Your cart is empty now.
වසර දෙදාහ ලබද්දී, පසුගිය සියවසේ බිහි වු විශිෂ්ටතම ප්‍රබන්ධ ຫາ ຜຜີ 4, 2000 Millennium Children's Book award for CHARLIE AND THE CHOCOLATE FACTORY ຫວ සහ වෙනත් සම්මාන රාශියකින් පුද ලද. වැඩිහිටියන්ට ළමා කතා ලියන්නා යන සොඳුරු නම්බුනාමය හිමි කරගත් Roald Dahl දරුවන්ට ද රස විඳිය හැකි සේ වැඩිහිටියන්ට ලියූ " කෙටිකතා එකතුවයි මේ...
සතුන් සමඟ කතා කරන්නට හැකි ළමයා හමුවන්න..... එහෙම පිටින් ම දෑස් වසාගෙන පොත් කියවන්නා, ඉලක්කයට වෙඩි තියන්නා, යෝගී ඉම්රට් ඛාන් මුනගැහෙන්න..... එංගලන්තයේ හමු වු විශාල ම රෝමානු නිධානය ගැන කතාව අහගන්න.... මම? මම ඇගිලි ශිල්පියෙක්, මම වෘත්තීයමය ඇඟිලි ශිල්පියෙක්, ප්‍රොෆෙෂනල් ෆින්ගස්මිත්, යැයි කියාගන්නා අසාමාන්‍ය ගැටකපන්නාගේ දස්කම් දැකගන්න...
අවුරුදු දහඅට ලබද්දීත් තේරුමක් ඇති එකම වාක්‍යයක් වත් ලියා ගන්නට බැරි මෝඩ කොල්ලෙකැයි තම පාසැල් වාර්තා පොත්වල සෑම වසරක ම ලියවාගත් ඩාල්, ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය ලේඛකයා බවට පත්වූ අයුරු ඔහුගේ වදනින් ම කියවා බලන්න...
තව තවත් වස්තුව රැස්කරන්නට තන්හාවෙන් පෙළුණු කෝටිපති හෙන්රි සුග(ර්) පියවි ඇසින් නොබලා සියල්ල දකින ඉම්රට් ඛාන්ගේ යෝග භාවනා ඉගෙන ගත් පසු සුදු වලින් මිලියන ගණන් සොයමින් ජීවිතය වෙනස් කරගත් අයුරු ඔබ පුදුමයට පත් කරනු ඇති....
අති ශූර කතා කියන්නා, රෝල් ඩාල් සමඟ ඔබ ගත කරන කාලය තුළදී ඔබ මනෝ ලෝකයෙන් මිදී පියවි ලෝකයට ඇතුල් වන්නේ කොතැනදී දැයි සොයා ගන්නට නොහැකිව අමන්දානන්දයට පත්වනු ඇති...