{"title":"Progress Books","description":"","products":[{"product_id":"tharuka-dumaraya-තාරුකා-දුමාරය","title":"Tharuka Dumaraya - තාරුකා දුමාරය","description":"\u003cp\u003eමතක සටහන් යනු අතීතයට පියමගින මාවතක් සේම අනාගතයට ගොඩ වදින හිණිමගක්ද වේ. තමන් ලබන්නා වූ ජීවිත අත්දැකීම් අනුව කෙනෙකුගේ ආකල්ප සහ බලාපොරොත්තු ගොඩනැගෙන අතර ඔවුන් ඒ ඔස්සේ වැඩි දුර සිතන්නටද ක්රියා කරන්නටද පටන්ගනී. ස්වයං චරිතාදාපනයක් ලෙස සිය මතක සටහන් කුඩා නවකතාවකට එක් කරන රසානා ගෆූර් විසින් මානව සබඳතාවන්හි සුන්දරත්වයද සංස්කෘතික ගැටුම්වල ඵල විරහිත බව පිළිබඳවද නැවත සිතන්නට පොළඹවයි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47213605945570,"sku":null,"price":500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/100.TharukaDumaraya.jpg?v=1766807942"},{"product_id":"engineer-in-ceylon-සිලෝනිකාවේ-ඉන්ජිනේරුවා","title":"Engineer in Ceylon - සිලෝනිකාවේ ඉන්ජිනේරුවා","description":"\u003cp\u003eපේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු විද්යා උපාධිධාරියකු සහ ශ්රී ලංකා විවෘත විශ්ව විද්යාලයේ ව්යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන උපාලි ඒකනායක ශ්රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. සිමෙන්ති කම්හලේ වැඩිදියුණු කිරීම් සඳහා විදේශීය ඉංජිනේරුවන්ගේ සහභාගිත්වය ඇතිව කරගෙන යනු ලැබූ විශේෂ ව්යාපෘති වෙනුවෙන් ක්රියාශීලී දායකත්වයක් දැරූ ඔහු විදේශ රටවල් රැසක පුහුණුවීම් වලටද සහභාගි වී ඇත. කුඩා කල සිටම විවිධ නිර්මාණ කටයුතු වලට උනන්දුවක් දැක්වුවද මේ ඔහුගේ පළමු ප්රකාශිත නවකතාවයි.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47216281288930,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/97.CelonicaweInjineruwa.jpg?v=1766808027"},{"product_id":"heard-melodies","title":"Heard Melodies","description":"\u003cp\u003eThe novel begins with the father and ends with the father's death. The first four chapters are recollections of a childhood marked by clearly authentic experiences, faced with the reality that is thinned into detached irony. Alongside the personal life is the professional tone which takes different style and tone. As an instructor and teacher educator, the author has seen and experienced the inconsistencies and irregularities in the context where he had played multiple roles.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47216281649378,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/98.HeardMelodies.jpg?v=1766808154"},{"product_id":"blueberry-බ්ලූබෙරි","title":"Blueberry - බ්ලූබෙරි","description":"\u003cp\u003eහිරු නොබසින අධිරාජ්යයේ උතුරු මුහුදුට මායිම් ලා පිහිටා ඇති ස්වභාව සෞන්දර්යයෙන් පොහොසත් කුඩා ඉංග්රීසි ගම්මානයක්\u003c\/p\u003e\n\u003cp\u003eඑක් විසි වසරකට පෙර ඉන්දියාවේ දකුණු දිග කේරළයෙන් එහි සංක්රමණය වු, වෛද්ය ගින් ජෝර්ජ් ෆ්රැන්සිස්...\u003c\/p\u003e\n\u003cp\u003eමින් දෑ අවුරුද්දකට ඉහතදී ශ්රී ලංකාවේ කන්ද උඩරටින් ඒ සුන්දර පරිසරයටම අවතීර්ණ වු රුවැත්තිය...\u003c\/p\u003e\n\u003cp\u003eඋකුරු අර්ධගෝලම රන් පැහැයෙන් ඒකාලෝක වන සරත් සෘතුවේ දිනෙන අහම්බයකින් හමු වූ ඒ සංසාරගත හමුවීමේ, පින්සාර දිගහැරුම..\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47216288956642,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/101.BlueBerry.jpg?v=1766808180"},{"product_id":"ithin-man-nadu-kiyannaa-ඉතිං-මං-නඩු-කියන්නෑ","title":"Ithin Man Nadu Kiyannaa - ඉතිං මං නඩු කියන්නෑ","description":"\u003cp\u003eඅසන්ති කරුණානායක ලියා තිබෙන්නේ සීරුවට කියවා බැලීමට ඒකල කවිය. ඒවා රසිකයෙකුට ' අසන්නට ලියා නැතැයිද සිතමි. කෘතියෙහි ඇතුළත් වන්නේ ඒ කල රචනා වුව, ඒ සියල්ල පොදු තේමාවක් පළ කර සිටියි. ඒ තේමාව මා වටහා ගත්තේ ස්ත්රී චිත්තයෙහි එකෙල මෙකල කල වන අවිද්යමාන සංවේදනාවන්හි කටහඬක්' ලෙසිනි. ජීවන ලාලසාවෙන් මඬනා ලද ස්ත්රී ආත්මයකින් මතු වන සෝ ගී රාවය ලෙසින් ඉහතින් සඳහන් කළේද එකරුණමය. ඉවසිල්ලෙන් කියවන විට ඒ කට හඬ රසිකයෙකුට ඇසේ.\u003c\/p\u003e\n\u003cp\u003eමහාචාර්ය සරත් විජේසූරිය\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47216363634914,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IthinManNaduKiyanne.jpg?v=1767804194"},{"product_id":"one-upon-a-time-in-ceylon-deiyange-etha-දෙයියන්ගෙ-ඇතා","title":"Deiyange Etha - දෙයියන්ගෙ ඇතා","description":"\u003cp\u003eදහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්රීසින් විසිනි. වඩුග ආධිපත්යයෙන් සිංහලේ ගලවා ගැනීම උදෙසා ඇහැළේ පොළ අදිකාරම් යුද ප්රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේ පොළ පාර්ශ්වය වනසා දැමීම සඳහා ශ්රී වික්රම රාජසිංහ රජු පිඹුරුපත් සකසමින් සිටියේය. මේ දෙපාර්ශ්වයම පෙනී සිටියේ එකිනෙකාගෙන් 'රට - ජාතිය ගලවා ගැනීමේ' යුග මෙහෙවර සඳහාය.\u003c\/p\u003e\n\u003cp\u003eඅළු යට ගිනි පුපුරු මෙන් රදලයන් අතර යුද්ධයක් ඇවිළීමට හේතු කාරණා මතුවෙමින් පවතින අතරතුර, ඇහැළේ පොළ අදිකාරම් යටතේ පැවති සබරගමුවේ එක් ගම්මානයකට දළ ඇතෙක් කඩා වැදුණේය.\u003c\/p\u003e\n\u003cp\u003eමේ ඒ හස්තියා පිළිබඳ කතාවයි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47216489464034,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/DeyyageEtha.jpg?v=1767767158"},{"product_id":"adurabharana-ඇදුරබරන","title":"Adurabharana - ඇදුරබරන","description":"\u003cp\u003eනිදහස් අධ්යාපනයේ මහිමයෙන් මධ්යම පාන්තික සමාජයට ඇතුළු වන විශ්වවිද්යාල ආචාර්යවරයෙකු උසස් අධ්යාපනය සඳහා විදෙස්ගත වීමට දරන ප්රයත්නය සහ එහිදී ලබන කටුක අත්දැකීම් පාදක කරගෙන මෙම නවකතාව රචනා වී තිබේ. ලාංකේය විශ්වවිද්යාල පද්ධතියේ පවතින බාහිරට නිරාවරණය නොවන අමිහිරි සිදුවීම් පෙළක් මෙම කෘතියෙන් අනාවරණය වීම විශේෂත්වයකි. ශ්රී ලංකාව දරුණු ආර්ථික හා දේශපාලන බිඳවැටීමකට ලක්ව ඇති මොහොතක අපේක්ෂා භංගත්වයට පත් ජනතාව දවසින් දවස රට අතහැර යන පසුබිමක පාඨකයා අතට පත් වන මෙම නවකතාව ලාංකේය ජනතාවගේ බුද්ධි ප්රබෝධය පිණිස හේතු වනු ඇත.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47216570826978,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/90.Edurabharana.jpg?v=1767767710"},{"product_id":"nectar-in-a-sieve-පෙනේරයක-ලූ-මල්-පැණි","title":"Nectar in a sieve - පෙනේරයක ලූ මල් පැණි","description":"\u003cp\u003eපෙනේරයක ලූ මල්පැණි' කමලා මාර්කන්දද්යාගේ ප්රථම නවකතාවයි. බ්රිතාන්ය යටත්විජිත පාලන සමයේ අග භාගයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඉන්දියාවේ ග්රාමීය ප්රදේශ වල ගොවිජන ජීවිතය මෙමගින් නිරූපිතය. කාර්මීකරණයේ බලපෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවල සිදු වූ වෙනස්කම් සමගින් ගලා යන මේ කතාව පොදු මනුෂ්ය ගතිලක්ෂණවල ස්වභාවයද අපට දැක ගන්නට සලස්වයි. සියුම් සංවේදනා දනවන, සරල බසකින් පරිවර්තිත මේ නවකතාව ඉතිහාසයේ එක් සංක්රාන්තික කාල පරිච්ඡේදයක මනුෂ්ය ජීවන අත්දැකීම අප ඉදිරියේ සජීවමාන කරයි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47216810885346,"sku":null,"price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/PenerayakaLuMalpeni--progress.jpg?v=1767861555"},{"product_id":"amuthu-dimithu-අමුතු-දිමුතු","title":"Amuthu Dimithu - අමුතු දිමුතු","description":"\u003cp\u003eහයේ පන්තියෙ අකුරු කරද්දි රඟපාපු තිලමුට්ඨි ජාතකයෙ රජ්ජුරුවන්ගෙ චරිතයෙ ඉඳලා, 1983 රෝහණ දන්දෙණියගෙ ' දෑවරයි' ප්රසිද්ධ නාට්ය හරහා. අදත් ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන ආදරණීය මිනිසෙක්' නාට්යයේ ගලප්පත්ති මුදලාලි දක්වා වූ දිමුතුගෙ රංගනය ඇගයිය යුත්තකි.