Description
මහින්ද රත්නායක සිය නවකතා, කෙටිකතා නිර්මාණයන්ගෙන්
රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, යෞවන සම්මාන ඇතුළු සම්මාන ගණනාවක් දිනා ඇත. 2015 වසර අග භාගයේදී දෛවෝපගත ලෙස මාරාන්තික රිය අනතුරකට මුහුණ දුන්නේය. ඔහු තවමත් දෙනෙත් අඩු පෙනීම ඇතුළු නොයෙකුත් අපහසුතා මධ්‍යයේ ලිවීම අත නොහැර සිටියි.
මේ ඔහුගේ එම අනතුරින් පසු එළි දැක්වෙන නවතම කෙටිකතා එකතුවයි. මානව ජීවිතයේ විවිධ හැඩතල අපූරු ආකෘතිමය පර්යේෂණයන් සමග මෙම කතා එකතුවෙන් කියැවීමට හැකියාව ලැබේ. මෙම කෙටිකතා සංග්‍රමයේ අඩංගු වැද්දෝ, වකුගඩුව, නව පණතක් සම්මතයි, ගුත්තිලලා මූසිලලා වැනි කතා පාඨකයාගේ චින්තනය විවිධ ඉසව් කරා ගෙන යමින් එහි පෘථුලකරණයක්, විශාලකරණයක් සිද්ධ කරයි. සහෘදයාත්මක පරිකල්පනයක් සහ ආත්මීත්වයක් ගොඩනඟයි. එය සමාජයක ජීවත් වන්නෙකුට අත්‍යවශ්‍ය මානවීය අවබෝධ තළයක් වෙයි.
Additional information
Weight | 0.179 kg |
---|
Reviews
There are no reviews yet.