{"product_id":"soraya-සොරායා-the-stoning-of-soraya-m","title":"Soraya - සොරායා (The Stoning Of Soraya M.)","description":"\u003cp\u003eමරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියා ය. ඇය සිටියේ සිය හිස නගාගත් වනම ය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවතියේ තමන් දෙස බලා සිටිනා සහ්රාගේ දෑස් වෙත ඇලීගත් වනම ය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ මඟ පිරිස අතරින් මුණුමුණුවක් පැතිර ගියේ ය. මේ වතාවේ නම් කාර්යය සැබැවින්ම ආරම්භ වීමට යන්නේ ය. ඔවුන් මෙහි රැස් කරවන ලද්දේ ඊට ය. දැන් අසරණ කාන්තාව වළ තුළට බස්සවන ආකාරය දුටු මොහොතේ දී ඔවුන් තුළ වූ නොසන්සුන් බව වඩාත් වර්ධනය වූයේ ඒ සමඟ ඔවුන් තුළ වූ ප්රමෝදය ද ඉහළ ගියේ ය. ගල් ගත් අතින් ඔව්හු පසුවූවෝ මච්ඩි  ඊබ්රාහිම්ගේ නියෝගය ලැබෙන තුරු ය.\u003c\/p\u003e\n\u003cp\u003eසිය සවල් ද රැගෙන ආපසු පැමිණි වළ කනින්නෝ පස් දමා වළ පිරවීමට පටන් ගත්තෝ ය. සෑම සවල් පහරක් ගාණේම මොවුහු තම සිතට දිරි ගනු පිණිස 'අල්ලා දෙවියන් වහන්සේගේ නාමයෙන්' යනුවෙන් මුරගෑවෝ ය.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67642129350882,"sku":null,"price":475.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Soraya_82c22391-83f8-45d8-b86d-5a6c951144b9.jpg?v=1791544966","url":"https:\/\/vidarshana.lk\/products\/soraya-%e0%b7%83%e0%b7%9c%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba%e0%b7%8f-the-stoning-of-soraya-m","provider":"Vidarshana ","version":"1.0","type":"link"}