{"title":"Subhavi Publications","description":null,"products":[{"product_id":"nuuri-nam-bigupalla-නූරි-නම්-බිඟුපල්ලා-the-beekeeper-of-aleppo","title":"Nuri Nam Bigupalla - නූරි නම් බිඟුපල්ලා (The Beekeeper of Aleppo)","description":"\u003cp data-path-to-node=\"2\" id=\"p-rc_0778f126c0586ab3-25\" style=\"text-align: left;\"\u003eනූරි නම් බිඟුපල්ලා සරණාගතයන් පිළිබඳ හුදු කතාවක් පමණක් නොවේ, ඔවුන් විඳ දරාගන්නා දුෂ්කරතා සහ ජීවිතය උදෙසා වන ඔවුන්ගේ වෙහෙසකර ගමන පිළිබඳව ආලෝකය විහිදුවයි. එපමණක් නොව, එය විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ බලාපොරොත්තුවේ නොසිඳෙන අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි.   එය පැවැත්ම පිළිබඳ කතාවක් පමණක් නොව, ජීවිතයට එන දරාගත නොහැකි අඳුරුතම කාලපරිච්ඡේදවලට මුහුණදෙන විට ජීවත් වීමට සහ ආදරය කිරීමටත්, බිඳී විසිරුණු ඔවුන්ගේ ලෝකය තුළ තම ආදරණීයයන් අත් නොහැර, එකිනෙකාව නැවත සොයාගැනීමේ දීර්ඝ ජීවන සංචාරයත් අපගේ මනස තුළ සදා නොමැකෙන ලෙස සනිටුහන් කරයි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611096514786,"sku":null,"price":1600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/NuriNamBigupalla.jpg?v=1791539212"},{"product_id":"viyawul-samayaka-වියවුල්-සමයක-the-neighborhood","title":"Viyawul Samayaka - වියවුල් සමයක (The Neighborhood)","description":"\u003cp style=\"text-align: left;\"\u003eරාජ්ය විරෝධී අරගලකරුවන් සහ මර්දනකාරී ආණ්ඩුවක ගැටුම් මැද ඇඳිරි නීතිය රජයන දවසක්, තම නිවෙස බලා යාමට ඇඳිරි නීතිය හේතුවෙන් බාධා පැමිණුන විවාහක තරුණ කතක්, තම නිවෙසේ ඇය රඳවා ගත් ඇගේ මිතුරිය සමඟ අනපේක්ෂිතව ඇරඹෙන අනුරාගී, සමකාමී සැරියක්. ජීවිතයේ එක් මොහොතක තමන් නොදැනුවත්වම පටලවා ලද දැලක කොටු වී කාමෝත්සවයක ගොදුර බවට පත් ධනපති ව්යාපාරිකයෙක්. ඔහුගේ ඡායාරූප අවිය කොටගෙන මුදල් සොයන්නට තැත් දරන මාධ්යකරුවෙක්. බිහිසුණු පාලනයක ගෝඩ් ෆාදර්ගේ චරිතය හොබවන තීක්ෂණ සිවලෙක්. ලිංගිකත්වය, මාධ්ය මාෆියාව, අවි ගැටුම්, බලය උදෙසා දංගෙඩියට තැබෙන මිනිස් ජීවිත. මේ පේරුව පිළිබඳ කතාවකි. නැත, එය ඔබට ද තම මුහුණ දකින්නට කැඩපතකි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611162345698,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WiyawulSamayaka.jpg?v=1791539237"},{"product_id":"gatsby-fitzgerald-ගැට්ස්බි-ෆිට්ජෙරල්ඩ්-the-great-gatsby","title":"Gatsby Fitzgerald - ගැට්ස්බි ෆිට්ජෙරල්ඩ් (The Great Gatsby)","description":"\u003cp style=\"text-align: left;\"\u003eගැට්ස්බි කොළ පැහැති එළිය ගැන විශ්වාසය නැති ය. ඒ වනාහි අප නිරතුරු විඳින කම් සුවයයි. එහෙත් වසරින් වසර එය අප ඉදිරියේම පිරිහෙයි. එවිට එය අප මඟහැර යයි. අප එය වටහා ගන්නේ නැත. වන්නාට ය, හෙට අපි වඩා වේගයෙන් දුවන්නෙමු ය, අපගේ දෑත් දෙපා දෙපසට විඳගන්නෙමු ය, දිනෙන් දින අපි සිතමු. ඉතින් අපි පහර කෑවෙමු. දිය පහරට එරෙහි ව යන යාත්රාවක් සේ, අතීතයට අනවරතව පිටුපා ගොස්.