Your cart is empty now.
මේ වනාහි ප්‍රසිද්ධියේ පිළිකුල් කරනු ලබන්නා වූ ද අප්රසිද්ධියේ වැලඳගනු ලබන්නා වූ ද සමාජ පිළිලයක් ලෙස සලකනු ලබන්නා වූ ද ප්රජාවකගෙන් එක් අයකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයයි. ඔබට ගණිකාව, වෛශ්‍යාව, වීදී ලිය, පුරඟන යනාදී වශයෙන් පටන්ගෙන ග්‍රාම්‍ය වදන් දක්වා වන කවර ආමන්ත්‍රනයකින් වුව ඇය හැඳින්විය හැකි ය. ගර්හා කළ හැකි ය. එහෙත් ඔබට ඇය තේරුම් ගත හැකි ද? නාලිනි ජමීලා නම් කේරළ පුරඟන ඔබෙන්
අසනා ප්රශ්නය එයයි.