Your cart is empty now.
ප්‍රබන්ධ සාහිත්‍යය කෘතියක් නිර්මාණය කිරීම කොහෙත්ම පහසු කටයුත්තක් නොවේ. සල්මන් රණ්ඩි පවසන්නේ එය දරුවෙකු ප්‍රසූත කරන්නාක් තරම් අසීරු කටයුත්තක් බවය. එම වේදනාවන් ද්විත්වයම සමානදැයි ලේඛිකාවකගෙන් විමසන ලෙස රණ්ඩි වරක් පවසයි. 2022 වසරේදී අන්තර්ජාතික බුකර් සම්මානයෙන් පිදුමම්ලත් ඉන්දියානු ලේඛිකා ගීතාංජලී ශ්‍රී පවසන්නේ නවකතාවක් ලිවීම හරියට ප්‍රසූත කිරීමට නියමිත කාලය පසුවී ඇතත් තවමත් ප්‍රසූත නොකළ දරුවෙකු දරා ඉන්නවා වැනි වේදනාවක් බවය. කාලයක් පුරා ප්‍රබන්ධ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අප විසින් ගුරුකොට ගත් විවිධ ලේඛකයන්ගේ අදහස් වරින් වර පරිවර්තනය කෙරුණේ අපගේ අධ්‍යයනය සඳහාම වුවත්, එය අනෙක් සියලුම දෙනා සඳහා ලබාදිය යුතුය යන අදහස වරින්වර අප සිත්හි ජනිත වූවකි. නවකතාවේ ආඛ්‍යානික
රටා නම් මෙම කෘතිය බිහිවන්නේ එලෙසය. ප්‍රබන්ධය යනු සැබවින්ම කුමක්ද? යථාර්ථය සහ ප්‍රබන්ධය අතර රේඛාව කුමක්ද?
නවකතාවක ආඛ්‍යාතය ගොඩනැගෙන්නේ කෙසේද? නවකතාව සැබවින්ම ලියන්නේ ලේඛකයාද? ප්‍රබන්ධ ලෝකය සහ යථාර්ථ ලෝකය වෙන්කරගන්නේ කෙසේද ? එක් එක් ලේඛකයාට අදාළ ආඛ්‍යානික ශෛලිය, රටාව හැඩ ගැසී ඇත්තේ කෙසේද? ආදි වශයෙන් විවිධ ප්‍රශ්න රාශියකට පිළිතුරු ලබාදෙන ලෝක මට්ටමේ ලේඛක ලේඛිකාවන් 17 දෙනෙකුගේ සම්මුඛ සාකච්ජා මෙම කෘතියට ඇතුළත්ය.