Rs 750.00
Vendor: Vidarshana Publishers
Type: Poetry
Availability: 100 left in stock

සිංහල කාව්ය සාහිත්යය තුළ තවමු නිර්මාණ මාදිලියකට දොර හරින ප්රදානයක් මේ කාව්ය සංග්රහය ලබා දෙයි. එනම් කාව්ය චක්ර නම් නිර්මාණ මාදිලියක්, එය ප්රථම වරට විධිමත් ලෙස හඳුන්වා දෙයි. මෙහි 'පිය හසර' නම් සමාරම්භක පරිච්ඡේදයේ ලා සංගෘහිත කේවල නිර්මාණ සමුච්චයට අමතරව...

Guaranteed safe checkout

Kaala Gembara - කාල ගැඹර
- +

සිංහල කාව්ය සාහිත්යය තුළ තවමු නිර්මාණ මාදිලියකට දොර හරින ප්රදානයක් මේ කාව්ය සංග්රහය ලබා දෙයි. එනම් කාව්ය චක්ර නම් නිර්මාණ මාදිලියක්, එය ප්රථම වරට විධිමත් ලෙස හඳුන්වා දෙයි. මෙහි 'පිය හසර' නම් සමාරම්භක පරිච්ඡේදයේ ලා සංගෘහිත කේවල නිර්මාණ සමුච්චයට අමතරව කාව්ය චක්රය (Cycle of Poem) නොහොත් කාව්ය මණ්ඩලය යනුවෙන් බටහිර සහ රුසියානු කාව්ය සම්ප්රදායන්හි හඳුනා ගන්නා කාව්ය ප්රවර්ගය තුළ බහාලිය හැකි නිර්මාණ ගොනු හතරක් තිබේ. මෙකී කවි මඬුල්ලක් නිර්මාණය කිරීම සඳහා මුලින්ම නිර්මාණාත්මක - බුද්ධිමය සංකල්පයක් අවශ්යය. කවි මඬුල්ල එතිය යුත්තේ මෙම සංකල්පය වටාය. එහෙත් ඇතැම් විටක එවැනි ගවේෂණයකට පෙරාතුව, විශේෂ කවියක් මුලින් නිර්මාණය විය හැකිය. එම කවිය, මඬුල්ලක් සඳහා අවශ්ය පුළුල් නිර්මාණ සංකල්පයකට වගපෙන්වන බව පෙනේ නම්.

එය මඬුල්ලේ බීජ කාව්යය (Seed poem) ලෙස සලකා නිර්මාණ කාර්යයට පිව්සිය හැකිය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid