Your cart is empty now.
එය සිදු වූයේ බොහොම කලකට පෙරදීය. එහෙත් තවමත් එය මේ දැන් සිදුවූවාක් මෙනි. රන්වත් නැදුනේ තුරුපත් මතරාස්සිගේ අව්ව පැතිරුණු මොහොතක ඇළ ඉහත්තාවෙන් මෙගොඩට, දෙණි බඩ වැටි කුඹුරු පසු කරමින් අපි අපේ ගෙවල් මණ්ඩිය දෙසට ඇවිද ආවෙමු. ඉතිං අවසානයේ එවන් විනම්බැසියක් බලාපොරොත්තු වූයේ කවුරුන් ද? කොහොම වෙතත් මට ඒ කතාව ඔබට කිව යුතුම ය. ඉතින් ඔබ එය දැනගත යුතුම ය. එය අත් අල්ලාගෙන කැලෑ මණ්ඩිවල ඇවිදගිය දැරියන් දෙදෙනකු ගැනම පමණක් නොවේ. තවත් බොහෝ අය ඒ කතාවේ දී ඔබට හමුවනු ඇත.