Your cart is empty now.
අසන්ති කරුණානායක ලියා තිබෙන්නේ සීරුවට කියවා බැලීමට ඒකල කවිය. ඒවා රසිකයෙකුට ' අසන්නට ලියා නැතැයිද සිතමි. කෘතියෙහි ඇතුළත් වන්නේ ඒ කල රචනා වුව, ඒ සියල්ල පොදු තේමාවක් පළ කර සිටියි. ඒ තේමාව මා වටහා ගත්තේ ස්ත්රී චිත්තයෙහි එකෙල මෙකල කල වන අවිද්යමාන සංවේදනාවන්හි කටහඬක්' ලෙසිනි. ජීවන ලාලසාවෙන් මඬනා ලද ස්ත්රී ආත්මයකින් මතු වන සෝ ගී රාවය ලෙසින් ඉහතින් සඳහන් කළේද එකරුණමය. ඉවසිල්ලෙන් කියවන විට ඒ කට හඬ රසිකයෙකුට ඇසේ.
මහාචාර්ය සරත් විජේසූරිය