\u003c\/p\u003e\n\u003cp\u003eසාළිස් වසරක නළු කලා මෙහෙවර මෙන්ම පැසසුම් කටයුතු ගුරු මෙහෙවරද එකසේ අනුස්මරණය වෙයි. 'අමුතු - දිමුතු, සාර්ථක මිනිස් අධ්යාත්මයක් සඳහා වූ සරල සංනි දර්ශනාත්මක ආඛ්යානයක් බඳුය.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47216935633122,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/AmuthuDimuthu.jpg?v=1767767029"},{"product_id":"kalawathara-කාලාවතාර","title":"Kalawathara - කාලාවතාර","description":"\u003cp\u003eසාකල්ය මනුෂ්ය වර්ගයා, තම අනවරත දිවිසැරිය තුළ. විවිධාකාර වූ අපේක්ෂාවෙන් ලුහුබැඳ යයි; ඇතැම් විට ඒවා සාක්ෂාත් කරගැනීමට සමත් වෙයි. ඇතැම් විට අපේක්ෂා භංගත්වයට පත් වෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙත් එකී නිරස හෝ රස මතක, චේත්ත අභ්යන්තරයෙහි සැඟව සිට, අප නොසිතන මොහොතක මතු පිටට පොලා පනියි.\u003c\/p\u003e\n\u003cp\u003eමනුෂ්යයා තම පෞරුෂය හෝ අනන්යතාව අන්යයන්ගෙන් ව්ශේෂ කොට ඔසවා තබන්නේ එකී අත්දැකීම් සමුදාය මතය.\u003c\/p\u003e\n\u003cp\u003eසමාජානුයෝජනය තුළින් තාවකාලිකව යටපත් කළදා ඒ සියල්ල දිසි අදිසි වේශයෙන්, කාලාවතාර සේ මනුෂ්ය ජීවිත ලුහුබඳියි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217016832226,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/116.Kalavathara.jpg?v=1766808300"},{"product_id":"sulu-prathiharya-departhamenthuwa-සුලු-ප්‍රාතිහාර්‍ය-දෙපාර්තමේන්තුව","title":"Sulu Prathiharya Departhamenthuwa - සුලු ප්‍රාතිහාර්‍ය දෙපාර්තමේන්තුව","description":"\u003cp\u003eදැන් දම් පාට මල් ගහේ මල් පිපෙන්නේ නැහැ. තිබුණ අන්තිම මලත් හුළඟේ පා කරලා යවලා හුඟ දවසක ඉඳන් ගහ අහක බලාගෙන ඉන්නවා. මම තාම උයන අද්දරින් හැමදාම යනවා. ඒත් මම දැන් දම් පාට මල් ගහ දිහා බලන්නෙවත් නැහැ. ඒ ගහ මලින් පිරීලා තියෙනවා, මම හිතෙන් මවාගත්තද කියලත් වෙලාවකට මට හිතෙනවා. ඒ ගහ යට ඇස් වලින් ඇස්වලට උතුරපු ආදරේ තිබුණා වෙන්න බැහැ කියලත් මට හිතෙනවා. ඒත් සමහරදාට මට හීනෙන් මල් පිරුණු දම් පාට මල් ගහ පේනවා. සීතල මැද්දේ, රස්නේ මැද්දේ හැම ඍතුවේම මල් පිරිලා තිබුණ හැටි මතක් වෙනවා. දුකක් ඉතිරි කරලා මැකිලා ගිය හිනාවල් මතක් වෙනවා. ඒත් එක්කම මට හිතෙනවා එක කාලයක් මල් පිරිලා තිබුණු නිසා ආයෙත් දම් පාට මල් ගහේ මල් නොපිපුණත් කමක් නැහැ කියලාත්.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217035116770,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/115.SuluPrathiharyaDeparthamenthuwa_597707be-3fc2-4c29-9df5-cf1236212375.jpg?v=1766808367"},{"product_id":"kuru-saha-wenath-katha-කුරු-සහ-වෙනත්-කතා","title":"Kuru Saha Wenath Katha - කුරු සහ වෙනත් කතා","description":"\u003cp\u003eපවිත්රා අභයවර්ධන සතුව ඇත්තේ රසවත්ව කතා කීමේ ක්රමෝපායකි. එහි ඇතැම් කෙටිකතා විසින් කියවන්නාව ඔසවා පොළොවේ ගසනු ලබන අතර, අනෙක්වා මගින් ජීවිතයේ සංවේදී පක්ෂය සියුම් සැතකින් ඇන එළියට ගනු ලබයි. පාඨකයාගේ කියැවීමේ ලාලසාවට ඇමක් දමා අල්ලා ගැනීමට ඈ දක්වන සමත්කම පැසසුම් ලැබිය යුතුය. පවිත්රා භාෂාවට තමන්ව හසුරුවන්නට ඉඩ නොදී ඉතාමත් පහසුවෙන් තමන් විසින් භාෂාව වසඟයට ගෙන ඇති හෙයිනි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217041866978,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kuru.jpg?v=1767861526"},{"product_id":"kusalanaya-ethatama-wisikara-කුසලානය-ඈතටම-විසිකර","title":"Kusalanaya Ethatama Wisikara - කුසලානය ඈතටම විසිකර","description":"\u003cp\u003eආරියරත්න ජයසිංහ කවියා මේ පවසන්නේ, සම්මත පැනැවීම ඇසුරෙහි දක්නා ලොව, දහසක් සම්මුතීන්ගෙන් විසාර වූවක් බවයි. සාදා නිමකළ ආකෘතීන්ගෙන් විමුක්ත වූ කල, අභිනව විවෘත භාවයකින් ලොව දැකිය හැකි යැයි අගවන නිමැවුමකි මේ. උක්ත නිර්මාණ සමූහයේ කතුවරයාගේ අවලෝකනයද මෙමගින් ගම්යමාන වේ.