Your cart is empty now.
මොසාඩය ප්රථම වතාවට වික්ටර් ඔස්ත්රෝවස්හි කැඳවුයේ කීඩෝන් නමැති ඔවුන්ගේ ඝාතක කණ්ඩායමට බඳවා ගැනීමට ය. ඔහු එය ප්රතික්ෂේප කළේය.
දෙවනුව කැදවූ අවස්ථාවේ දී, තුන් අවුරුදු බාරරෑරුම් පුහුණු පාඨමාලාවකට ඇතුළත් වී පුරා වෘත්ත ගත ඊශ්රායල රහස් ඔත්තු සේවයේ කසාවරයෙකු හෙවත් ඔත්තු සේවා බුද්ධි නිලධාරියකු (intelligence case officer) බව පත්වීමට ඔහු කැමැති විය.By Way of Deception වූ කලී මොසාඩ් සංවිධානය තුළ ඔහු ලද පුපුරායනසුලු අත්දැකීම් සමුදායේ කතාව මෙන්ම ලෝකය පුරා ඔවුන් සිදුකළ රහසිගත නිර්දය ක්රියාකාරකම් හා සටන් පිළිබඳව අවුරුදු දෙකක කතාන්දරයයි. එය මොසාඩ් උපාය උපක්රම පිළිබදව ගැඹුරට විහිවද ගිය අභ්යන්තර සාමාජිකයකුගේ හෙළිදරව්වකි.
ශ්රී ලංකාවේ මෑත ඉතිහාසයේ එක්තරා යුගයක අපගේ දේශපාලන සහ ආර්ථික ගමන් මග සදහටම වෙනස් කිරීම සඳහා මොසාඩ් සංවිධානය කෙතරම් බලපෑම්සහගත කාර්යභාරයක් ඉටු කළේ ද යන්න පිළිබදව ද මෙහි දී වික්ටර් ඔස්ත්රොවිස්කි පැහැදිලි කරයි. එනයින් මෙම ග්රන්ථය. අප මේ වන විට දැන සිටින මෙන්ම අපට උගන්වනු ලැබ තිබෙන ඉතිහාසයේ කොටසක් නිර්දය ලෙස වෙනස් කරයි.