{"product_id":"athuru-weediya-අතුරු-වීදිය","title":"Athuru Weediya - අතුරු වීදිය","description":"\u003cp\u003e\"ළමයෝ මේ. අපි මෙහෙම හිතමුකෝ. විෂ මලක් අනික් හැම මලකම ලස්සන නැති කළා. එත් එක පිපුණෙත් මගේ ගෙවත්තේ නේද? ඒකේ මුල් කිඳා බැස්සේ මගේ ගෙවත්තේ නේද? එක මිය ගියෙත් මගේ ගෙවත්තෙ දි නේද? ඒකෙ විෂ තාම මගේ ගෙවත්තේ ඇති. ඒ විෂ මැකෙන් නැතුව ඇති. මට බැහැ මගේ ගෙවත්තේ තියෙන පස් ඔක්කෝම විසි කරලා දාන්න. එතකොට එතන ගෙවත්තක් නැහැ. අපිට අතීතයේ විෂත් එක්ක ජීවත් වෙන්න වෙනවා සමනලී. විකල්පයක් නැහැ.”\u003c\/p\u003e\n\u003cp\u003eජිවිතය යනු ලිලිපුට්ටන් අතර නිදා සිටි ගලිවර් ද? ලිලිපුට්ටන් ගලිවර්ව වෙළුවේ ආදර රැහැනෙන් ද? ලිලිපුට්ටන් යනු කවුරුන් ද? ජීවිතය යනු ගලිවර් ගැටගසා දැමූ ලිලිපුට්ටන් ද? මුළු ගතම වෙළා තිබුණේ ආදර රැහැනින් ද? එතකොට ගලිවර් යනු කවුරුන් ද? ඒ කතා දෙකෙන් කුමක් වූවත් ඔබටත්, මටත් පෙනෙන පොදු දේ නම්, ආදරය යනු රැහැනකි. ලිලිපුට් දේශයක වැලි තලා මත ලී උල්වල අවුළා ඔබව පොළොවටම බැඳ තබන්නා වූ රැහැනකි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":47802849886434,"sku":null,"price":1250.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Athuruweediya.jpg?v=1778751482","url":"https:\/\/vidarshana.lk\/products\/athuru-weediya-%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%93%e0%b6%af%e0%b7%92%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}