Your cart is empty now.
මෙම කෘතියේ අන්තර්ගතය කතුවර්ය සංචාරයෙන් ලද ආස්වාදය සහ වින්දනයට පමණක් සීමා කර නැත. මෙහි නූතන සහ පුරාණ භාරතයේ සමාජ ආර්ථීක. දේශපාලන හා ඓතිහාසික තොරතුරු ද විශ්ලේෂණය කර ඇත්තේ ඇය විසින් යෙදෙන ලද විදෙස් සංචාර අත්දැකීම් මෙන්ම රාජ්ය සේවයේ උසස් තනතුරුවල දීර්ඝ කාලයක් සේවය කර ලබා ගත් පරිචය ද උපයෝගී කර ගනිමිනි. යුග කිහිපයක ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය. සභ්යත්වය සහ ආගම් පිළිබඳව ද කරුණ සම්පිණ්ඩනය කර තිබෙන ආකාරය සිත් ගන්නා සුළුය. පාඨකයාගේ රසාලිප්ත හැඟීම් පුබුදුවන පරිදි විචිත්ර ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට හැකි රසඥතාවයත් කුසලතාවන් කතුවරිය සතුව තිබෙන බව මින් පැහැදිලි වේ.