{"product_id":"gharbhawakanthi-suthraya-ගර්භාවකාන්ති-සූත්‍රය","title":"Gharbhawakanthi Suthraya - ගර්භාවකාන්ති සූත්‍රය","description":"\u003cp\u003eමෙම සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් චම්පා නුවර ගර්ගරා නම් පොකුණ අසල ස්ථානයේ දී සෘජුවම, ආරාධනාවක් නොමැතිවම නන්ද තෙරුන් හට දේශනා කරන ලද්දකි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම සූත්රයේ විශේෂත්වය නම්, ළමයා කුස තුළ සිටින කාලය ගැන දීර්ඝ විස්තරයක් ක්රමානුකූලව ඉදිරිපත් කොට තිබීමයි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම සූත්රයෙන් බුදුන් වහන්සේ දිගින් දිගටම පැහැදිලි කර දෙන්නේ උත්පත්තියේ ඇති දුෂ්කර බව හා අසාර බව ය. එතරම් දුෂ්කර උත්පත්තියක් ලබා දුක් විඳින්නේ මක් නිසාද යන්න ය -දුකින් මිදීමම වැදගත් නොවන්නේ ද යන්නය.\u003c\/p\u003e\n\u003cp\u003eකෘතිය අවසානයට කියවූවෙකුට සංසාරය එපාවීම නම් නියත වශයෙන් ම සිදු වෙතැයි සිතිය හැකි තරමට කරුණු පාඨකයාට ඒත්තු යන ආකාරයට ඉදිරිපත් කොට ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම කෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ එය ගැබිණි මව්වරුන් සඳහා විශේෂයෙන් යෝග්ය වීම ය. මෙහි ඇති කරුණු තදින් කා වදින්නේ දරුවකු කුස දරාගෙන සිටින මවකගේ සිතකට ය. එයින් ඇය දරුවා ගැන විශේෂයෙන් පරිස්සම් වන නිසා දරුවාට ද එම සිතුවිලි බලපා ඒ දරුවා ද සන්සුන් දරුවකු බවට පත් වේ.\u003c\/p\u003e","brand":"Saharakshi Publishers","offers":[{"title":"Default Title","offer_id":47886469005538,"sku":null,"price":590.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/gharbhawakanthi-suthraya-%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b7%96%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}