\u003c\/p\u003e\n\u003cp\u003eසැබැවින්ම 'කාව්ය' හෝ 'කාව්ය නොවන' යනුවෙන් කිසිවක් නැත. කවියෙකු තමා හට ගෝචර වූ යමක්, වෙන්විතව ප්රකාශ කිරීමට දරන යත්තයට සාපේක්ෂව කවිය පහළ වෙයි. මේ බව පසක් කළ අභ්යාසලාභී කවියෙකු වන ආරියරත්න ජයසිංහයෝ, කවියේ ස්වභාවය වටහාගනු පිණිස විවිධ සෙවුම් බැඳුම්හි නියැළෙන නිතඩ විමර්ශකයෙක්ද වෙති.\u003c\/p\u003e\n\u003cp\u003eකවියෙහිදී, නිර්මාපකයාගේ අදහස්, ප්රකාශනාත්මක වාගාලාප, ප්රතිකථන ආකාරයෙන් මුදා, බහුවිධ ආවේග ධාරා මතු කරන පද සංඝටනාවක් බවට පත්කිරීම් වෙනුවෙන්ද ජයසිංහ කවියා වෙහෙසෙනු පෙනෙයි. මේ මොහොතේ ආකර්ෂණීය, අනුවේදනීය හා ජනප්රිය දේ වෙත කෘත්රිම ලෙස මැදිහත්වීම වෙනුවට, අප කවියා, පවසන ආකාරය පිළිබඳ වගකීමකින් කටයුතු කරන අයුරු මෙහි එන සරු නිමැවුම් කෙරෙන් දැක්ක හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003eපූර්වගාමීන්ගේ කාව්ය විලාස විමසමින්, තමාටම ස්වාධීන වූ මහක් කෙරෙහි සාවධාන වන ජයසිංහ කවියා, වයසින්ද මුහුකුරා යමින්, විශිෂ්ට නිර්මාණ කවරේදැයි පෙරට වැඩි ගැඹුරකින් හඳුනා ගනිමින් සිටිනුද හැගෙයි. තම කවි දෙස යළි යළිත් ආපසු හැරී බැලීමේ අභ්යාසය සහිතඔහුගේ මේ නිර්මාණ සංග්රහය අප කාගේත් නොමඳ විමැසුමට හසු වේවායිද ප්රාර්ථනය කරමි.\u003c\/p\u003e\n\u003cp\u003eනන්දන වීරසිංහ\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217064837346,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KusalanaEthatamaWeesikara.jpg?v=1767767241"},{"product_id":"nagna-es-නග්න-ඇස්","title":"Nagna Es - නග්න ඇස්","description":"\u003cp\u003eමෙම තරුණ කවියා හොඳ කවියක තිබිය යුතු අත්යවශ්ය අංග ගැන හොඳ අවබෝධයක් ඇත්තෙකි. ඒ අංගවලින් දෙකක් මෙසේය: කවියෙහි ආකෘතික සංරචනය හා කවිය මගින් කෙරෙන ගැඹුරු ආලෝචනයි. මේ දෙක අතර ඇත්තේ එකිනෙක පෝෂණය කරනසුලු සම්බන්ධයකි. මේ කවියා ඒ කාරණයද දනියි. ආධුනික කවියන් ලියන්නට කැමැති බොහෝ අර්ථවත් තේමා තිබිය හැකිය. එහෙත් කෙතරම් අර්ථවත් වුවත් ඒ තේමා තමාගේ ජිවිතය හෝ අත්දැකීම ඇසුරින්ම පැන නගින බවක් නොපෙනෙන්නේ නම් කොතරම් එක්තරා ව්යාජ භාවයක් කවියෙහි පෙනෙන්නට වේ. කවියා තුළින්ම පැන නැග එන කවියකින් ගහක්, පූසෙක් හෝ පෙම්වතියක් වැනි සරල ' යැයි සම්මතමාතෘකාවක් ලියුව ද කවියෙහි අව්යාජත්වයක් පෙනේ. විශිෂ්ට කවියෙහි ගැඹුර එන්නේ මාතෘකාවෙන් නොවේ. කවිය නම් විශේෂ කලාවට ආවේණික ශිල්පීය අංග භාවිත කොට ඒ මාතෘකාව සමග ගනුදෙනු කරන ආකාරයෙනි. මේ කවියාගේ බොහෝ කවි සිත් ගන්නේ ඒ නිසාය. තමාට සමීප අත්දැකීමක් එහි ආරම්භක සීමාවෙන් එපිටට තල්ලු කර අර්ථකාරක රූපකයක් බවට පෙරළීමේ හැකියාව මේ කවියාට තිබේ. ඔහුට ඇති අභියෝගය වන්නේ ඒ ශක්තිය තවත් වර්ධනය කරගෙන අද සිංහල බසින් කවි ලියන ඉදිරි පෙළ කවි කිවිඳියන් සමූහය සමග එක්වීමය. දැන් දැන් තම පළමු පොත පළ කරන කවි කිවිඳියන් පවා ආරම්භ කරන්නේ සියුම් රසිකයන් තුළ බොහෝ අපේක්ෂා ඇති කරමිනි. මේ පොතෙහි ඇතැම් කවි කිහිප වරක්ම කියවූ මා තුළද ඇති වන්නේ එවැනිම අපේක්ෂාවකි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217065689314,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/NagnaEs.jpg?v=1767767342"},{"product_id":"sewanali-awadi-nowuna-than-සෙවණැලි-අවදි-නොවුණ-තැන්","title":"Sewanali Awadi Nowuna Than - සෙවණැලි  අවදි නොවුණ තැන්","description":"\u003cp\u003eචතුරිකා රුචිරාණි හේන්පිට ලක් පොළොවේ ඉපිද වර්තමානයෙහි ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන විද්යාඥවරියකි. නිර්මාණ කරණයේ උපන් දක්ෂතා ප්රකට කරන ඈ අභ්යාසය මඟින් ඔපමට්ටම් කරගත් සුවිසෙස් කවිතාවකින්ද, ප්රතිභාවකින් ද යුතු නිර්මාණ කාරිනියකි.