Your cart is empty now.
දර්ශනය වැනි විෂයක අන්තර්ගත සංකීර්ණතාව සහ දුරවබෝධ බව එය පොදු සමාජයෙන් බොහෝ දුරස්ථව පැවතීමට ප්රධාන වශයෙන් බලපා තිබේ. මෙම කෘතියෙහි අරමුණ වන්නේ එකී දුරස්ථ බව අවම කිරීම වේ. ඒ අනුව, මෙහිදී නූතන ලෝකය (ක්රි.ව. 1900-1950) සහ සමකාලීන ලෝකය (ක්රි.ව. 1950 සිට වර්තමානය) නියෝජනය කරන දාර්ශනිකයන් පනස් දෙදෙනෙකු විසින් ලොව හමුවේ තබන ලද ගැඹුරු සංකල්ප පාඨකයන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට සරලව ඉදිරිපත් කෙරේ.