Your cart is empty now.
සිංහල සාහිත්ය ක්ෂේත්රයෙහි නිර්මාණාත්මකතාව, විචාරාත්මකතාව සාර්වල්යතාව සහ නව්යතාව යන ලේඛකයකු සතු විය යුතු සිව් මහා ගුණාංගයන්ගෙන් පෝෂිතඅග්රගණ්ය ලේඛකයෙකු වන, අධිනීතිඥ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ නවතම කෘතිය වන දේශ දේශාන්තරයෙහි ඔහු ලියූ. තුන්සියය ඉක්මවන කෘතීන් අතරට එක්ව තිබීම, පාඨක ජනයාගේ අමන්දානන්දයට හේතු වනු නොඅනුමානය.
" විශිෂ්ටයන්ගේ ආශ්රය තවත් විශිෂ්ටයකු බිහි වීමට හේතු වෙතැ" යි, වරෙක භාරතීය ජනාධිපතිව සිටි සර්වපල්ලි රාධක්රිෂ්ණතුමන් කළ ප්රකාශය මේ කෘතිය කියවීමේදී එක් වරම මගේ සිහියට නැගුණි.
"දේශ දේශාන්තරයෙහි " විශිෂ්ටයන් එක්තැන් වුණු ජාත්යන්තර සාහිත්ය සම්මේලනයන් හිදී තමන් ලත් අත්දැකීම් විවරණය කරමිනුත්, ඒ ඒ තන්හිදී තම සහභාගිත්වය කෙබඳු වී දැයි පළ කරමිනුත්, ලියා ඇති මෙම කෘතිය 'චාරිකා සටහන්' ස්වරූපය ගන්නේ වී නමුදු, අප මෙතෙක් කියවා ඇති නොයෙක් චාරිකා සටහන් අබ්බවමින් පාඨක ජනයාට බොහෝ අත්දැකීම්, දැනුම් හා වින්දනයන් ලබා දෙන බව විශේෂත්වයක් වෙයි.
ආචාර්ය අබේසිංහයන් මෙතෙක් සාහිත්යය විෂයයෙහි ලත් සම්මාන, බුහුමන්, ප්රශංසා තව තවත් ඔපවත් කෙරෙන කෘතියක් ලෙස මෙය හඳුන්වනු කැමැත්තෙමි.
සිරිසේන විතානගේ