\u003c\/p\u003e\n\u003cp\u003eනොරටක සිටියද තාමත් මව් රටේ තාලයට හද ගැහෙන්නට ඉඩ හරින ඈ මව් පොළොවෙන් උරාගත් ජීවන සුවඳ මුසු සතුටු - නොසතුටු, සොම්නස් - දොම්නස් සියල් ජීවන අත්දැකීම් මානවවාදී හැඟීමකින්ද, අවබෝධ කරගත් ආගමික හරයකින්ද, සාරවත් ගැඹුරකින්ද පොහොණි කොට හද් බසින් ලියා අපට පෙරළා පිළිගන්වන්නී. සෙවණැලි අවදි නොවුණ තැන් නමින් වූ මේ කුලුදුල් නිර්මාණ සංග්රහයෙනි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217066803426,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SewaneliAwadiNowunuThena.jpg?v=1767767370"},{"product_id":"aluth-ahasaki-adath-අලුත්-අහසකි-අදත්","title":"Aluth Ahasaki Adath - අලුත් අහසකි අදත්","description":"\u003cp\u003eඅලුත් අහසකි අදත් ඇගේ පළමු කාව්ය සංග්රහයයි. මෙහි එන කවි විවිධ තේමා ඔස්සේ අප ගැන මෙන්ම පරිසරය ගැන කරන අපූරු විග්රහයන්ගෙන් යුක්තය. නිරන්තරයෙන්ම පොතපත කියවන, ගීතට දැනෙන දේ හැගෙන දේ ලියන ඇගේ අලුත් අහසකි අදත්' කාව්ය සංග්රහය ඔබට තවමු අත්දැකීමක් වනු ඇත.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217068802274,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/AluthAhasak.jpg?v=1767803499"},{"product_id":"mamai-phoenix-kirilli-මමයි-ෆීනික්ස්-කිරිල්ලී","title":"Mamai Phoenix Kirilli - මමයි ෆීනික්ස් කිරිල්ලී","description":"","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47222558195938,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/MamaiFenixKirilee.jpg?v=1767803535"},{"product_id":"echos-from-afar","title":"Echos from Afar","description":"","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47222804676834,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/EchosfromAfar.jpg?v=1767767186"},{"product_id":"anaradhitha-sithuwili-අනාරාධිත-සිතුවිලි","title":"Anaradhitha Sithuwili - අනාරාධිත සිතුවිලි","description":"","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47222826467554,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/AnaradithaSithuwili.jpg?v=1767767059"},{"product_id":"sansara-sparsha-සංසාර-ස්පර්ශ","title":"Sansara Sparsha - සංසාර ස්පර්ශ","description":"","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47222834233570,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SansaraSparsha.jpg?v=1767804032"},{"product_id":"thanikame-ghoshawa-තනිකමේ-ඝෝෂාව","title":"Thanikame Ghoshawa - තනිකමේ ඝෝෂාව","description":"","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47222850355426,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/ThanikameGoshawa.jpg?v=1767767449"},{"product_id":"kanda-handuwa-horen-කන්ද-හැඬුවා-හොරෙන්","title":"Kanda Handuwa Horen - කන්ද හැඬුවා හොරෙන්","description":"","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223165485282,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KandaHenduwaHoren.jpg?v=1767803979"},{"product_id":"adara-sameekarana-ආදර-සමීකරණ","title":"Adara Sameekarana - ආදර සමීකරණ","description":"\u003cp\u003eනිදහස් අධ්යාපනයේ මහිමයෙන් මධ්යම පාන්තික සමාජයට ඇතුළු වන විශ්වවිද්යාල ආචාර්යවරයෙකු උසස් අධ්යාපනය සඳහා විදෙස්ගත වීමට දරන ප්රයත්නය සහ එහිදී ලබන කටුක අත්දැකීම් පාදක කරගෙන මෙම නවකතාව රචනා වී තිබේ. ලාංකේය විශ්වවිද්යාල පද්ධතියේ පවතින බාහිරට නිරාවරණය නොවන අමිහිරි සිදුවීම් පෙළක් මෙම කෘතියෙන් අනාවරණය වීම විශේෂත්වයකි. ශ්රී ලංකාව දරුණු ආර්ථික හා දේශපාලන බිඳවැටීමකට ලක්ව ඇති මොහොතක අපේක්ෂා භංගත්වයට පත් ජනතාව දවසින් දවස රට අතහැර යන පසුබිමක පාඨකයා අතට පත් වන මෙම නවකතාව ලාංකේය ජනතාවගේ බුද්ධි ප්රබෝධය පිණිස හේතු වනු ඇත.