Your cart is empty now.
රන් රෝස නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලික අංග ප්රත්යංගයක් ගැනම පාහේ සාකච්ඡා කරයි. අත්දැකීම් ලබා ගන්නා ආකාරය, නිර්මාණාවේශ, චරිත ගොඩ නැංවීම, නිර්මාණ කරණයෙහිලා භාෂාව හැසිරවීම, පරිකල්පනය හා අන්තර්ගතයට අනුරූපීව ආකෘතිය හැඩ ගැස්වීම ආදී හැම වැදගත් ලක්ෂණයක්ම මෙහි විස්තර වෙයි.
පවුස්තොව්ස්කි මේ සියලු ගුණාංග විස්තර කරනුයේ පාඨකයා වෙත ඉතා රමණීය කතා පුවතක් ඉතිරිපත් කරන ආකාරයෙනි. කතුවරයා පාඨක අත සුහදව ගෙන, මග දෙස අනේක විධ වූ සුන්දර දැකුම් ඔහු වෙතදක්වමින්, එකී සුන්රත්වයෙන් ඔහු වශී කරවමින්, පාඨක බුද්ධිය නොපාරා ඔහු හදවත අමතමින්, නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මං පෙත් ඔස්සේ ආස්වාදජනක වූ ද දීර්ඝ වූ ද ගමනක යෙදෙයි.