Your cart is empty now.
තේ වත්ත මුදුනෙදී දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටි හැටියේ හයිය ගස්වල පවා මුදුන් හෙළවමින්, තද කොළ පාට කොළත් බීම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා.
නුරා ඒ හුළඟ ඇගේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා. රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට කපිල් හුළගේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.