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223173120226,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/AdaraSameekarana.jpg?v=1767767000"},{"product_id":"wisi-wasakata-pasuth-විසි-වසකට-පසුත්","title":"Wisi Wasakata Pasuth - විසි වසකට පසුත්","description":"","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223179575522,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/VisiWasakataPasuth.jpg?v=1767770335"},{"product_id":"my-alphabet-adventure-1","title":"My Alphabet Adventure - 1","description":"\u003cp\u003eMy Alphabet Adventure: Stories With Life Lessons -Part 1\u003c\/p\u003e\n\u003cp\u003eMeet Andy the Ant, Benji the Butterfly, and more friendly animals as they go on fun adventures from A to I! Each story teaches a valuable lesson like being brave, caring for others, or the importance of friendship while introducing kids to new words that start with each letter. A heartwarming start to learning the ABCs and building good character!\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223217127650,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/MyAlphabet-Part1.jpg?v=1767767270"},{"product_id":"my-alphabet-adventure-2","title":"My Alphabet Adventure - 2","description":"\u003cp\u003eJoin joyful animals like Jack the Jaguar, Leo the Lion cub, and Nina the Nightingale in this second book of adventures! From learning about patience and kindness to understanding motivation, each story from I to R brings smiles and life lessons little readers will remember.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223218372834,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/MyAlphabet-Part2.jpg?v=1767767292"},{"product_id":"my-alphabet-adventure-3","title":"My Alphabet Adventure - 3","description":"\u003cp\u003eFrom Sammy the shark and Sally the seal to Zara the Zebra, discover the last letters of the alphabet through sweet stories full of uniqueness, teamwork, and wisdom. This final book in the series wraps up the alphabet adventure with stories that help children grow in confidence and compassion while learning new words and letters.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223221584098,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/MyAlphabet-Part3.jpg?v=1767767317"},{"product_id":"sprinkles-of-joy","title":"Sprinkles of Joy","description":"\u003cp\u003eWelcome to the enchanting world of Sprinkles of Joy!\u003c\/p\u003e\n\u003cp\u003eI'm thrilled to take you on a magical journey through these 15 delightful stories, each sprinkled with its own unique charm and wonder. As you turn each page, you'll meet lovable characters, explore new worlds, and embark on exciting adventures. Whether you're soaring through the skies on a dragon's back or solving mysteries with clever fairies, I hope each tale brings a sprinkle of joy to your heart.\u003c\/p\u003e\n\u003cp\u003eRemember, magic is all around us, waiting to be discovered by those who believe in the power of imagination. Enjoy the journey,\u003c\/p\u003e\n\u003cp\u003eand let your imagination soar!