Your cart is empty now.
මානව සබඳතා, සාරධර්ම, පරිසරය සෝදාපාළුවට ඇද දමමින් අඳුරු, අවිනිශ්චිත වර්තමානයකට මඟ පෑදූ දේශයක... පාලන බලය සඳහා වපුරන ලද බේගල් නමැති බීජ පිළිබඳ කථාන්දරය මෙහි විකාශනය වේ; සිවු සැත්තෑවසක නූතන ඉතිහාසයේ ජීවමාන කැඩපතක දසුන ඉන් විද්‍යාමාන වේ.
විශේෂයෙන් මෑත ඉතිහාසය හා බැඳුනු රටේ අනාගතආයෝජනය වූ තරුණ පරපුර තෙවරක් [දකුණේ 1971, 1988-1989, සහ උතුරේ 1976 සිට 2009 දක්වා ) ලක්ෂ ගණනින් ඝාතනය වීම පිළිබඳ විවිධ වර්ණ උපැස් යුවලවල් පලන්දා අසූවේ - අනූවේ සහශ්‍ර දශකයන්හි ජන්මය ලැබූ වත්මන් තරුණ පරපුරට පෙන්වන විකෘතිය පිළිබඳ සැබෑ දෘෂ්ටිය ලබා ගැනීමට මෙම වාක්‍ය එකතුව ඉවහල්වනු ඇතැයි ප්‍රාර්ථනය කරමි.
වලාකුළුආරච්චි ගුණරත්න