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611192295650,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Gatsby.jpg?v=1791539259"},{"product_id":"dada-comrade-ඩඩා-කොම්රේඩ්-dada-comrade","title":"Dada Comrade - ඩඩා කොම්රේඩ් (Dada Comrade)","description":"\u003cp\u003eඩඩා කොම්රේඩ් යනු ඉන්දියානු නිදහස් අරගලය පිළිබඳව ලියැවුණු සාහිත්ය කෘති අතර වාමවාදී ආස්තානයකින් ලියැවුණු පළමු නවකතාව ලෙස සැලකෙන කෘතියකි. කේවල ශක්තිය වෙනුවට සාමූහික ශක්තිය ගැන විශ්වාසය තබන, මාක්ස්වාදී පදනමක් මත විප්ලවයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණ දේශපාලන කණ්ඩායමක් සහ ඔවුන් අතර වන අන්තර් සම්බන්ධතා මත ගොඩනැගෙන මේ නවකතාව අරගලයක ඇති සංකීර්ණතා මෙන්ම ඊට සහභාගි වන කාඩර්වරුන්ගේ සහ කාඩර්වරියන්ගේ ජීවිතවල සංකීර්ණතා ද ප්රතිවිරෝධතා ද, ඒ සියල්ල මුඛ්ය අරමුණ කෙරෙහි බලපානා ආකාරය ද විමසා බලයි. මේ කෘතියේ නිර්මාතෘ යශ්පාල් සැලකෙනුයේ එල්ලුම්ගසින් මිදී ලේබක දිවියට පිවිසි විප්ලවවාදියා වශයෙනි. ඔහුගේ මේ නවකතාව ඉන්දියානු සාහිත්ය කෘති අතර අදටත් එකසේ සම්භාවනාවට පාත්රවන කෘතියකි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611291713762,"sku":null,"price":1250.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Yashpal.jpg?v=1791539283"},{"product_id":"lunu-saha-kandulu-ලූනු-සහ-කඳුළු-like-water-for-chocolate","title":"Lunu Saha Kandulu - ලූනු සහ කඳුළු (Like Water For Chocolate)","description":"\u003cp\u003eලෝරා එස්කිවෙල් විසින් ලියන ලද Like Water for Chocolate නවකතාව මායා යථාර්ථවාදය, ආදරය, රාගය, දැඩි ආශාව සහ මෙක්සිකානු සූපශාස්ත්ර සම්ප්රදාය අපූරුවට මුසු වූ සිත් ඇදගන්නාසුළු නවකතාවකි. මෙක්සිකානු විප්ලව සමය පසුබිම් කරගත් මේ කතාවෙන්, තම කුරිරු මව බලා ගැනීම සඳහා විවාහ වීම තහනම් කරන දරුණු පවුල් සම්ප්රදායක සිර වී සිටින ටීටා ඩි ලා ගාර්සා නම් තරුණියගේ කතාව කියැවේ. ඇගේ පෙම්වතා වන පෙඩ්රෝ ඈට සමීප වී සිටීමේ එකම අරමුණින් ඇගේ සහෝදරිය විවාහ කරගන්නා අතර, ටීටා ඇගේ බිඳුණු හදවතේ සිර වූ දැඩි ආශාව සහ කෝපය ඈ පිළියෙල කරන කෑම වර්ගවලට මුසු කරයි. ඇගේ අසාමාන්ය කෑම වට්ටෝරු හරහා ඇගේ හැඟීම් මායාකාරී ලෙස ඉස්මතු වන අතර, ඒ ආහාර ගන්නා සෑම කෙනෙකුගේම ජීවිත සහ හැඟීම් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ඒවා සමත් වෙයි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611339817186,"sku":null,"price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/LunuSahaKandulu.jpg?v=1791539306"},{"product_id":"anacharaya-අනාචාරය-adultery","title":"Anacharaya - අනාචාරය (Adultery)","description":"\u003cp\u003eඅවුරුදු තිස් ගණනක් වන ගැහැණියක් තමන්ගේ ජීවිතයේ ගමන් මග සහ පුරෝකථනීය බව පිළිබඳ ප්රශ්න කරන්නට ගන්නීය. සෑම කෙනෙකුම දකින්නේ ඇයට පරිපූර්ණ ජීවිතයක් ඇති සැටියකි: ප්රීතිමත් විවාහය දරුවන්, සහ රැකියාවක්. එහෙත් ඇයට දැනෙන්නේ අති මහත් අතෘප්තිකර හැඟීමකි. පාසල් වියේ දී සිය පෙම්වතාව සිටි සාර්ථක දේශපාලනඥයකු මුණගැසුණු විට සියල්ල වෙනස් වෙයි. ජීවිතයෙන් ලුහුටා ගොස් තිබූ අනුරාගය යළි සොයා ගැනීමත් සමඟ ම ඇය ජීවිතය වෙනස් කරන තෝරා ගැනීමක් කරන්නී ය\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611366523106,"sku":null,"price":1600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Anacharaya.jpg?v=1791539330"},{"product_id":"suwanda-pan-සුවඳ-පැන්-perfume-the-story-of-a-murderer","title":"Suwanda Pan - සුවඳ පැන් (Perfume The Story Of A Murderer)","description":"\u003cp\u003eමිනීමරුවෙකු ගැන කියවෙන මේ කතා පුවතින් ඉදිරිපත් වනුයේ සමාජය විසින් පිළිකෙව් කරන ලද්දා වූ ද, උපතින්ම සුවඳ දැනීමේ අසාමාන්ය සංවේදනයකින් යුක්ත වූ ද, දහඅටවැනි සියවසෙහි ජීවත් වූ ෂෝන් බැප්ටිස් ග්රෙනොයීල් නම් වූ අනාථයෙකු පිළිබඳ කතන්දරයයි. සුවිසල් පරාසයක් තුළ විහිදෙන සුවඳ හඳුනාගැනීමෙහිලා ඔහු තුළ වූ මේ හැකියාව විලවුන් වෙළඳ ක්ෂේත්රයෙහි දී ඔහුට සිය රැකියාව සාර්ථකව කිරීම පිණිස බෙහෙවින් ප්රයෝජනවත් වුව ද තමන් හට දිවියේ අන් කවරදාකවත් විඳින්නට නොලැබුණු ඉතාම ඉහළ සුගන්ධයකින් යුත් තරුණියක හමුවීමත් සමඟම ඔහුගේ සිතුවිලි අපරාධයක් කරනු පිණිස යොමු වෙයි. මේ කතා පුවතින් අනාවරණය කෙරෙනුයේ නපුර තුළ ගැබ්ව පවත්නා උන්මත්තක ස්වභාවය සහ වසඟකරනාසුලු බලයයි. එසේම භාවයන් සහ සුවඳ අතර පවත්නා සම්බන්ධතාවයි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611433468130,"sku":null,"price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Perfume.jpg?v=1791539353"},{"product_id":"latapata-ලටපට-trash-pick-it-up-and-keep-it-hidden","title":"Latapata - ලටපට (Trash - Pick It Up And Keep It Hidden)","description":"\u003cp\u003eරෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක යම් විශේෂිත දෙයක් හමුවෙයි. එහි මාරාන්තික රහසක් සැඟවී