Your cart is empty now.
අප්රිකානු වහලුන්ගෙන් පැවත එන මිලියන සංඛ්යාත බ්රසීලියානු පරම්පරාවෙන්, තම ජීවිතය ගැන ලියා පළ කර ඇත්තේ කැරොලිනා මරියා ඩි ජීසස් නම් ඇය පමණි. ඇය සිය දිනපොත් සටහන් පුවත්පතක කොටස් වශයෙන් පළ කර පසුව පොතක් වශයෙන් ප්රකාශයට පත් කළා ය. ඇය නාගරික මුඩුක්කු පැල්පත් නගරයක (ෆවේලා) තම දරුවන් ඇතිදැඩි කිරීමට නගරයේ වීදිවල කුණුකසළ සොයමින් ජීවිතය සමඟ පොරබදමින් ජීවත් වූ ලෙසම අප්රකටව මිය ගියා ය.