zen-bududahama-saha-manowishleshanaya-සෙන්-බුදුදහම-සහ-මනෝවිශ්ලේෂණය","title":"Zen Bududahama Saha Manowishleshanaya - සෙන් බුදුදහම සහ මනෝවිශ්ලේෂණය","description":"\u003cp\u003eලොව රස අතර විශිෂ්ටතම රසය ධර්ම රසය බව බුදුරජාණන් වහන්සේ වරක් දෙවියන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් වදාළහ. ධර්මය ඔස්සේ ලෞකික ජීවිතයේ මෙන් ම ලෝකෝත්තර ජීවිතයේ ද පරම නිෂ්ඨාව වූ විමුක්තිය හෙවත් දුකෙහි සංසිඳීම් කරා මෙන් ම ප්රඥාවේ උපර්මය කරා ද ගමන් කළ හැකිය. එය වනාහි අවබෝධයේ පරතෙර වේ. එහි ලා ධර්ම ග්රන්ථ මගින් ලැබෙනුයේ අනුපමේය වූ සේවයකි.\u003c\/p\u003e\n\u003cp\u003eසෙන් බුදු දහම මූලික කොටගෙන මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසින් පර්වර්තිත 'සෙන් බුදු දහම හා මනෝ විශ්ලේෂණය ' කෘතිය ඉහත කී සියලු අංශයන්ට අදාළ වන්නා වු පරිවර්තනයකි. අවශ්ය විටදී සරලව මෙන් ම දාර්ශනිකව ද පරිවර්තන කාර්යයෙහි නියැලෙන පඤ්ඤාවංස හිමියන් තම භාෂා හැකියාව මොනවට ප්රදර්ශනය කර ඇත්තේ නවීන දර්ශනවාදයන් පිළිබඳ අවබෝධය ද උපයෝගී කර ගනිමිනි.\u003c\/p\u003e\n\u003cp\u003e'Zen Budhism and Psychoanalysis' නම් කෘතියේ පර්වර්තනය වශයෙන් ඉංග්රීසි හා ප්රංස භාෂා වලින් සිංහලට නගන ලද ' සෙන් බුදු දහම හා මනෝ විශ්ලේෂණය නම් වූ මෙම කෘතියෙහි පරිවර්තක පූජ්ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමි පෙර අපර දෙදිග ලෝකයෙහි විශේෂ ගෞරවාදරයට පත් වූ උගත්, ධර්මධර, විනයධර හිමිනමකි. උන්වහන්සේ කලක් කැලණිය සරසවියේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ප්රංස බස ඉගැන්වූහ. ප්රංසය තුළ දීර්ඝ කාලයක් වැඩ වාසය කරමින් තම අධ්යාපන කටයුතු සහ ධර්ම ප්රචාරක කටයුතු වල නිරත වූ උන්වහන්සේ අපරදිග ලෝකයෙහි බුදු දහම ප්රචාරය කිරීමෙහි ලා විශිෂ්ට සේවාවක නිරත වෙති. බෞද්ධ දාර්ශනිකයකු, භාවනා ගුරුවරයකු, ප්රසිද්ධ ගත් කතුවරයකු වන උන්වහන්සේ සිංහල, පාලි ආදී පෙරදිග භාෂාවන්ට අමතරව ප්රංස, ඉංග්රීසි භාෂාත් මනාව හසුරුවන්නා වූ විශිෂ්ට බුද්ධිමතෙකි.\u003c\/p\u003e\n\u003cp\u003eඋන්වහන්සේ විසින් රචිත, පරිවර්තිත සිංහල, ඉංග්රීසි කෘති බෞද්ධ දර්ශනය, සංස්කෘතිය හදාරන්නා වූ දෙස් විදෙස් සිසුන්ට නොමැතිවම බැරි අත් පොත් බවට පත් ව ඇත. තිව් ඥාතාන්' හිමියනගේ \" ශූන්යතාවාදය ද නොහොත් සාපේක්ෂතාවාදය ද\" * සමාධිය තුළ නෙත් විවර කිරීම * වැනි කෘති ප්රංස භාෂාවෙන් සිංහල භාෂාවට පෙරළීම මෙන් ම 'විරාගය', 'අමාවැස්ස' වැනි නවකතා සිංහලෙන් ප්රංස බසට පරිවර්තනය කිරීම ද හේතුවෙන් උන්වහන්සේ සතු භාෂාමය හැකියාව තව තවත් ඉස්මතු වී පෙනෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅපරදිග රට වලට අමතරව මැලේසියාව, තායිලන්තය ආදී ආසියාතික රටවල බැතිමත් පිරිස් උන්වහන්සේගේ ධර්ම දේශනා සහ භාවනා ක්රම ඉගෙනීමෙහි ලා විශේෂ ලැදියාවක් දක්වති.\u003c\/p\u003e\n\u003cp\u003eපූජ්ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ ධර්මදූත සේවය මැනවින් කරගෙන යාමට අවශ්ය ත්රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවායි ප්රාර්ථනා කරමි.