Your cart is empty now.
ෆීලික්ස් පුනාන්දු සෝවියට් දේශයේ මොස්කව් හුවර පිහිටි පැරිස් ලුමුම්බා අනුස්මරණීය ජනතා මිත්රත්ත්ව සරසවියේ උපාධිධාරියෙකි.
"මගේ වසන්තය" නම් වූ මුල් කෘතියට. ඔහු විසින් සෝවියට් දේශයේ දි ලියූ දිනපොත් ඇසුරු කර ගැනීමට දැරූ උත්සහය ඉතා ප්රශංසනීය වේ. එමගින් සෝවියට් දේශයේ සිසු දිවිය ඉතා සූක්ෂමව හා තාත්විකට විග්රහ කිරීමට ගත් උත්සහය සාර්ථක යැයි හොපැකිලිව සඳහන් කරමි.
"යුගයක ඇරඹුම” මුල් කෘතියේ දිගුවක් ලෙස සෝවියට් දිවියේ සුන්දර මතක සටහන්. රුසියානුවන්ගේ පනගශීලී ජීවන රටාව. පෙර නොවූ අන්දමින් මෙම කෘතියෙන් ද සාර්ථකව ඉදිරිපත් කර ඇත. සෝවියට් දේශයේ අධ්යාපනය ලැබූවෙකුට සේම. කිසිදිනෙක රුසියාවට නොගිය අයෙකු තුළ වුව ද චිත්ත රූප මැවීමට සමත් වදන් ශෛලියක් කතුවරයා සතු වීම හා එය මනාව හැසිරවීම කතුවරයාටම අහත්ය වූ දක්ෂතාවයකි. ආදරය. දේශපාලනය. සිසු ගුරු සම්බන්ධතාවය, ජ්යෙෂ්ඨ හා කණිෂ්ඨ සිසු සම්බන්ධතාවය, මිතුරු ඇසුර යන සංසිද්ධීන්, කතුවරයා ඉදිරිපත් කරමින් කෘතියට එකතු කරන සමබරතාවය ප්රසංශණීයයි.