Your cart is empty now.
1960 ගණන්වල නයිජීරියාවේ ජීවත් වන තිදෙනෙකුගේ ජීවන මං පෙත් එකිනෙක කැපෙමින් ගමන් කරයි. උල්වු ඉන් කෙනෙකි; ඔහු විශ්ව විද්යාල කථිකාචාර්යවරකුගේ නිවසේ ගෘහ සේවක කොලුවා ය. ඔලොන්නා, දෙමාපියන් දුන් සැප සම්පතින් සපිරි ජීවිතය හැරදමා සිය ආකර්ෂණීය පෙම්වතා වන විශ්ව විද්යාල කථිකාචාර්යවරයා සමඟ ජීවත් වන්නී ය. කුලෑටි ඉංග්රීසි ජාතිකයකු වන රිචඩ්, අවබෝධයට දුෂ්කර වූ ඔලානාගේ නිවුන් සොහොයුරියට වහවැටී සිටියි.
1967 දී ඇරඹෙන නයිජීරියානු සිවිල් යුද්ධයේ බියකරු අඳුරු යුගය මොවුන්ගේ ජිවිත නිර්දය පරීක්ෂාවකට ලක් කරයි, ඔවුන් එකිනෙකා කෙරෙහි තබා ඇති විශ්වාසය බරපතළ ලෙස ප්රශ්න කරනු ලබයි. යුද්ධය, ඔවුන් එකිනෙකාගෙන් ඉවතට වීසි කර දමා, යළි එකිනෙකා හමුවට ඇදගෙන එනු ලබන්නේ කිසිවකුට සිතාගැනීමට පවා නොහැකි ආකාරයෙනි.