Description
තමා ගොඩ නගන ප්රබන්ධමය ලෝකයට රසිකයා කැඳවා ඔහුට හෝ ඇයට නොයෙකුත් අනු – ධ්වනි ආනන්ද සපයන අතර කම්පනීය අවසන් අත්දැකීමක් කරා රසිකයා යොමු කිරීමත්, එමගින් නොයෙකුත් තේමාත්මක අන්තර් දෘෂ්ටි කරා රසිකයා යොමු කරන ආවර්ජනා කිරීමක් අමරකීර්ති කලෙක සිට අභ්‍යාස කරන කෙටිකතා කලාවේ ලක්ෂණ වේ.
මෙම කතා සංග්‍රහය ඒ කතා කලාව තවත් පියවරකින් ඉදිරියට ගෙනයන අතර කතා කියවීමේ බහුවිධ මිහිර පාඨක ලෝකයට ප්‍රධානය කරයි.
ඔහුගේ කතාවල යථාර්ථවාදය ඔහුටම ආවේනිකය. එහෙයින් එය යථාර්ථය ඉක්මවයි. ඔහුගේ පශ්චාත් යථාර්ථවාදය ඔහුටම ආවේනිකය; ඒ නිසා එය පශ්චාත් – යථාර්ථවාදයද ඉක්මවයි.
කතා කීම නම් ඉපැරණි වූද, අර්ථවත් වූද මනුෂ්‍ය ක්‍රියාව අත් නොහරින කතා කලාවක් ‘ගෙදර’වට සිතියම’ නම් මේ කෙටිකතා සංග්‍රහය තුළ අන්තර්ගත කතා අට තුළද ඇත.
Additional information
Weight | 0.207 kg |
---|
Reviews
There are no reviews yet.