Your cart is empty now.
ඇන්ටික් කඩේක මරණයක් නාට්‍යයෙහි තේමාත්මක තලය තුළ මා දකින වඩාත් අර්ථවත් මානය ඇත්තේ ඊඩිපස් ත්‍රිකෝණය තුළ ඇති පුද්ගල සංකීර්ණතාවේ නොවේ. මා එය දකින්නේ ඊඩිපස් ත්‍රිකෝණයෙහි මව සංකේතමය මවක ලෙස අපගේ සාමූහික ජීවිතය වෙත ප්රක්ෂේපණය කිරීමට මෙම නාට්‍යයෙහි ඇති විභවතාව වෙතය. නාට්‍යයෙහි වේදිකාව අරා සිටින ප්‍රධානතම දෘශ්‍ය වස්තු වන අප ආඩම්බරයෙන් සලකන කෞතුක වස්තු අප සලකන්නේ අර සංකේතමය මවගේ ශේෂ ලෙසය.
~ මහාචාර්ය ලියනගේ අමරකීර්ති