Rs 1,100.00
Vendor: Subhavi
Type: Translations
Availability: 10 left in stock

බානු මුෂ්ටාත් ' හද පහන කෘතියෙන් දකුණු ඉන්දියාවේ මුස්ලිම් ප්රජාවන්හි කාන්තාවන්ගේ සහ ගැහැනු ළමුන්ගේ එදිනෙදා ජීවිතය විශිෂ්ට ලෙස ග්රහණය කරගනී. 1990 සහ 2023 අතර කාලයේ මුලින්ම කන්නඩ භාෂාවෙන් ප්රකාශයට පත් කරන ලද මේ කතා වල අන්තර්ගත කර්කශ හා සෞම්ය හාස්යය...

  • Name : Handa Pahana - හද පහන
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2025 / 12 / 25
Categories:

Guaranteed safe checkout

Handa Pahana - හද පහන
- +

බානු මුෂ්ටාත් ' හද පහන කෘතියෙන් දකුණු ඉන්දියාවේ මුස්ලිම් ප්රජාවන්හි කාන්තාවන්ගේ සහ ගැහැනු ළමුන්ගේ එදිනෙදා ජීවිතය විශිෂ්ට ලෙස ග්රහණය කරගනී. 1990 සහ 2023 අතර කාලයේ මුලින්ම කන්නඩ භාෂාවෙන් ප්රකාශයට පත් කරන ලද මේ කතා වල අන්තර්ගත කර්කශ හා සෞම්ය හාස්යය නිසා ඒවා දැඩි සම්භාවනාවට පාත්ර වුණි. පවුල් සහ පූජාවන් තුළ පවතින ආතතීන් මූර්තිමත් කෙරෙන එම කතා මුෂ්ටාක් මාධ්යවේදිනියක සහ නීතිඥවරියක ලෙස කටයුතු කළ කාලය පුරා ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වෙහෙස නොබලා පෙනී සිට ජයග්රහණ අත්පත් කර දෙමින්, සියලු ආකාරයේ කුල හා ආගමික පීඩනයන්ට විරෝධය පළ කළ අයුරු සාක්ෂි සහිතව ගෙනහැර දක්වයි. හාස්යාත්පාදනය, සජීවී බව, කතා ව්යවහාරානුගත බව, කම්පනය කරමින් හංවඩු ගසන සුලු බව එකවිට නිරූපණය කරන ශෛලියකින් ඇය තම චරිත පණපොවයි -ගිනිපුපුරු වැනි දරුවන්, නිර්භීත ආච්චි අම්මලා, බහුබූත මවුවරුන්, මැර සොහෝයුරන්, බොහෝ විට අසරණ ස්වාමි පුරුෂයන් සහ සියල්ලන්ටම වඩා මහත් වන්දියක් ගෙවමින් තම හැඟීම් නොනැසී පවත්වා ගන්නා මව්වරුන් ගැන ලියන මුෂ්ටාක් විස්මයජනක ලේඛිකාවක සහ මිනිස් ස්වභාවය නිරික්ෂණය කරන්තියක ලෙස ඉස්මතු වෙයි. ඇගේ කෘතිය ඉන්දියාවේ ගතානුගතික පාර්ශ්වයන්ගෙන් මෙන්ම කීර්තිමත් සාහිත්ය සම්මාන වලින් ද අපවාදයන්ට ලක්ව ඇත. මෙය වසර ගණනාවක් පුරා පාඨකයන්ගේ නොමද අවධානය දිනා ගන්නා කෘතියක් බවට පත්වනු නොඅනුමානය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid