{"product_id":"no-name-cafe-නෝ-නේම්-කැෆේ","title":"No Name Cafe - නෝ නේම් කැෆේ","description":"\u003cp\u003eප්රබන්ධකරණය නම් ගැඹුරුතර ක්රියාවලිය, නිරායාසකර ලීලාවෙන්, මා බ්රහ්මචර්යාවෙහි රඳවයි. ජීවිතයේ කේන්ද්රීය ධාරණාව ලෛංගික සන්තෘප්තිය නොහොත් හැමිණිල්ල යැයි සිතා සිටින ජීවන අවධිය අවසන් වන්නේ මෙකී ආශාව කෙළවර වීමෙන් නොවේ.   ඒ වනාහි ජමෙට සන්තෘප්ත නොවන සංවේදනාවක් ලෙස අවබෝධප්රාප්ත වීමෙනි. අප මේ පසු කරමින් සිටින්නේ ලෛංගික සබඳකම් කියා දෙයක් අතිනිශ්චය නොවන, ආශාව මිය යමින්, වේදනාව ම ලඟ දෙන අවධිය යි. භෞතික අභිමුඛවීම් මහා ප්රාතිහාර්යයන් නොවන බැවින් මා සිතන්නේ මගේ ජීවිතයේ සමකාලීන මොහොත, කවරාකාර හෝ ස්ත්රී මායාවකින් දෙදරා නොයන බව යි. ඉතින් මා ස්ථිර වශයෙන් ම මේ කරමින් සිටින්නේ ජීවන වාර්තාකරණයකැයි විශ්වාස ගන්නට සභාඳ ඔබට බාධාවක් නැති. සිද්ධ වෙමින් පවතින්නේ මා ද ඇතුළත් අධි නිවුනතාවකින් තොර සංසිද්ධි සමුච්චයකි \u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942330249442,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/NoNamecafet.jpg?v=1790156686","url":"https:\/\/vidarshana.lk\/products\/no-name-cafe-%e0%b6%b1%e0%b7%9d-%e0%b6%b1%e0%b7%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b7%86%e0%b7%9a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}