{"product_id":"ege-prema-nagaraya-ඇගේ-ප්‍රේම-නගරය","title":"Ege Prema Nagaraya - ඇගේ ප්‍රේම නගරය","description":"\u003cp\u003eවින්ටන් කුරේ මහත්මා ලේඛන කලාවට පිවිසියේ, 1962 දී සිය පාසල් මාතාව වූ ශ්රී ජයවර්ධනපුර මහා (ක්රිස්තියානි) විද්යාලයේ Maroon and Silver' වාර්ෂික සඟරාවෙහි ලිපියක් පළකිරීමෙනි. ඒ ලිපිය මක්සිම් ගෝර්කි නමැති විශ්ව සම්භාවනාවට පත් මහා ලේඛකයා පිළිබඳව විය. එහයින් පාසල් සමයේ සිටම රුසියානු සහ සෝවියට් සාහිත්යය මෙන්ම සාහිත්යධරයින් කෙරේත් මෙම කෙටිකතා සංග්රහයේ පරිවර්තක ආකර්ෂණය වූ අන්දම විශද වේ. එසමයේදීම ස්වතහේත්ර කෙටිකතා මෙන්ම කාව්ය රචනයට ද එළඹෙන වින්ටන් කුරේ මහත්මා විසින් 1969 දී 'හඬාලා කම්පා වුවත්' නමින් ද 1972 දී 'දෝංකාරය' නමින් ද කාව්ය සංග්රහ දෙකක් ප්රකාශයට පත් කර තිබේ.\u003c\/p\u003e\n\u003cp\u003eඉක්බිති ගතවූ කාලයෙහිදී උඩකැන්දවල සිරි සරණංකර හිමිපාණන්ගෙන් පසු 'නවලෝකය' සඟරාවේ සංස්කාරකත්වයට පත් ගුණසේන විතාන ලේඛකයාණන්ගේ මෙන්ම 'ඇත්ත' පුවත්පතෙහි විශේෂාංග කර්තෘව සිටි සිරිලාල් කොඩිකාර කියරයාණන්ගේ සංස්කාරකත්වයෙන් වින්ටන් කුරේ මහත්මාගේ පරිවර්තිත සෝවියට් කෙටිකතා පළවන්නට විය. ඒ එතුමා රජයේ මුද්රණාලයෙහි සෝදුපත් පරීක්ෂාව සහ සංස්කාරකව සේවය කරමින් සිටි අතරවාරයේදීය. එහිලා අප රටේ අප්රකට සෝවියට් ලේඛකයින්ගේ නිර්මාණ කෙරේ පරිවර්තක විසින් විශේෂ අවධානය යොමු කර තිබීම පාඨක ප්රජාවේ සැලකිල්ලට බඳුන්විය යුතු කරුණකි. අද මෙසේ සංග්රහ වී එළිදකිනුයේ දශක කිහිපයක එකී ප්රයත්නයේ අස්වැන්නයි. මෙය පරිවර්තක්ෂගේ කුළුඳුල් පරිවර්තන කෙටිකතා සංග්රහය වුවත් එහිලා ආධුනිකත්වයට වඩා වෘද්ධභාවයක් විද්යමාන වනුයේ එහෙයිනි.\u003c\/p\u003e\n\u003cp\u003eලෝක භූ-දේශපාලන සන්දර්භය චිපරිවර්තනයකට ලක්කරමින් 1991 දී බිඳවැටුණු සෝවියට් දේශය විසින් විශ්ව ප්රජාව වෙත දායාද කරන ලද අර්මේනියානු, උක්රයීන, ලිතුවේනියානු, රුසියාහු, අසර්බයි ජාහ ආදී ලේඛකයින් කිහිප දෙනකු ඒකාබද්ධ කරන මෙම සංග්රහය වනාහි 21 වන සියවසේ තෙවන දශකයේදී ලෝක ප්රජාව නව ගෝලීය ආර්ථික, භූ දේශපාලන සහ සංස්කෘතික රටාවක් ඉල්ලා නඟන ප්රශ්නයට, වන්ටන් කුරේ මහත්මා විසින් ලබා දෙනු ලැඛෙන අතීත කාමුක සාංකාමය (nostalgic) පිළිතුරක් වැනි යැයි සිතේ.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"Rusiyawa Publishers","offers":[{"title":"Default Title","offer_id":47901998809314,"sku":null,"price":580.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/ege-prema-nagaraya-%e0%b6%87%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%9a%e0%b6%b8-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}