{"product_id":"dadayakkarayage-kathawa-දඩයක්කාරයාගේ-කතාව","title":"Dadayakkarayage Kathawa - දඩයක්කාරයාගේ කතාව","description":"\u003cp\u003eගෝමරී පිට ගමකින් කැන්දාගෙන ආවේ පිට කන්දයාගේ පෙළවහට ය. පිට කන්දයා ගමේ නොව වනාන්තර ඇලපත් මායිමේ කොටා ගත් හේනේ ජීවත් වූයේ ය. ලුණු ඇඹුල් හොයන්නටවත්, බණකට පිරිතකටවත්, මඟුල් තුලාවකට වත් ඈ ගමට ආවේ නැත. ඈ ඉතා උස මහත දෙහත පත ගෑණියක් වූවා ය. උන්ගේ හේන හරහා ගිය කිසිම පිරිමියෙකුට, හිස් අතින් යන්ඩ ගෝමරී ඉඩ හරින්නේ නැති බවත්, උඩු හුලඟට යටි හුලඟට, කසු කුසුවේ ඇසී නෑසී ගියේ ය. විශේෂයෙන්ම ඇය වැලහින්නක මෙන් මිනිසුන් උස්සාගෙන, හේන මායිමේ දඳුවැටට උඩින් පැන කැලේට රිංගනවා යැයි අරුම පුදුම කතාවක් පැත\u003cspan class=\"text_exposed_show\"\u003eිරී තිබුණේ ය. ගෙදරට එන කෙනෙකුට බත බුලතින් සංග්රහ කොට කිසි හැකක් බයක් විළිලජ්ජා සංගෙමාන්නයක් නැතුව, \"උඹ මට කැලේට උස්සන් යන්ඩ හිතෙනවා\"යි මේ පත ගෑණි කියන විට, ඕනෑම පිරිමියෙකු කණාමැදිරි තුඩින් ඉනා වී සෙවල ගොඩක් බවට පත් වෙන ගොළුබෙල්ලෙකු මෙන් දැපනේ වැටෙන බවත්, පැතිරී තිබුණු තවත් දූෂමාන කටකතාවකි. මේ දැවැන්ත ගෑණු පරුවතයට නෑ බෑ කියන්ට කිසිම පිරිමියෙකුට බැරිය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan class=\"text_exposed_show\"\u003e\u003cbr\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan class=\"text_exposed_show\"\u003e\u003cbr\u003e\u003c\/span\u003eවනාන්තරය හා බැඳුනු ජීවන අත්දකීම් ඉදිරිපත් කෙරුනු ප්රථම සිංහල  නවකතාව ලෙසින් විචාරක ඇගයීමකට ලක්වූ සයිමන් නවගත්තේගම සූරීන්ගේ නිර්මාණ පෙලෙහරේ අතිශය විචිත්රවත් නවකතාව.\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47906213757154,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/dadayakkarayage-kathawa-%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80","provider":"Vidarshana ","version":"1.0","type":"link"}