ඇත. නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්රදේශයන්හීදිත් ඔවුන්ව ලුහුබැඳීමට ලක්වෙයි. නමුත් ඔවුන්ට බේරී පලායාමට හැකිවේවි ද? ඔවුන්ට ගැලවිය හැක්කේ හාස්කමක් සිදුවුවහොත් පමණි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611477967074,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Latapata.jpg?v=1791539372"},{"product_id":"wurkayange-adawiya-වෘකයන්ගේ-අඩවිය-white-fang","title":"Wurkayange Adawiya - වෘකයන්ගේ අඩවිය (White Fang)","description":"\u003cp\u003eවයඹදිග කැනඩාවේ, සීතලෙන් මිදුණු වනාන්තරයක උපත ලද වයිට් ෆෑන්ග් ශක්තිවන්තයන්ට පමණක් රැඳී සිටිය හැකි දුෂ්කර ජීවිතයක් දෛවයෙන් උරුම කරගෙන ආවෙකි. රංචුවේ රෞද්රතම පැටවා ලෙස ඔහු සිය සහෝදර සහෝදරියන්ගේ පණ නල සඟවාගෙන ගිය සීතලට සහ කුසගින්නට මුහුණ දෙමින් ජීවත් වූයේය. ඔහු මුළු ජීවිත කාලය පුරාම විඳි අති දුෂ්කර වූ සෑම අත්දැකීමක්ම ඔහුගේ දැස තුළින් අත්විඳින්නට අපට ද හැකියාව ලැබේ. ඔහුගේ ප්රථම ජයග්රාහී ඝාතනය, ඔහු මනුෂ්ය වර්ගයා සොයාගත් අයුරු, හිම යානා අදින බල්ලෙකු ලෙස ඔහු ගෙවූ දුෂ්කර කාල පරිච්ඡේදය, කෲරතර දාසභාවයෙන් ඔහු දිවි ගලවාගත් අයුරුත් අප තුළ මවිතය මුසු පහන් හැඟීමක් ඇති කරවීමට සමත් වෙයි.   අනන්ත අප්රමාණ කටුකත්වය තුළ අති දරුණු අත්දැකීම්වලට මුහුණ දෙමින් සිය ජීවිතයේ ස්වාධීනත්වය පතා නිරන්තර අරගලයක යෙදුණු සත්ත්වයකු අලලා 1905 දී ජැක් ලන්ඩන් විසින් ලියන ලද මේ නවකතාව ඔහු විසින් ලියන ලද විශිෂ්ටතම හා වඩාත් ජනප්රියම නවකතාව වේ.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611689517282,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WurkayangeAdawiya.jpg?v=1791539395"},{"product_id":"aria-ආරියා-aria-nazanine-hozar","title":"Aria - ආරියා (Aria Nazanine Hozar)","description":"\u003cp\u003eවර්ෂ 1953 දී ඉරානයේ ටෙහෙරානයේ වාසය කරන බෙහෙරුශ් නම් ට්රක්රථ රියැදුරාට එක් රාත්රියක දී වීදියක අතහැර දමාගිය බිළිඳියක් හමුවෙයි. කොළ නිල් පැහැති දෑසකට හිමිකම් කී ඇය ඔහුගේ දිවියට කෙතරම් නම් බලපෑමක් සිදුකරනු ඇත්දැයි ඔහු නොදැන සිටියේ ය. ආරියා නම් පිරිමි නමක් ලබන ඇය මව්වරු තිදෙනෙක් අතර දෝලනය වෙයි. පළමු මව ඇයට කෲර ලෙස සලකයි. ධනවත් වැන්දඹු දෙවැනි මව ඇයට රැකවරණය ලබාදෙන නමුත් ආදරය දීමට අපොහොසත් වෙයි. දුගී බවෙන් පීඩිත තෙවැනි මව ඇය ජීවිතය යැයි එතෙක් වටහාගෙන තිබූ දේ සුනු විසුනු කර දමයි. මේ අතර 1979 දී ටෙහෙරානය කලඹමින් විප්ලවීය අරගලයකින් රජුන්ගෙත් රජු ලෙස විරුදාවලිය ලත් ෂා පලවා හැර අයතොල්ලා කොමෙයිනි බලයට පැමිණ ඔවුන් සියලු දෙනාගේත් දේශයේත් ඉරණම සඳහටම තීන්දු කරයි.   