Your cart is empty now.
ඩඩා කොම්රේඩ් යනු ඉන්දියානු නිදහස් අරගලය පිළිබඳව ලියැවුණු සාහිත්‍ය කෘති අතර වාමවාදී ආස්තානයකින් ලියැවුණු පළමු නවකතාව ලෙස සැලකෙන කෘතියකි. කේවල ශක්තිය වෙනුවට සාමූහික ශක්තිය ගැන විශ්වාසය තබන, මාක්ස්වාදී පදනමක් මත විප්ලවයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණ දේශපාලන කණ්ඩායමක් සහ ඔවුන් අතර වන අන්තර් සම්බන්ධතා මත ගොඩනැගෙන මේ නවකතාව අරගලයක ඇති සංකීර්ණතා මෙන්ම ඊට සහභාගි වන කාඩර්වරුන්ගේ සහ කාඩර්වරියන්ගේ ජීවිතවල සංකීර්ණතා ද ප්රතිවිරෝධතා ද, ඒ සියල්ල මුඛ්‍ය අරමුණ කෙරෙහි බලපානා ආකාරය ද විමසා බලයි. මේ කෘතියේ නිර්මාතෘ යශ්පාල් සැලකෙනුයේ එල්ලුම්ගසින් මිදී ලේබක දිවියට පිවිසි විප්ලවවාදියා වශයෙනි. ඔහුගේ මේ නවකතාව ඉන්දියානු සාහිත්‍ය කෘති අතර අදටත් එකසේ සම්භාවනාවට පාත්රවන කෘතියකි.