Your cart is empty now.
නූතන එංගලන්තයේ පරිකල්පිත සමාජයක හැදී වැඩෙන සිසුන් කණ්ඩායමක ජීවන අත්දැකීම් ඇසුරින් කසුඔ ඉෂිගුරො විසින් රචිත 'නොගිලිහෙන්න' මෑතකාලීනව බොහෝ සේ පිළිගැනීමට ලක් වූ මෑන් බුකර් සම්මානය සඳහා කෙටි ලැයිස්තු ගත වූ නිර්මාණයකි. අවුරුදු තිස් එකක් වන කැති, හෙයිෂම් පාසලේ ගත කළ සිය සුන්දර ළමා කාලය හා පුළුල් ලෝකය තුළ කෙදිනක හෝ ඇයට හා මිතුරු මිතුරියන්ට මුහුණපෑමට සිදුවන ඉරණම වටහා ගැනීමට කරන උත්සාහය විවරණය කර ඇති ' නොගිලිහෙන්න' ආදරය, මිත්රත්වය, මතකයන් හා ජිවිතයේ ඇති බිඳෙනසුලු බව පිළිබඳ කතා පුවතකි.