ඉරාන විප්ලවය පසුබිම් කරගත් ආරියා නම් වූ මේ විශිෂ්ට නවකතාව ප්රේමය, විප්ලවය, පීඩිතබව, අපේක්ෂා, පාවාදීම් කැටි කරගත් ගැඹුරු මිනිස් සම්බන්ධතා පිළිබඳ පාඨක සිත් සසල කරවන රසාලිප්ත කතාන්දරයකි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611912765666,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Aria.jpg?v=1791539414"},{"product_id":"muthu-karabuwa-paladi-yuwathiya-මුතු-කරාබුව-පැලඳි-යුවතිය-girl-with-a-pearl-earring","title":"Muthu Karabuwa Paladi Yuwathiya - මුතු කරාබුව පැලඳි යුවතිය (Girl With A Pearl Earring)","description":"\u003cp\u003eදහහත්වැනි සියවස මැද භාගයේ, නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප්රසිද්ධ චිත්ර ශිල්පී යොහැන්නස් වර්මීර්ගේ (1632 ඔක්තෝමබර් 31 - 1675 දෙසැම්බර් 15) චරිතය ඇසුරු කර ගනිමින් ලියැවුණු අතිශය මනරම් වූත්, ගුප්ත වූත්, විටෙක දරා ගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුතු ප්රබන්ධ කතාවකි. වර්මීර් විසින් නිර්මාණය කරන ලද මහාඟු සිතුවම් අතර ඇති මුතු කරාබුවක් පැලඳ සිටින යුවතියගේ සිතුවම මේ නවකතාවට පාදක වෙයි.   සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පවුලට තිබූ එකම ආදායම් මාර්ගය අහිමි වීම නිසා දහසය හැවිරිදි ග්රීටිට, වර්මීර්ගේ නිවෙසේ සේවයට යන්නට සිදු වෙයි. කලාත්මක දෑසක් හිමි ග්රීට් අහම්බයෙන් ඔහුගේ අත් උදව්කාරිය බවට පත් වන අතර, ඇය වර්ණ සහ ආලෝකය පිරුණු වර්මීර්ගේ ලෝකයට වඩාත් සමීප වෙයි. ටී. ෂෙවලියර් විසින් ලියන ලද, අතිශයින් ජනප්රියත්වයට පත් මේ නවකතාව ඇසුරින් 2004 වර්ෂයේ දී එම නමින්ම නිර්මාණය වූ චිත්රපටය ද ඉමහත් පාඨක විචාරක සම්මානයට පාත්ර විය.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67612008317154,"sku":null,"price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/MuthuKarabuwaPaladiYuwathiya.jpg?v=1791539435"},{"product_id":"mahaparen-mudukkuwata-මහපාරෙන්-මුඩුක්කුවට-bititas-diary","title":"Mahaparen Mudukkuwata - මහපාරෙන් මුඩුක්කුවට (Bitita's Diary)","description":"\u003cp\u003eඅප්රිකානු වහලුන්ගෙන් පැවත එන මිලියන සංඛ්යාත බ්රසීලියානු පරම්පරාවෙන්, තම ජීවිතය ගැන ලියා පළ කර ඇත්තේ කැරොලිනා මරියා ඩි ජීසස් නම් ඇය පමණි. ඇය සිය දිනපොත් සටහන් පුවත්පතක කොටස් වශයෙන් පළ කර පසුව පොතක් වශයෙන් ප්රකාශයට පත් කළා ය. ඇය නාගරික මුඩුක්කු පැල්පත් නගරයක (ෆවේලා) තම දරුවන් ඇතිදැඩි කිරීමට නගරයේ වීදිවල කුණුකසළ සොයමින් ජීවිතය සමඟ පොරබදමින් ජීවත් වූ ලෙසම අප්රකටව මිය ගියා ය.