Your cart is empty now.
1940 ගණන්වල සෝවියට් ජෝර්ජියානු සරසවි සිසු ජීවිතය විවරණය කරන නවකතාවකි මෙය. සමාජවාදයේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන්නන් නිසා යහපත් ලෝකයක් සොයා යන යෞව්වනය මුහුණ දෙන අඳුරුබර අත්දැකීම් මෙහි විස්තර වෙයි. එහෙත් යෞව්වනයට උරුම සුබවාදී බව ඒ කිසිවකින් මිය නොයන බවත්, ජීවිතය මොනයම් බාධා මැද වුව ද ඒ සියල්ල මැඬ ඉස්මතු වන බවත් මෙහි කතා නායකයා වන 'තෙයිමෝ' මඟින් දුම්බාන්ඩ්සේ කියා සිටියි. හාස්‍යය සෑහෙන පමණ කාවැද්දී ඇති නමුදු මෙම කෘතිය දේශපාලනය, කලාව සහ හෘදය සාක්ෂිය පිළිබඳ සුගම සංවාද වලින් පොහොසත් ය. මෙයට පෙර අප වෙතින් ප්‍රකාශයට පත් වූ අත්තම්මයි මමයි ගමයි ' කෘතිය මෙන් ම මෙය ද ඔහුගේ චරිතාපදානයට කිරිටු කතාවක් බව ඇතැමෙක් කියති.