\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223348756706,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SprinklesofJoy.jpg?v=1767767404"},{"product_id":"obe-daru-sihina-malpala-ganweemata-ඔබේ-දරු-සිහිනය-මල්ඵල-ගැන්වීමට","title":"Obe Daru Sihina Malpala Ganweemata - ඔබේ දරු සිහිනය මල්ඵල ගැන්වීමට","description":"\u003cp\u003eමවක වීමට පෙරුම් පුරන කාන්තාවන්ට මෙන්ම, මවක වීමට නොහැකිව ඒ හා සම්බන්ධ ගැටලු වලට මුහුණ පා සිටින කාන්තාවන්ටද, තම සිහිනය සැබෑ කර ගැනීමට මෙම ග්රන්ථය පිටිවහලක් වන බව නොඅනුමානය. සඳහන් කරුණු සරලව විග්රහ කළ ඇති මෙම ග්රන්ථය පහසුවෙන් පරිශීලනය කළ හැකි වීමද මෙහි විශේෂත්වයකි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223416815842,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/ObeDaruSihinaya.jpg?v=1767782676"},{"product_id":"nirogi-daru-upathak-sandaha-danuwath-wemu-නිරෝගි-දරු-උපතක්-සඳහා-දැනුවත්-වෙමු","title":"Nirogi Daru Upathak Sandaha Danuwath Wemu - නිරෝගි දරු උපතක් සඳහා දැනුවත් වෙමු","description":"\u003cp\u003eමවක වීමට පෙරුම් පුරන කාන්තාවන්ට අද සමාජයේ ඒ හා පවතින ගැටලු හා ව්යාකුල තත්ත්වයන් නිරාකරණය කර එම කාර්තව්යයට පහසුවෙන් මුහුණ දීමට අවශ්ය දැනුම ලබා දීමට මෙම ග්රන්ථය ඉවහල් වනු ඇත. සරලව කරුණු විග්රහ කර ඇති මෙම ග්රන්ථය පහසුවෙන් පරිශීලනය කළ හැකි වීමද මෙහි විශේෂත්වයකි\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223422877922,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/NirogeeDaruUpathak.jpg?v=1767782706"},{"product_id":"sathutu-mawatha-සතුටු-මාවත","title":"Sathutu Mawatha - සතුටු මාවත","description":"\u003cp\u003eපුජා වෛද්ය ක්ෂේත්රයේ න්යායික දැනුම මෙන්ම ප්රායෝගික අත්දැකීම්ද රැසකින් යුතු වෛද්ය යමුනා ගගනි එල්ලාවල විසින් රචිත මෙම කෘතියෙන් වත්මන් සංකීර්ණ සමාජයේ පවතින, එහෙත් තවමත් වැඩි වශයෙන් ආමන්ත්රණය නොකෙරෙන පුද්ගල මානසික සෞඛ්ය පිළිබඳ දැනුම සරලව සහ රසවත්ව පුජාව වෙත සම්ප්රේෂණය කෙරෙයි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47223472816354,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SathutuMawataha.jpg?v=1767782729"},{"product_id":"ihil-muhulas-ඉහිල්-මුහුලස්","title":"Ihil Muhulas - ඉහිල් මුහුලස්","description":"\u003cp\u003eආදරයේ පැහැයන් විවිධය, විචිත්ර ය. විටෙක ඒ පොඳුරු ය. විටෙක ඒ බිහිසුණු ය. එහෙත් බොහෝ විට අප හඹා යනුයේ ආදරයේ පුර වර්ණ පපුපස ව පමණි. එසේ ම ආදාරය යනු ගිමි කරගැනීම පමණක් බවත් ඒ අහිටි වීම යනු කෙසේවත් පිළිගත නොහැකි තත්ත්වයන් බවත් එහෙයින්ම හිමි කර ගැනීම උදෙපා කවර ප්රයාණයක් වුව සාධාරණ බවත් බොහෝ දෙනා සිතති. එසේ ම ආදරය යනු එක් වයස් කාණ්ඩයකට පමණක් ඇති හිචිකමක් බවත් ඉන් බැහැර පාර්ශ්වයට ආදරය කරන්නට කිසිදු අයිතියක් නැති බවත් සමහරු අදාහනි. බොහෝ ආදර කතා සමාජය තුළ විහිළු ලෙස සලකනු ලබන්නේ සහ ගර්හාවට ලක් කරනු ලබන්නේ එහෙයිනි. ධම්මිකා විජේසිරි තම නව කෙටිකතා පංග්රහයෙන් උත්සාහ දරන්නේ ආදරයේ මේ නෙක පැහැයන්හි සංකීර්ණත්වය චිත්රණය කරන්නට ය. කෙටිකතාකාරියක ලෙස දැනටමත් පිය පලකුණ තබා ඇති ඇය මේ කෙටිකතා මගින් එක් තේවාවක් තුළ පංකීර්ණ වනුෂ්ය හැඟුම් පරීක්ෂාවට ලක් කරන්නී ය.\u003c\/p\u003e\n\u003cp\u003e~ චුලානන්ද සමරනායක\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47756477071586,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IhilMuhulas.jpg?v=1777539881"},{"product_id":"dambaran-udumbara-දඹරන්-උදුම්බරා","title":"Dambaran Udumbara - දඹරන් උදුම්බරා","description":"\u003cp\u003eසමස්ත ජෛවගෝලයේම ගාමක බලය වන්නේ ස්ත්රී පුරුෂ ආකර්ෂණයය, එය සතා සීපාවා වෘක්ෂ ලතාවලටද පොදු ධර්මතාවකි. මානව චරිතයේ මෙම ලක්ෂණය සත්ව ලෝකයට වඩා සංකීර්ණ ස්වභාවයකින් යුක්තය. මෙම කෙටිකතා සංග්රහයේ එන නිර්මාණවලින් වැඩි ප්රමාණයක් මේ සංකීර්ණ මානව ස්ත්රී පුරුෂ ආකර්ෂණයේ විවිධ පැතිකඩ සියුම් ලෙස විවරණය කරන තේමාවන් මත ගොඩනඟා ඇත.