Your cart is empty now.
සාහිත්‍ය පිළිබඳ නොබෙල් තනගලාභි නජිබ් මෆුගේ පොහොසත් වර්ණිත කතා කීමේ කලාව 'මිඩාක් පටුමඟ' නවකතාවේ තරම් දෘශ්‍යමාන වන ඔහුගේ වෙනත් කෘතියක් නොමැති තරම් ය. මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමගක ජීවත් වූ නිවැසියන්ගේ ජිවත පුවත වටා කේන්ද්‍රණය වී ඇත. සයිටා නම් වූ ආබාධිතයන් තනන්නාගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද්‍රව්‍ය වලට ඇලුම් කළ ක්‍රිශ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති ගිජු බව ආදරය යැයි වරදවා වටහාගත් අබාස් නම් වූ බාබර් ද, පටුමගෙන් බැහැරව සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ ආඔශාවෙන් තම ආත්මය විකුණූ භමීඩා නම් සුරූපී තරුණිය ද ඇතුළුව මෙහි එන සියලු චරිත පැහැදිලි ලෙසම, එවකට එනම් දෙවෙනි ලෝක යුදසමයේ කයිරෝවල පැවති ආත්මීය හදගැස්ම විදහා දක්වති. කෙනෙකු මෙය කියවා කාලයකට පසුව වුව ද, මේ චරිත ඔහුගේ සිත තුළ රැඳී පවතින්නේ නැවුම් ආකාරයක සුවඳ ඔහුගේ සිත තුළ රැඳී පවතින්නා සේ ය. මේ නවකතාවෙහි ගැබ්වන කරුණු වල ඇති විශ්වීයත්වය හා අකාලිකත්වය කිසිවකුටත් බැහැර කළ නොහැක.