Your cart is empty now.
අම්මයි මමයි ගමයි කතාවෙහි ඇත්තේ නෙඩාර් ව්ලැඩිමිරෝවිච් දුම්බාන්ඩ්සේගේම ජීවිත කතාව බව කියැවේ. මව්පියන් රහිත කුඩා අනාථ දරුවෙක් සිය අත්තම්මාගේත් අසල්වැසි චාම් ගැමියන් දෙදෙනකුගේත් රැකවරණය මැද ඇති දැඩි වන අයුරුත්, දෙවන ලෝක යුද සමයේ ජෝර්ජියාවේ ඈත ගම්වල මිනිසුන්ගේ ජීවිතගෙවී ගිය අසීරුව ගැනත් මේ කෘතියේ කියැවෙයි. කොතෙක් දුෂ්කරතා පැවති ද නිරන්තරව තමාගේ වටාපිටාවට ආදරය කරන ජීවිතය දෙස සුභවාදීව බලන තරුණයෙක් මෙහිදී අපට හමුවෙයි. මේ හමුවන අත්තම්මා, සංස්කෘතිකමය හැඩතලයන් ඉවත්කොට බැලූ කල, අපේ ගැමි අත්තම්මාගේම ආත්මීය සෙවණැල්ලකැයි අපට සිතේ. හාස්යය මුසු කරවමින් ලියා ඇති හෙයින් මේ කෘතිය එක දිගට කියවාගෙන යෑමට පෙලඹවීමක් ඇති කරයි.