{"product_id":"es-paha-ඇස්-පහ","title":"Es Paha - ඇස් පහ","description":"\u003cp\u003eබුදුන් වහන්සේ විසින් දුක් අට වර්ගයක් ඉදිරිපත් කොට ඇත. ඒවා නම් උපත, වයසට යාම, අසනීප වීම, මරණය, ප්රියයන්ගෙන් හා ප්රිය තත්වයන්ගෙන් වෙන්වීම, අප්රියජනක පුද්ගලයන් හා තත්වයන් සමඟ එක්වන්නට සිදුවීම, තමා කැමති දේ නොලැබීම හා ඇලීමේ (උපාදානස්කන්ධයන්ගේ) දුක යන ඒවාය. මෙම හේතු සියල්ලම සලකා බැලුවහොත් පැහැදිලි වන කරුණක් නම්, ඒ සියල්ලම සිත හා කය හෙවත් ශරීරය විඥානය සම්බන්ධ වූ හෝ ඒවායින් ආරම්භ වූ ඒවා බවය. මිනිසා විසින් සකල දුක්ඛස්කන්ධයම ගොඩ නගා ඇත්තේ භෞතික ශරීරය හා ‘මම’ කෙනෙකු ඇතැයි යන විඥානය යන පදනම් මතය.\u003c\/p\u003e\n\u003cp\u003eශුන්යතා තත්වයට පත් වූ පසුව භෞතික ශරීරය හා ‘මම’ යන විඥානය තව දුරටත් පවතින්නේ නැතිනම්, දුක තව දුරටත් පැවතිය හැක්කේ කෙසේද? කෙනෙකු එම තත්වයට පත් වූ විට කෙනෙකුට තමාද විශ්වයේ සියලු දේද පෙනෙන්නේ ශුන්ය ලෙසය. සියලු මිනිස් දුක් අහෝසි වී යන එම තත්වයට පැමිණි පුද්ගලයා ප්රඥා ඇසින් යුතු (පැනැසින් යුතු) වූවෙකි.\u003c\/p\u003e\n\u003cp\u003eඑය මහ බරක් හදිසියේම බිම තැබීමක් වැනි නිදහසකි. එය වසර ගණනාවක් එකිනෙකා නොදැක සිටි මවක හා පුතකු හදිසියේම මුණ ගැසුණාක් වැනි තත්වයකි. එය මුහුදේ කුණාටුවකට අසුව අනාථව අසරණව ගසා ගෙන යන අයෙකුට හදිසියේම ගොඩබිමක් දකින්නට ලැබීම බඳුය.\u003c\/p\u003e\n\u003cp\u003e‘කය ප්රඥා වෘක්ෂයකි,\u003cbr\u003eමනස කෙලින් සිටුවා ඇති දිදුලන කැඩපතකි.\u003cbr\u003eහැම විටම එය හොඳින් පිස දමන්න.\u003cbr\u003eදූලි පොදක්වත් බැදෙන්නට ඉඩ නොදෙන්න.\u003c\/p\u003e","brand":"Saharakshi Publishers","offers":[{"title":"Default Title","offer_id":47886459633890,"sku":null,"price":400.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/es-paha-%e0%b6%87%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84","provider":"Vidarshana ","version":"1.0","type":"link"}