Your cart is empty now.
හාස්යය මැවීමට තමා තුළ වූ අසාමාන්ය ප්රතිභාව මෙන්ම, ජීවිතයේ ආලෝකවත් කලාපයන් හා අඳුරු අහුමුලු පිළිබඳව වූ පුළුල් අවබෝධයද හේතුවෙන් ඔහු, අන්ත කටුක දිවි පෙවෙතකින් මතුව, විශ්ව සිනමාවේ සදාකාලික සිහිවටන බවට පත් අගනා
සිනමා නිර්මාණ පෙළක් සමගින් ලොව ආක්රමණය කළේය. ඔහුගේ අමරණිය නිර්මාණයක් වූ පාදඩයා' හාස්යය සමඟ ශෝකයද එකට මුහුකර ප්රේක්ෂකයාට අනුනට පමණක් නොව. තමා දෙසටද හැරී සිනාවෙන්නට ඉගැන්නුවේය. ඒ අතරේ ඔහු
හාස්යෝත්පාදක නිර්මාණ හරහා විශ්ව සිනමාවේ අනභිභවනීය චරිතයක් බවට ද පත් වූවේය. ඔහුගේ දිවි සැරිය යනු මනහර සිත්තමකි. මියුරු කාව්යයකි. ගැටුම් පිරි නාට්යයකි. එහෙයින්ම, ඔහුගේ චරිතාපදානය මග නොහැර කියවිය යුතු විශිෂ්ට කෘතියකි.
අප රටේ ප්රකට සිනමාවේදී ෂෙල්ටන් පයාගල, චැප්ලින් හැඳින් වූයේ විසිවැනි සියවසේ විස්මය යනුවෙනි. සැබැවින්ම චැප්ලින් පිළිබඳව කළ හැකි ඉතාම පුළුල් එමෙන්ම, කෙටීම නිර්වචනයද එයයි.