Your cart is empty now.
කොන්ස්තන්තින් පවුස්තොව්ස්කි උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප්රතිභා සම්පන්න සෝවියට් ලේඛකයෙකි. ඔහු සිය නිර්මාණ තුළ, හැම විපටෙකට පාහේ මානව හිතවාදයට සහ භාවමය සංකල්පනාවන්ට මුල් තැනක් දුන්නේය. සිය නිර්මාණ හරහා ගැමි ජීවිතයේ සුන්දරත්වය ළොවට කියා දුන් පවුස්තොව්ස්කි මානව හැඟීම් සියුම් ලෙස විස්තර කිරීමට රුසියෙකි. ඔහුගේ කෙටිකතා තුළ සුරගන කතා විලාසයක් අන්තර්ගත වුවද ඒ හරහා ඔබට ලබාදෙන අත්දැකීම් කිසිදා අමතක නොවනු ඇත.