Your cart is empty now.
පෝලන්තය කට්ඨි ග්රහණයට නතු වී යුදෙව්වන් රැස් කිරීම අරඹන විට බින්ජමින් විල්කොමිස්සි කුඩා දරුවකු පමණි. එස්.එස්. භටයන් කුඩා බින්ජමින්ගේ පියා ඝාතනය කළේ ඔහුගේ ඇස් ඉදිරි පිට මය. අනතුරුව සිය පවුලෙන් වෙන් කරනු ලැබූ ඔහු නැවත හමුවන්නේ විවිධාකාර යුදෙව්වන් ගහන මැඩතෙක් ඝාතන කඳවුරේ ය. මෙවිට ඔහු තුන් හෝ සිවු හැවිරිදි ය. මේ හුරුබුහුටි කෘතිය හරහා බින්ජමින් අප වෙත විශ්මයාවහ ජීවිතාව ලෝකනයක් ගෙනෙයි. ඔහුට ඇත්තේ පිළිවෙළකට ගොනු වූ මතක පටක් නොවේ. ඒවා එකිනෙක අසම්බන්ධිත මතක කැබලි ය. සුන්බුන් ය. ඔහුට හරි හැටි බසක් නැත. දර්ශනයක් නැත. ඉලක්කයක් නැත. මක්නිසාද, ඔහු විවිධ අතෝරයන් හා අණ නියෝග මැද ඇති දැඩි වූ කුඩා දරුවකු බැවිනි. ඉදින් ඔහු ඉදිරිපත් කරන නොඉදුල් වදන් කැටි හරහා පාඨකයා ලොව බලන්නේ ඔහු සේ ම අහිංසක ළමා ඇසකිනි. ඒ ළමා ඇස කුඩාය. සියුමැලි ය. එහෙත් එය අප මෙහෙයවන්නේ ඔහු විඳි අනේකවිධ භීෂණය, ආදරය, දයාව, මිත්රත්වය ආදී සංවේදනාවන් ඒ ලෙස ම අපත් අතිවිඳීමට ය. සියල්ලටමත් වඩා ඔහු දිවි ගලවා ගත් සැටිත්, සැබෑ ලෝකයට සම්ප්රාප්ත වීමට ඇවිද ගිය වෙහෙසකර ගමනත් අපට වියද ලෙස පසක් කර ගැනීමට ය.