{"product_id":"mula-mada-aga-saha-mama-මුල-මැද-අග-සහ-මම","title":"Mula Mada Aga Saha Mama - මුල මැද අග සහ මම","description":"\u003cp\u003eවිප්ලවවාදියකු සතු ජීව ගුණය වන්නේ ස්වකීය ජීවිතයේ කවර දශකයකදී වුව යාවත්කාලීන තාරුණ්යයක ආත්මීයත්වය ප්රකාශමාන වීමයි. තාරුණ්යයේ පැතිමාන සියල්ලම නොනැසී පවත්වා ගන්නට තරම් වන කායික මෙන්ම මානසික ශ්රමයක අඛණ්ඩ පැවැත්ම ජීවිතය විසින් අපේක්ෂා කෙරෙයි. ඥානසිරි කොත්තිගොඩ සහෝදරයා යනු එවන් විප්ලවවාදී පැවැත්මක් බව සලකුණු කරනට කිසිදු සංශයවාදී හැඟීමක් පහළ වන්නේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003eවෘත්තීය සමිති නියාමකයකු ලෙස ද, පත්තරකාර ගමන් සගයකු ලෙසද අපට අභිමුඛ වූ හැම තැනකම ස්වකීය ස්ථාවරය අතිශය සංයුක්තව, මෙන්ම තියුණු කර ලෙස තියුණු කට හඬින් පැවසීමට ඔහුට හැකි වුයේ මෙකී තිරසාර බව නිසාය. ඉදින්, ඔහු සහ අප අතර වන දශක තුනක් ඉක්ම වූ සහෝදරත්වය සහ මිත්රත්වය මෙ තරම් ගැඹුරු තර ලෙස රඳා පැවැත්මේ කේන්ද්රීය පදනම වන්නේ කොත්තිගොඩ සහෝදරයා සතු අනම්ය, අව්යාජ, අවපල දේශපාලනික ස්ථාවරය යැයි මට සිතේ.\u003c\/p\u003e\n\u003cp\u003eසමකාලීන සමාජය මෙන්ම වමේ දේශපාලනය ගැඹුරින් තේරුම් ගන්නට නම් කොත්තිගොඩ සහෝදරයාගේ එවන් වූ ජීවන අඩංගුව සංගෘහිත 'නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම' අත්යවශ්ය කියවීමක් වීම නිසැක බව මම ඔබට යෝජනා කරමි. එමෙන්ම, කෘතියෙහි නාම කරණයෙහි 'මම' යන්න රැඳවීම පවා ඔහුගේ ආත්මීය කැඳවීමකැයි මම සිතමි. සකල පරමාදර්ශී සද්රව්ය, තනුක වී, වාෂ්ප වී ගිය සමයක, මෙසේ උත්තම පුරුෂය, ලෙළවා පෙන්වීම දේශපාලනික තීන්දුවක් බව ඥානනය කරගන්නට නම් ඥානසිරි කොත්තිගොඩ සහෝදරයාගේ දේශපාලන ජීවන ආඛ්යානය වෙත එළඹීම, මඟහැර යා නොහැකි සංසිද්ධියක් බව මම ඔබට අවධාරණය කරමි.\u003c\/p\u003e\n\u003cp\u003e~ මංජුල වෙඩිවර්ධන\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":48079312060642,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/mulamada.jpg?v=1784701759","url":"https:\/\/vidarshana.lk\/products\/mula-mada-aga-saha-mama-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%85%e0%b6%9c-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b6%b8","provider":"Vidarshana ","version":"1.0","type":"link"}