{"product_id":"cinema-karmanthaya-ha-arbudaye-pathikadak-සිනමා-කර්මාන්තය-හා-අර්බුදයේ-පැතිකඩක්","title":"Cinema Karmanthaya Ha Arbudaye Pathikadak - සිනමා කර්මාන්තය හා අර්බුදයේ පැතිකඩක්","description":"\u003cp\u003eමෙහි ඇතුළත් නොයෙකුත් ලිපි අතර වඩාත් වැදගත් බවත් ඇතැයි මට හැඟී යන්නේ දේශීය සිනමාවේ වත්මන් අර්බුදය පිළිබඳ ඔහු ලියා ඇති ලිපි පෙළ යැයි හැඟේ. දේශීය සිනමාව පවතින්නේ දරුණු අර්බුදකාරී පසුබිමක යන්න බොහෝ දෙනාගේ වැටහීමයි. එක් පැත්තකින් ජාතික චිත්රපට සංස්ථාව ක්රියාත්මක වන නෛතික රාමුව පිළිබඳ ගැටලුව නිරාකරණය නොවීම මෙහිදී කේන්ද්රීය බලපෑමක් ඇතිකර තිබෙන අතර අනේක විධ සමාජ ආර්ථික ගැටලු හේතු කොට ගෙන සිනමා ප්රේක්ෂාගාරය විශාල හැකිළීමකට ලක්ව ඇත. මෙම ලිපි පෙළෙහි අඩංගු කරුණු වලින් මෙන්ම විවිධාකාරයේ කලාකරුවන් සමග කර ඇති සාකච්ඡා මගින් ද හෙළි වන්නේ මේ හා අදාළව ස්ථිර විසඳුමක් සොයා ගැනීමේ දුෂ්කරතාවයි.\u003c\/p\u003e\n\u003cp\u003eසිනමාව තරම් අප රටේ වෙනත් කලා මාධ්යයක් හෝ කර්මාන්තයක් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභා හා කමිටු පත්කළ වෙනත් රටක් මේ ලෝකයේම ඇතිදැයි මම නොදනිමි, බෙනිල්ගේ මෙම රචනා සමුච්චය තුළින් මෙහි ඉතිහාසය පිළිබඳ යම් වැටහීමක් පොදු පාඨකයාට මෙන්ම සිනමා විදකර්ථීන්ට ද ලැබෙනු ඇතැයි යන්න විශ්වාසයයි.\u003c\/p\u003e\n\u003cp\u003e- එම්. ඩී. මහින්දපාල\u003c\/p\u003e","brand":"Vidarshana ","offers":[{"title":"Default Title","offer_id":47734020047074,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SinamaKarmanthaya.jpg?v=1777100720","url":"https:\/\/vidarshana.lk\/products\/cinema-karmanthaya-ha-arbudaye-pathikadak-%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%a9%e0%b6%9a%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}