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67612102754530,"sku":null,"price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/MahaparenMudukkuwata.jpg?v=1791539455"},{"product_id":"adara-viwahaya-ආදර-විවාහය-love-marriage","title":"Adara Viwahaya - ආදර විවාහය (Love Marriage)","description":"\u003cp\u003eදෙමාපියන්ගේ ආශීර්වාදය මැද සිදුවන සම්ප්රදායික විවාහයක් වෙනුවට, හදවතින්ම ගත් තීරණයක් මත ගොඩනැගෙන 'ආදර සම්බන්ධ විවාහයක්' පිටුපස ඇති සැබෑ යථාර්ථය කෙතරම් සුන්දරද? නැතහොත් කෙතරම් සංකීර්ණද?   කුල, මල, පන්ති බේද සහ සමාජීය සම්මතයන් හමුවේ තමන්ගේ ආදරය වෙනුවෙන් සටන් කළ යුවළකගේ අභියෝගාත්මක ජීවිත අත්දැකීම්, සහප්රේමයේ සහ කැපකිරීම්වල හැඩතල මේ පිටු අතර දිගහැරේ. මෙය හුදෙක් ආදර අමුතු කතාවක් පමණක් නොව, විවාහයෙන් පසු ආරම්භ වන සැබෑ ජීවිතයේ සොඳුරු මෙන්ම කටුක යථාර්ථයයි!\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67612150956258,"sku":null,"price":1600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/AdaraWiwahaya.jpg?v=1791539484"},{"product_id":"che-mathakaya-saha-purawurthaya-චේ-මතකය-සහ-පුරාවෘතය-che-on-my-mind","title":"Che Mathakaya Saha Purawurthaya - චේ මතකය සහ පුරාවෘතය (Che On My Mind)","description":"\u003cp\u003eඉතිහාසයේ ඇතැම් චරිත්ර ඔවුන් ජීවත් වූ කාලය ඉක්මවා, පරම්පරා ගණනාවක මතකය තුළ ජීවත් වෙති. අර්නස්ටෝ \"චේ\" ගුවේරා එවැනි චරිතයකි. ඔහුගේ මුහුණ ලොව පුරා පෝස්ටර්, ඡායාරූප සහ බිතුසිතුවම් මත නැවත නැවතත් මතු වුව ද, ඒ ප්රතිරූපය පිටුපස සිටි මිනිසා හඳුනාගැනීම එතරම් සරල කාර්යයක් නොවේ. විප්ලවවාදියකු, වෛද්යවරයකු, සංචාරකයකු, චින්තකයකු සහ සන්නද්ධ අරගලකරුවකු ලෙස ඔහු ගෙවූ ජීවිතය ඒකමාන වර්ගීකරණයට සීමා කළ නොහැකි තරම් සංකීර්ණ ය.  චේ, පිළිබඳ ලියැවුණු බොහෝ කෘති ඔහු වීරයකු ලෙස හෝ දුෂ්ටයකු ලෙස අර්ථ දක්වන්නට උත්සාහ කර ඇත. එහෙත් ඉතිහාසයේ එක්තරා යුගයක් නියෝජනය කළ මිනිසෙකු අවබෝධ කරගැනීම සඳහා එවැනි සරල නිගමන ප්රමාණවත් නොවේ. ඔහුගේ විශ්වාසයන් මෙන්ම සැකයන් ද, ඔහුගේ ජයග්රහණ මෙන්ම පරාජය ද, ඔහුගේ සිහින මෙන්ම ඔහුගේ ක්රියාවන්හි ප්රතිවිපාකද විමසා බැලිය යුතු ය. එවිට පමණක් ලෝකයට හුරු වූ එම මුහුණ පිටුපස සිටි සංකීර්ණ මිනිසා අපට හමු වෙයි.   එබැවින්, මෙය චේ පිළිබඳ අවසන් විග්රහයක් නොවේ; ඔහුගේ ජීවිතය දෙස නැවත වරක් විමසිලිමත්ව බැලීමට කරන ආරාධනයකි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67612191293666,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/CheMathakayaSahaPurawurthaya.jpg?v=1791539505"},{"product_id":"dara-saya-matha-panapitin-දරසෑය-මත-පණපිටින්-pyre","title":"Dara Saya Matha Panapitin - දරසෑය මත පණපිටින් (Pyre)","description":"\u003cp\u003eසරෝජා සහ කුමරේසන් ආදරයෙන් බැඳුණු