\u003c\/p\u003e\n\u003cp\u003eපුජ්ය බූටාවත්තේ සරණංකර නාහිමි\u003c\/p\u003e","brand":"Seri","offers":[{"title":"Default Title","offer_id":47817338192098,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/zenbududahama.jpg?v=1779256895"},{"product_id":"sanhindiya-hadin-සංහිඳීගිය-හදින්","title":"Sanhindiya Hadin - සංහිඳීගිය හදින්","description":"\u003cp\u003eආශ්වාස කරමි, සිරුර සංසුන් කරමි, ප්රශ්වාස කරමි, මම සිනාසෙමි, මෙම මොහොතේ සිටිමින් මෙය අසිරීමත් මොහොතක් බව දනිමි\u003c\/p\u003e\n\u003cp\u003e'ආශ්වාස කරමි, සිරුර සංසුන් කරමි. මෙම ගාථා පදය කීම උණුසුම් දවසක සිහිල් දොඩම් වීදුරුවක් පානය කරන කල් හි දැනෙන සිහිල හා සමාන සිහිලක්, නැවුම්කමක්, ඔබේ සිරුර තුළ විනිවිද යන ආකාරය ඔබට දැනෙන්නට පටන් ගන්නේය. ආශ්වාස කරමින් මෙම ගාථා පදය කියවන කල, සැබවින් ම ආශ්වාසය මගින් මගේ සිරුර සැහැල්ලු කරන ආකාරය, මනස සංහිඳියාව කරා ගෙන යන ආකාරය මම අද්දකින්නෙමි.\u003c\/p\u003e\n\u003cp\u003e'ප්රශ්වාස කරමි, මම සිනාසෙමි.'\u003c\/p\u003e\n\u003cp\u003eසිනාවක් ඇති කරන බලපෑම කොපමණ දැයි ඔබ දන්නෙහිය. එක් සිනාවකට මුහුණේ මස්පිඩු සිය ගණනක් සැහැල්ලු බවට පත්කළ හැක්කේය. ඔබේ ස්නායු පද්ධතිය සංහිඳියාවට පත්කළ හැක්කේය. එම සිනාව ඔබ ඔබේ ස්වාමියා බවට පත්කරවන්නේය. බුදුන් වහන්සේලා සහ බෝසතුන් වහන්සේලා නිරන්තර සිනාවකින් මුව සරසා ගෙන සිටින්නේ එම නිසාය.\u003c\/p\u003e","brand":"Seri","offers":[{"title":"Default Title","offer_id":47817349791970,"sku":null,"price":275.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Sanhidigiya.jpg?v=1779256915"},{"product_id":"newton-gunasinghe-selected-essays","title":"Newton Gunasinghe : Selected Essays","description":"\u003cp\u003eNewton Gunasinghe was born in Nawalapitiya on April, 1946. He received his primary education at Nawalapitiya, secondary education at the Wickramabahu Central College at Gampola, and entered the University of Peradeniya in 1963. In 1973 he received his Master's degree in Sociology from the University of Monash, Australia, and his Ph.D from the University of Sussex in 1979.\u003c\/p\u003e","brand":"SSA","offers":[{"title":"Default Title","offer_id":47819766694114,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/newton.jpg?v=1779871035"},{"product_id":"rajya-prathisanskarana-රාජ්‍ය-ප්‍රතිසංස්කරණ","title":"Rajya Prathisanskarana - රාජ්‍ය ප්‍රතිසංස්කරණ","description":"\u003cp\u003eදේශපාලන ප්රතිසංස්කරණ කළ යුතුද නැද්ද යන්න ලංකාවේ සමකාලීන දේශපාලන විවාදයේ ඇති කේන්ද්රීය තේමාවකි. දේශපාලන ප්රතිසංස්කරණ යනු අවසාන විග්රහයේදී ලංකාවේ පවත්නා රාජ්යයේ ව්යුහය වෙනස් කිරීම පිළිබඳ ගැටලුවක්ද වේ. ලංකාවේ දේශපාලනය දැනට එම ගැටලුවේ සිර වී\u003c\/p\u003e\n\u003cp\u003eඑම ගැටලුව පිළිබඳ තරමක් ගැඹුරු දේශපාලන අවබෝධයක් පාඨකයාට ලබාදීමටත්, ඒ මගින් අප සමාජයේ දේශපාලන විඥානය තියුණු කිරීමටත් මේ කුඩා කෘතියෙන් දායකත්වයක් ලැබේ. මෙය කියවන පාඨකයින්ට, රාජ්ය ප්රතිසංස්කරණ පිළිබඳ ගැටලුවෙන් ලංකාව ගැළවෙන්නේ කෙසේද යන්න ගැන ප්රයෝජනවත් ඇඟවීම් ලබා ගැනීමටද හැකිවනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"SSA","offers":[{"title":"Default Title","offer_id":47819822399714,"sku":null,"price":120.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Rajyaprathisanskarana.jpg?v=1779871118"},{"product_id":"bauddha-muslim-sanwadaya-බෞද්ධ-මුස්ලිම්-සංවාදය","title":"Bauddha - Muslim Sanwadaya | බෞද්ධ - මුස්ලිම් සංවාදය","description":"\u003cp\u003e\"බෞද්ධ - මුස්ලිම් සංවාදය” (පොදු මානව ධර්මතා පිළිබඳ බුදුරජාණන් වහන්සේ සහ මුහම්මද් නබිතුමාණන් සමග) නමැති මෙම කෘතිය සම්පාදනය කිරීම මගින් අපි අපේක්ෂා සහගත ශාස්ත්රීය හා සමාජීය ගමනකට මුල පුරා ඇත්තෙමු. පුළුල් ගරු බුහුමනට පාත්රව ඇති ආගමික ඇදහීම් දෙකක් අතර අවබෝධය සහ එකමුතු බව ප්රවර්ධනය කිරීමේ පොදු දැක්මකින් යුතු ව අපගේ විශ්වාස සහ දැනුම ඒකාබද්ධ කරන්නට මෙම සාමුහික ප්රයත්නය හරහා අපි උත්සාහ කර ඇත්තෙමු.\u003c\/p\u003e","brand":"Tanweer Institute","offers":[{"title":"Default Title","offer_id":47833649316066,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/bauddamuslim_8a7faeb7-d959-42f2-add0-f2ca54294ab9.jpg?v=1779878270"},{"product_id":"me-mohotha-samaga-mithra-weema-මේ-මොහොත-සමග-මිත්‍රවීම","title":"Me Mohotha Samaga Mithra Weema - මේ මොහොත සමග මිත්‍රවීම","description":"\u003cp\u003eඔබ යන්න ඔබගේ සාරය තුළ නූපන් දෙයකි - අකාලික වූවකි. එනම්, ඔබ හා මේ මොහොත යනු එකක්මය. ජීවිතය හා මේ මොහොතද වෙන් කළ නොහැකි බැවිනි. එහෙත් මනස කියන්නේ එහි කිසියම් තේරුමක් සැබැවින්ම තිබේද කියාය. එහෙත් ඔබ යනු මේ මොහොතයයි මා කියන විට, ඔබ ඒ ගැන සිතන්නට පටන්ගතහොත් ඔබට වැඩිදුර යා නොහැක. එහෙත් මේ මොහොතට ' මග සලකුණක්\" සේ එහි තිබීමට ඉඩ හැරීම ඔබට කළ හැකි නම්, (ඇඟිල්ල දිගු කොට හඳ පෙන්වන අවස්ථාවේදි \"ඇඟිල්ල\" ලකුණක් පමණක් වන්නාසේ කළ හැකි නම්) එයින් යම් කිසි පවතින තත්වයක් ගැන පැහැදිලි වන්නේ නැත. එය ඔබව ප්රත්යක්ෂය දක්වා ගෙන යන්නකි. එවිට ඔබ ''මම' යනු මේ මොහොත යයි කියන්නෙහිය. ඔබට ඒ ගැන සිතිය නොහැක. එහෙත් එහි යමක් ඇති බව ඔබට දැනෙනු ඇත.\u003c\/p\u003e","brand":"Saharakshi Publishers","offers":[{"title":"Default Title","offer_id":47880154022114,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}]}],"url":"https:\/\/vidarshana.lk\/collections\/other.oembed?page=2","provider":"Vidarshana ","version":"1.0","type":"link"}