Your cart is empty now.
කවෙන්ජු ගා කන්ද පාමුල ගරා වැටෙමින් පවත්නා හුදෙකලා නිවෙසක කටුක හදින් පසුවන විනිසුරකු දිවි ගෙවයි. ඔහුට අවශ්යව ඇති එකම දෙය වනුයේ යුක්තිය වියවුලක්ව පවත්නා සේ ඔහුට පෙනෙනා ලොවින් වෙන්ව පාඩුවේ විශ්රාම දිවියක් ගෙවීමට ය. ඔහුගේ අනාථ බවට පත් මිනිපිරිය එනම් සායි, ඔහු කරා පැමිණෙනි මේ අවස්ථාවෙහි ය. ග්රීන් කාඩ්පතක් හිමිකර ගැනීමේ අභිලාෂයෙන් වෙලී රළු අවත්හල් එකකින් තවෙකකට වශයෙන් නිව් යෝර්ක් නුවර පුරා පලින් පල මාරුවන සිය පුත්රයා වන බිජු ගැන කල්පනා කිරීමට සිදුව ඇත්තෙන් විනිසුරුගේ කෝකියා ඇය කෙරෙහි අවධානය යොමු නොකරයි.