දෙදෙනෙකි. හදිසියේ සිදුවන ඔවුන්ගේ විවාහයෙන් පසු, ඔවුන් කුමරේසන්ගේ ගමට පැමිණෙන්නේ භයානක රහසක් ළඟ තබාගෙන ය: ඔවුන්ගේ විවාහය අන්තර් කුල විවාහයක් වන අතර, එය දැනගතහොත් ගමේ වැඩිහිටියන් කෝපයට පත් විය හැකි ය. සියල්ල හොඳින් සිදුවනු ඇතැයි කුමරේසන් බොළඳ විශ්වාසයෙන් සිටියි. නමුත් කිසිවක් සත්යයෙන් ඔබ්බට නැත. තරුණ යුවළ දැඩි ලෙස ප්රතික්ෂේප කළ ද සරෝජා වෙනත් කුලයකට අයත් විය යුතු බවට ගම්මු දැඩි ලෙස සැක කරති. ඔවුන්ගේ සැකයන් නිශ්චිතභාවයට පත්වන අතර කෝපයට පත් වූ පිරිස ඔවුන්ගේ පළිගැනීමේ ක්රියාවලියට කාලය එළඹ ඇති බවට තීරණය කරයි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67641856491746,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/DaraSayaMathaPanapitin.jpg?v=1791541460"},{"product_id":"mumbai-mafiyawe-rajiniyo-මුම්බායි-මාෆියාවේ-රැජිණියෝ-mafia-queens-of-mumbai","title":"Mumbai Mafiyawe Rajiniyo - මුම්බායි මාෆියාවේ රැජිණියෝ (Mafia Queens Of Mumbai)","description":"\u003cp\u003eඅවුරුදු ගණනාවක් තිස්සේ සෑම වර්ගයකම අපරාධකරුවන් පිළිබඳව ලියූ මට සහතික වශයෙන්ම කිව හැක්කේ, ලිංගිකත්ව ගතිකයන් පිළිබඳව සලකා බලන කල ජෙනාබායි දාරුවාලී කෙනෙකු වීමට වඩා දාවුද් ඊබ්රහිම් කෙනෙකු වීම පහසු බවය. ඔබ චෝටාවරුන්ගේ කල්ලි පෙනේරයකින් හලා බැලුවහොත් ඔවුන් වැනි බොහෝ අය මුණගැහෙනවා ඇත. එහෙත් දාවුද්ට එරෙහිව නැඟී සිට, දාවුද්ගේ ගෝලයන් අතින් කුරිරු ලෙස මැරුම් කෑ සප්නා අක්කා වැනි ගැහැනුන් සොයා ගැනීම අසීරුය.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67641929269474,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/MumbaiMafiyaweRajiniyo.jpg?v=1791542215"},{"product_id":"wanapetha-adagasai-වනපෙත-අඬගසයි-the-call-of-the-wild","title":"Wanapetha Adagasai - වනපෙත අඬගසයි (The Call Of The Wild)","description":"\u003cp\u003e'බක්' නම් සුනඛයකු ඇලෙස්කානු මහා හිම කතරෙහි කුරිරු ස්වභාවධර්මය සමඟ ගැවසෙන වීර චාරිකාවක් වන 'වනපෙත අඬගසයි' නවකතාව, සුප්රකට ඇමරිකානු ලේඛක ජැක් ලන්ඩන්ගේ විශිෂ්ටතම ගද්ය කාව්යය වශයෙන් විචාරකයෝ හඳුන්වති. සත්ත්ව කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදී යන 'වනපෙත අඬගසයි' නවකතාව මිනිස් සන්තානයේ අඳුරු මුළු එළිය කරන, ගැඹුරු අරුත් දනවන දෘශ්ටාන්තයකි. මේ නවකතාවෙහි විද්යමාන අනෙක් වැදගත් කරුණ වන්නේ නවකතාවේ ගම්භීර බව පවත්වා ගන්නා ගමන්ම, යෞවනයන්ගේ සිත් පැහැර ගන්නා වීර කතාවක් ලෙස ද එය රස විඳින්නට හැකිවීම ය.