Description
ලතින් ඇමරිකානු කලාපයේ ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ කොමියුනිස්ට් ලෝක පර්යාය අතර තරගය පැවති කාලයේ චිලී රටේ කුඩා ධීවර ගමක කවිකාර තරුණයෙකුට ලෝ ප්‍රකට කිවි පැබ්ලෝ නෙරූදා මුණ ගැසීමෙන් ඇති වන නාටකීය සිදුවීම් මාලාවක් මෙම කුඩා නවකතාවට හසුවේ. කුඩා නවකතාවක් තුළට දේශපාලනය, කලාව, ජීවන අනුරාගය, මනුෂ්‍ය නිදහස්කාමය ආදී සමස්තය හසු කරගන්නා ආකාරය ගැන ආදර්ශයක් වැනි කෘතියකි, මේ. සත්‍ය සිද්ධි කිහිපයක් මතින් පරිකල්පන ලෝකය තුළට ඇතුළුව අනුරාගී ප්‍රේමයේ ලාලසාව පිළිබඳ රමණීය ගද්‍ය කෘතියක් නිපදවන ස්කර්මෙතා, පාඨක මනස ආනන්දයෙන් මුසපත් කර ඛේදයේ දරුණු ප්‍රහාරයකින් සහෘද හදවත බිඳ දමයි. නවකතාවේ දුක්මුසු අවසානය ඉතිහාසයේ ප්රවාහයට හසුවන ක්ෂුද්‍ර මිනිසාගේ ඉරණම පිළිබඳ ආවර්ජනයකට ආරාධනා කරයි.
Additional information
Weight | 0.177 kg |
---|
Reviews
There are no reviews yet.