{"product_id":"vidyodaya-dharma-shasthriya-sangrahaya-විද්‍යොදය-ධර්ම-ශාස්ත්‍රීය-සංග්‍රහය","title":"Vidyodaya Dharma Shasthriya Sangrahaya - විද්‍යොදය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය","description":"\u003cp\u003e18,19 සියවස්වල නොයෙක් ලෙසින් පිරිහීමට පත් මෙරට ශාස්ත්රාගම නැවතත් පරිපාකයට පත් කිරීම සඳහා ජාතික අධ්යාපන ආයතනයක අවශ්යතාව බොහෝ සෙයින් ඇති වී වී තිබුණි.\u003c\/p\u003e\n\u003cp\u003eසර්වඥ ශාසනයේත් ශාස්ත්රාදියෙත් අභිවෘද්ධිය පිණිස ව්යාපෘත වූ බොධිසත්ව ගුණොපෙතහික්කඩුවේ ශ්රී සුමංගල මාහිමිපානන් වහන්සේ විසින් 1873 දී 'විද්යාධාර' නම් බෞද්ධ සභාවේ ආරාධනයෙන් ධර්ම ශාස්ත්ර දුහුනන්ට ප්රතිෂ්ඨා පිණිස 'විද්යොදය පිරිවෙණ ' ආරම්භ කරණ ලද්දේ මෙවන් පරිසරයක දී ය. එතැන් පටන් අද දක්වාත් දෙස් - විදෙස් බොහෝ ශිෂ්ය පිරිසක් මේ ප්රාචීන ශාස්ත්රාලයට ධර්ම - විනය, සව්යාකරණ පාලි - සංස්කෘත - සිංහල - ප්රාකෘත - ඉංග්රීසි ආදි භාෂා ද, ඡන්දස් - ජ්යොතිෂ - ගණිත - අලංකාරාදි ශාස්ත්රයන් ද හැදෑරීමට පැමිණෙති. ත්රිපිටක වාගීශ්වරාචාර්යය බෝධිසත්ත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමිපානන් වහන්සේගේ ප්රමුඛත්වයෙන් ඇරැඹි විද්යොදය පිරිවෙණ 2023 වර්ෂය පසු කරන්නේ එහි එකසිය පණස් වැනි සංවත්සරය සමරමිනි. එහි ආදි ශිෂ්ය සංගමය විසින් වාර්ෂිකව ප්රකාශයට පත් කෙරෙණ විද්යොදය ධර්ම ශාස්ත්රීය සංග්රහය මෙවර විද්යොදය පිරිවෙණ 150 වන සංවත්සර විශේෂ කලාපය' යන සිරසින් පළ කරන්නට ලැබීම බොහෝ දෙනෙකුගේ චිත්තාරාධනයට හේතු වේ.\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Vidarshana ","offers":[{"title":"Default Title","offer_id":47734041805026,"sku":null,"price":3000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Viyodaya.jpg?v=1777101202","url":"https:\/\/vidarshana.lk\/products\/vidyodaya-dharma-shasthriya-sangrahaya-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%9c%e0%b6%af%e0%b6%ba-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8-%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%84%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}