Your cart is empty now.
හිට්ලර්ගේ හමුදා විසින් 1940 මැද භාගයේ පැරිස් නුවර අල්ලා ගන්නා ලදී.
එසමයේ එ නුවර විසූ යුදෙව්වන්ට අත්වූ ඉරණම ඛේදයකි.
පැරීසියේ විසූ සංක්රමණික යුදෙව් පවුලක සතළොස් හැවිරිදි දියණිය ඩෝරා 1941 දෙසැම්බර් මස අතුරුදන් වන්නී ය.
ඒ පිළිබඳ එසමයේ පුවත්පතක පළ වූ කෙටි පුවතක් පරණ පත්තර කැබැල්ලක තිබී 1965 වසරේ දිනක කියවන තරුණයෙක් ඇයට සිදු වුයේ කුමක්දැ' යි විමර්ශනයක යෙදෙයි. ඊට ඔහුට තිස් වසරකට අධික කාලයක් ගත වෙයි.
මේ කතන්දරය අපට කියන නම නොදන්නා කථකයා ඉපදි ඇත්තේ යුද්ධය අවසන් වූ පසුව ය.
එබැවින් මේ කෙටි නවකතාව එසමයේ අත් ත්දැකීම් ඇසුරින් නිර්මිත වූවක් නොවේ. එහෙත් ඔහු එය ඉදිරිපත් කරන්නේ අතීත වෘතයක් ලෙසින් නොවේ.