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67642028327138,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WanapethaAdagasai.jpg?v=1791543344"},{"product_id":"nodi-idime-kalawa-නොදී-ඉඳීමේ-කලාව-the-subtle-art-of-not-giving-a-f-ck","title":"Nodi Idime Kalawa - නොදී ඉඳීමේ කලාව (The Subtle Art Of Not Giving A F*ck)","description":"\u003cp\u003eමාර්ක් මැන්සන් විසින් රචිත The Subtle Art of Not Giving a F*ck: A Counterintuitive Approach to Living a Good Life යනු තවත් එක ස්වයං-උපකාරක පොතක් නොවේ. එය අප සෑමවිටම ධනාත්මකව සහ සතුටින් සිටිය යුතු බවට වන සම්ප්රදායික මුළාවට අභියෝග කරයි. ඒ වෙනුවට, සැබෑ තෘප්තිය ලැබෙන්නේ ජීවිතයේ නොවැළැක්විය හැකි ඍණාත්මක දේ වැළඳ ගැනීමෙන් සහ පිළිගැනීමෙන් බව මැන්සන් තර්ක කරයි. සතුට යනු ගමනාන්තයක් නොව, ඔබ විසින් විසඳීමට තෝරාගත් ගැටලු විසඳීමෙන් ලැබෙන අතුරු ඵලයක් බව මැන්සන් කියයි. මෙහි ප්රධාන කරුණ වන්නේ ගොදුරු මානසිකත්වයෙන් මිදී, ඔබේම ජීවිතයේ ක්රියාශීලී නියෝජිතයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කිරීමයි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67642071908578,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/NodiIdimeKalawa.jpg?v=1791544360"},{"product_id":"soraya-සොරායා-the-stoning-of-soraya-m","title":"Soraya - සොරායා (The Stoning Of Soraya M.)","description":"\u003cp\u003eමරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියා ය. ඇය සිටියේ සිය හිස නගාගත් වනම ය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවතියේ තමන් දෙස බලා සිටිනා සහ්රාගේ දෑස් වෙත ඇලීගත් වනම ය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ මඟ පිරිස අතරින් මුණුමුණුවක් පැතිර ගියේ ය. මේ වතාවේ නම් කාර්යය සැබැවින්ම ආරම්භ වීමට යන්නේ ය. ඔවුන් මෙහි රැස් කරවන ලද්දේ ඊට ය. දැන් අසරණ කාන්තාව වළ තුළට බස්සවන ආකාරය දුටු මොහොතේ දී ඔවුන් තුළ වූ නොසන්සුන් බව වඩාත් වර්ධනය වූයේ ඒ සමඟ ඔවුන් තුළ වූ ප්රමෝදය ද ඉහළ ගියේ ය. ගල් ගත් අතින් ඔව්හු පසුවූවෝ මච්ඩි  ඊබ්රාහිම්ගේ නියෝගය ලැබෙන තුරු ය.\u003c\/p\u003e\n\u003cp\u003eසිය සවල් ද රැගෙන ආපසු පැමිණි වළ කනින්නෝ පස් දමා වළ පිරවීමට පටන් ගත්තෝ ය. සෑම සවල් පහරක් ගාණේම මොවුහු තම සිතට දිරි ගනු පිණිස 'අල්ලා දෙවියන් වහන්සේගේ නාමයෙන්' යනුවෙන් මුරගෑවෝ ය.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67642129350882,"sku":null,"price":475.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Soraya_82c22391-83f8-45d8-b86d-5a6c951144b9.jpg?v=1791544966"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/subhavi-publications.oembed","provider":"Vidarshana ","version":"1.0","type":"link"}