{"product_id":"aria-ආරියා-aria-nazanine-hozar","title":"Aria - ආරියා (Aria Nazanine Hozar)","description":"\u003cp\u003eවර්ෂ 1953 දී ඉරානයේ ටෙහෙරානයේ වාසය කරන බෙහෙරුශ් නම් ට්රක්රථ රියැදුරාට එක් රාත්රියක දී වීදියක අතහැර දමාගිය බිළිඳියක් හමුවෙයි. කොළ නිල් පැහැති දෑසකට හිමිකම් කී ඇය ඔහුගේ දිවියට කෙතරම් නම් බලපෑමක් සිදුකරනු ඇත්දැයි ඔහු නොදැන සිටියේ ය. ආරියා නම් පිරිමි නමක් ලබන ඇය මව්වරු තිදෙනෙක් අතර දෝලනය වෙයි. පළමු මව ඇයට කෲර ලෙස සලකයි. ධනවත් වැන්දඹු දෙවැනි මව ඇයට රැකවරණය ලබාදෙන නමුත් ආදරය දීමට අපොහොසත් වෙයි. දුගී බවෙන් පීඩිත තෙවැනි මව ඇය ජීවිතය යැයි එතෙක් වටහාගෙන තිබූ දේ සුනු විසුනු කර දමයි. මේ අතර 1979 දී ටෙහෙරානය කලඹමින් විප්ලවීය අරගලයකින් රජුන්ගෙත් රජු ලෙස විරුදාවලිය ලත් ෂා පලවා හැර අයතොල්ලා කොමෙයිනි බලයට පැමිණ ඔවුන් සියලු දෙනාගේත් දේශයේත් ඉරණම සඳහටම තීන්දු කරයි.   ඉරාන විප්ලවය පසුබිම් කරගත් ආරියා නම් වූ මේ විශිෂ්ට නවකතාව ප්රේමය, විප්ලවය, පීඩිතබව, අපේක්ෂා, පාවාදීම් කැටි කරගත් ගැඹුරු මිනිස් සම්බන්ධතා පිළිබඳ පාඨක සිත් සසල කරවන රසාලිප්ත කතාන්දරයකි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611912765666,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG_20261008_0021.jpg?v=1791443760","url":"https:\/\/vidarshana.lk\/products\/aria-%e0%b6%86%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-aria-nazanine-hozar","provider":"Vidarshana ","version":"1.0","type":"link"}