\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eමෙහි චරිතවල චිත්ත අභ්යන්තරයට ශූර ලෙස  පන්හිඳ මෙහෙය වී ඇත්තේ කතුවරිය සතු ශල්ය වෛද්ය පරිචය පරිකල්පන  ලෝකයට කැඳවා ගනිමිනි. අගති සහ අභිමන්, සීමා, වීණාවී, දැකුළු මල වැනි කතා එයට නිදසුන් කර දැක්විය හැකිය. එම නිර්මාණවලින් ස්පර්ශ කෙරෙන මානව චෛතසිකයේ ගූඪ අභ්යන්තර කතාව ෆ්රොයිඩ් කාල් ජුං වැනි මනෝවිද්යාඥයන් එළි පෙහෙළි කළ මානව චෛතසික මූලධර්මවලට බෙහෙවින්ම නෑකම් දක්වයි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":48055136747746,"sku":null,"price":1100.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/dambaranudumbara.jpg?v=1784263338"},{"product_id":"mula-mada-aga-saha-mama-මුල-මැද-අග-සහ-මම","title":"Mula Mada Aga Saha Mama - මුල මැද අග සහ මම","description":"\u003cp\u003eවිප්ලවවාදියකු සතු ජීව ගුණය වන්නේ ස්වකීය ජීවිතයේ කවර දශකයකදී වුව යාවත්කාලීන තාරුණ්යයක ආත්මීයත්වය ප්රකාශමාන වීමයි. තාරුණ්යයේ පැතිමාන සියල්ලම නොනැසී පවත්වා ගන්නට තරම් වන කායික මෙන්ම මානසික ශ්රමයක අඛණ්ඩ පැවැත්ම ජීවිතය විසින් අපේක්ෂා කෙරෙයි. ඥානසිරි කොත්තිගොඩ සහෝදරයා යනු එවන් විප්ලවවාදී පැවැත්මක් බව සලකුණු කරනට කිසිදු සංශයවාදී හැඟීමක් පහළ වන්නේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003eවෘත්තීය සමිති නියාමකයකු ලෙස ද, පත්තරකාර ගමන් සගයකු ලෙසද අපට අභිමුඛ වූ හැම තැනකම ස්වකීය ස්ථාවරය අතිශය සංයුක්තව, මෙන්ම තියුණු කර ලෙස තියුණු කට හඬින් පැවසීමට ඔහුට හැකි වුයේ මෙකී තිරසාර බව නිසාය. ඉදින්, ඔහු සහ අප අතර වන දශක තුනක් ඉක්ම වූ සහෝදරත්වය සහ මිත්රත්වය මෙ තරම් ගැඹුරු තර ලෙස රඳා පැවැත්මේ කේන්ද්රීය පදනම වන්නේ කොත්තිගොඩ සහෝදරයා සතු අනම්ය, අව්යාජ, අවපල දේශපාලනික ස්ථාවරය යැයි මට සිතේ.\u003c\/p\u003e\n\u003cp\u003eසමකාලීන සමාජය මෙන්ම වමේ දේශපාලනය ගැඹුරින් තේරුම් ගන්නට නම් කොත්තිගොඩ සහෝදරයාගේ එවන් වූ ජීවන අඩංගුව සංගෘහිත 'නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම' අත්යවශ්ය කියවීමක් වීම නිසැක බව මම ඔබට යෝජනා කරමි. එමෙන්ම, කෘතියෙහි නාම කරණයෙහි 'මම' යන්න රැඳවීම පවා ඔහුගේ ආත්මීය කැඳවීමකැයි මම සිතමි. සකල පරමාදර්ශී සද්රව්ය, තනුක වී, වාෂ්ප වී ගිය සමයක, මෙසේ උත්තම පුරුෂය, ලෙළවා පෙන්වීම දේශපාලනික තීන්දුවක් බව ඥානනය කරගන්නට නම් ඥානසිරි කොත්තිගොඩ සහෝදරයාගේ දේශපාලන ජීවන ආඛ්යානය වෙත එළඹීම, මඟහැර යා නොහැකි සංසිද්ධියක් බව මම ඔබට අවධාරණය කරමි.\u003c\/p\u003e\n\u003cp\u003e~ මංජුල වෙඩිවර්ධන\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":48079312060642,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/mulamada.jpg?v=1784701759"},{"product_id":"kopi-aththatama-thiththai-කෝපි-ඇත්තටම-තිත්තයි","title":"Kopi Aththatama Thiththai - කෝපි ඇත්තටම තිත්තයි","description":"\u003cp\u003eඉර බහිනකොට ඇයි මේ තරම් ලස්සන, හිතුන මට පාවෙලා යන ගමන් බෝට්ටුවෙ ගැස්සෙන, මුහුද ඇයි නලියන්නෙ තිස්සෙම, ඇහැව්වා මම රළවලින් මා දිහා බලන්නට ඉස්සෙන !\u003c\/p\u003e\n\u003cp\u003eතව දුරයි යන තැනට පහුඋනේ නාවුක සැතපුම එක්දහස් තුන්සිය පස්වන, එන්න එන්නම පාලුයි හැඟීමෙන් මුලු හඳවතම හිස් ස්වෙන, යන ගමන් සොයාගෙන තැනක් අලුත් නෑ මිතුරන් රැස්වෙන, ඔබවත් ඉන්නවාදෝ තනියට ඇහැව්වා මම ප්රදීපාගාරෙන් ඈතින් දිස්වෙන\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":48079522922722,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kopi.jpg?v=1784702385"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/progress-books.oembed?page=2","provider":"Vidarshana ","version":"1.0","type":"link"}