Your cart is empty now.
ජපානයේ සුප්රකට ළමා පින්තූර කතා කතුවරයකු වූ ෆුනකි යොපි කෝගේ "මින්නද ඔබෙන්නෝ' නමැති පින්තූර කතාවේ සිංහල පරිවර්තනයයි මේ. ගුරු සේවයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති, එසේ ම ළමා සාහිත්ය කටයුතු වල නිරත පළපුරුදු ලේඛිකාවක වන මේසා හෙට්ටිආරච්චි මහත්මිය විසින් මේ ජපන් ළමා සතාව එකමුතු නැංචෝ' යන සුදුසු නමින් පරිවර්තනය කර ඇත.
මුල් ජපන් කෘතියේ භාෂාවටත් වඩා රිද්මයානුකූල භාෂාවක් යොදාගනිමින් ළමා මනසට කාවදින ලක්ෂණයන්ගෙන් යුතු වී මේ කෘතිය සිංහල පාඨකයන්ට හඳුන්වා දීමට පරිවර්තිකාව මහන්සි ගෙන ඇත.
කතාවේ හරය වන එකමුතුකම, නිර්මාණ ශීලි ව ගොඩනගන්නේ කෙසේ ද යන තේමාව අපේ දරු දැරියන්ට පමණක් නොව. වැඩිහිටියන්ට ද මහත් ආදර්ශයක් හා ආස්වාදයක් වනු ඇත. රටට ම වැදගත් හරයක් ළමා කතා මඟින් හඳුන්වා දීමට මේසා හෙට්ටිආරච්චි මහත්මිය ගත් උත්සාහය අපි අගය කරමු.